UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අව අටවක 2013 මැයි 31 වන දා

පිනට ලැදි සිත

 

සෑම මාසයකදීම පුර පසළොස්වක, අව අටවක,අමාවක සහ පුර අටවක වශයෙන් පොහොය දින සතරක් උදාවන බව බොදු ජනතාව දන්නා මූලික කරුණකි.

ඒ අනුව වෙසක්පුර පසළොස්වක පොහොය ගෙවීයත්ම උදාවන වෙසක් අව අටවක පොහොය යෙදී ඇත්තේ අද දිනයට ය.

වෙසෙසින්ම එම සතර පොහොය පිළිබඳව බොදුනුවා දැනුම්වත්ව සිටින බැවින් සතර පොහොය ගැන බොදුනුවාට කරුණු දැක්වීම අවශ්‍ය නොවන්නකි.

එදා මෙන්ම අදත්, එම සතර පොහොයටම දාන,ශීල,භාවනා ආදී විශේෂ පින්කම්වල බොදුනුවා නිරත වන අතර ම බොහෝ විහාරස්ථානවලදී ද පුර පසළොස්වක පොහොයදාට මෙන් ම හතර පොහොය දිනටම වෙසෙස් වූ ආගමික කටයුතු සිදු කරනු ලැබේ.

පුර පසළොස්වක පොහොයදාට නිරන්තරයෙන් විහාරස්ථානයේදී පැවැත්වෙන ආගමික කටයුතුවලට ශ්‍රද්ධාවෙන් ,ගෞරවයෙන් සහභාගි වන අයුරු සුලභව දැකිය හැකිවේ. ඇතැම් විට කාර්ය බහුල අවිවේකී ජීවිත ගත කරන ඇතැම් අයකුට එසේ සතර පොහොය දිනයන්හි ම ආගමික කටයුතුවලට සහභාගි වීමට නොහැකි වන බව රහසක් නොවේ.

කෙසේ වුවද බොදුනුවා සතර පොහොය පිළිබඳ දැනුම්වත්ව සිටින බව නොරහසකි.

ජීවිත ගමනේ දී දාන, ශීල, භාවනා ආදි වශයෙන් බොදුනුවා අප්‍රමාණ වූ පුණ්‍ය සම්භාරයක් කර ගැනීමට උනන්දු වනුයේ එම සතර පොහොයද අරමුණු කර ගෙන ය.

ජීවිත ගමන පවත්වා ගෙන යාමට ලෞකික සම්පත් අත්‍යාවශ්‍යය. එහෙත් බුද්ධිමත්, සැදැහැවත්, බොදුනුවා එම ලෞකික සම්පත් වින්දනය කරමින් ඒවා ලෝකෝත්තර සුවය සඳහා යොදා ගනු ලබන්නේද නැණවත් හෙයිනි.

පෙර භවයන්හිදී කරන ලද කර්මානුරූපව උපත ලබන අප මතු භවයන්හිදී දුකෙන් නිදහස්වීමට කුසල් දහම් රැස් කර ගත යුතුම වේ.

එසේ නොවුවහොත් මතුභවයන්හිදී විවිධ දුක්විඳීමට සිදු වනුයේ ද තම තමන්ට ම ය.

වෙසක් සමය උදාවන විට වෙසෙසින් මපටු වාද භේදාදියෙන් තොරව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් බුදුරජාණන් වහන්සේ පුදන්නට පෙරුම් පුරති.

වෙසක් පොහොය මෙන්ම ශ්‍රී ලාංකේය බොදු ජනතාව මහත් ගෞරවයෙන් අනුස්මරණය කරන ඓතිහාසික ආගමික දිනයක් තවත් දින කීපයකින් උදාවනු ඇත.

එනම් පොසොන් පුර පසළොස්වක පොහොය උදාවීමට ඇත්තේ තවත් දින කීපයකි.

පොසොන් පොහොය ද මෙරට ජනතාවට ඓතිහාසික ආගමික දිනයකි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස දඹදිව සිට හෙළදිවට වැඩම කළ අසිරිමත් දිනය පොසොන් පුර පසළොස්වක දිනයයි.

එදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන පිරිස මිහින්තලාවට වැඩම කළ ඒ ඓතිහාසික ස්වර්ණමය අවස්ථාව සිහිපත් කරන පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේදී සති ගණනක් සිට මහා පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම ඓතිහාසික මිහින්තලා පුදබිමේ සංවර්ධනය උදෙසාද කටයුතු රැසක් මාස කීපයක සිට සිදු කෙරෙමින් පවතී.

මිහින්තලා පුදබිමේදී දෙමහල් ධර්ම මන්දිරයක් ඉදිකිරීමටද සැලසුම් කර ඇත.

එබැවින් එබඳු දුර්ලභ පින්කම් මාලාවකට අත හිතදීමට අවස්ථාව ලැබීමද දුලභ කරුණක් විය හැකිය.

දානපති පරිත්‍යාගශීලින්ට ඊට දායක වී සසර ගමනේ අමතක නොවන පින්කම් සමුදායකට සම්බන්ධ වූවා යැයි මහත් සැනසීමක් ලද හැකි මහඟු අවස්ථාවක් උදාවී ඇත.

එබැවින් එබඳු උතුම් පින්කම්වලට ගත සිත මෙහෙයවා පරිත්‍යාගශීලිව දායකවීමට නෙත් සිත් යොමු කරමු.

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]