UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු කථා පුවත් 12

විමාන වත්ථු කථා පුවත් 12

දිව්‍ය විමානයක් ලත් අන්‍යතර දෙවඟනකගේ කථා පුවත

තිලෝගුරු අප අමාමෑණි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි නිරන්තරයෙන් පංචශීලය ද පතිව්‍රතා ධර්මය ද ආරක්‍ෂා කළ උපාසිකාවක් ඒ නුවර වාසය කළා ය. ඇය තමන්ට හැකි අවස්ථාවලදී හැකි පමණින් දානාදි කුශල කර්මයන් ද කළා ය. සැවැත්නුවර පුරා ඇය ප්‍රසිද්ධ වූයේ ස්වාමිභක්තියෙන් අනූන යහපත් භාර්යාවක ලෙස ය.

අමුතු පිනක් නො කළ ද, දිවිය පුරා ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ ආනිසංස වශයෙන් ඇය මරණින් පසු තව්තිසා දෙව්ලොව උපත ලබා දිව්‍ය ඓශ්චර්යයෙන් ආඪ්‍යව පී‍්‍රතියෙන් කාලය ගත කළා ය. මුගලන් මහරහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කළ එක් අවස්ථාවකදී මේ දෙවඟන මුණ ගැසිණි. උන්වහන්සේ ඇගෙන් මෙසේ විචාළහ.

“පින්වත් දේව දියණියෙනි, මහාර්ඝ වූ දිව්‍ය විමාණයක් පහළවීම නිසා ඔබ මහත් පී‍්‍රතියෙන් සිටිනු පෙනේ. පරිවාර දිව්‍ය ස්ත්‍රීන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් ආශ්වාදනය කරමින් අනෙකුත් දෙවඟනන් අභිබවා සිටිනු ද පෙනේ. අසිරිමත් රූපශ්‍රීයයක් ද අප්‍රමාණ දිව්‍ය ඓශ්චර්යයක් ද ලැබීම සඳහා මනුෂ්‍ය ලෝකයේ දී ඔබ කවර නම් කුසල කර්මයක් කෙළෙහි ද”

උන්වහන්සේගේ ප්‍රශ්නය සමඟ අතීතාවර්ජනයෙහි යෙදුණු ඈ තුළ ඇති වූයේ මහත් පී‍්‍රතියකි. මිනිස් ලොව දී තමා ගත කළ ධර්මානුකූල ජීවිතයත්, එහි විපාක ලෙසින් තව්තිසා දිව්‍ය ලෝකයෙහි මහත් වූ සම්පත්තියත් ලත් ආකාරය ඇයට මෙනෙහි වූවා ය. ඒ සියල්ල තත් වූ පරිද්දෙන් ම මුගලන් තෙරුන් වහන්සේට ප්‍රකාශ කළා ය.

ඒ ඇසූ මුගලන් තෙරුන් වහන්සේ ද ඇයගේ ධර්මානුකූල දිවි පැවැත්මේ අගයත්, එවන් දිවිපෙවෙතකින් ලැබිය හැකි මහත් ආනිසංසත් අළලා රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ අතර මිනිස් ලොවට පැමිණීමෙන් පසු මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට ද සැළකර සිටියහ.

එය ම අර්ථෝත්පත්ති කරගනිමින් බුදුරජාණන් වහන්සේ විහාරයට රැස්ව සිටි සිව්වණක් පිරිසට ධර්ම දේශනා කළ සේක.


විමාන වත්ථු කථා පුවත් 11 පතිබ්බතා විමාන වත්ථුව පතිවත රැකීමේ ආනිසංසයෙන් දෙව් සැපත් ලත් දිව්‍යාංගනාව

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]