UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව සිදු කරන කථික තරගය හා සිල් රෙදි පිරිනැමීම 8 – 9 දිනවල

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව සිදු කරන කථික තරගය හා සිල් රෙදි පිරිනැමීම 8 – 9 දිනවල

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (51) වැනි වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව මෙරවද සිදු කරන කථික තරගය හා සිල් රෙදි ප්‍රදානය කිරීම මෙම මස (08) හා (09) දෙදින තුළ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බුදුසරණ පුවත්පත හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහය ඇතිව මිහින්තලා මහා විද්‍යාලයේ දී (08) වන දින උදේ 08.30 සිට පවත්වන කථික තරගය ඡ්‍යොෂ්ඨ සහ කනිෂ්ඨ යන අංශ දෙක යටතේ සිදු කරයි.

මෙම බුදුසරණ කථික තරගය සඳහා උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහභාගි විය හැක. 06 වන වසරේ සිට 09 වන වසර දක්වා කනිෂ්ඨ අංශයත් 10 වන වසරේ සිට 13 වන වසර දක්වා ජ්‍යෙෂ්ඨ අංශයත් පවත්වයි.

ආගමික පසුබිමට අමතරව විවිධ ක්ෂේත්‍රවල ක්ෂණික මාතෘකා යටතේ පවත්වන කථික තරගයේ දී අංශ දෙකෙන්ම ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් දස දෙනා බැගින් තෝරා ගනු ලබයි.

එහිදී ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයට ඩී.ආර්. විජේවර්ධන සම්මානය හා කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයට බුදුසරණ සම්මානය ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් ප්‍රදානය කෙරේ.

මීට අමතරව ප්‍රථම ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා පිළිවෙළින් මුදලින් රුපියල් (10000), (7500), (5000) සහ සහතික පත්‍ර ද හතරවැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා (1000) හා සහතික පත්‍ර ප්‍රදානය කරනු ලබයි.

මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව දහම් පාසල් ශිෂ්‍යාවන් (1000)කට සිල් රෙදි බෙදා දීම (09) දින පෙරවරු 8.30 ට මිහින්තලා රජමහා විහාරයේ දී පැවැත්වීමට නියමිතය. මහාභාරකාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව මෙය සිදු කෙරේ.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]