UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

අංක 722/1, නල්ලුරුව, පානදුර පදිංචි එම්. පී. අයේෂ් ධනුෂ්ක පීරිස් (අවුරුදු 20 ) නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඒ සඳහා “ බී” “පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් කැමැත්ත දක්වන ස්වාමීන් වහන්සේ නමක් හෝ වෙනත් අයෙකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 0773834075 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.


පන්නිපිටිය, ඇරැව්වල වීරෝධාර මාවත, අංක 507/ 3 හි අනිල් ජයලත් ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් හැකි ඉක්මනින් “ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් 071 – 0408666 දරන දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටිති. ප්‍රතිකාර සඳහා ද විශාල මුදලක් දැරීමට සිදුවන බැවින් ඔබගේ ආධාර ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ රෝගියාගේ නමින් ඇති 72322779 දරන ගිණුමට බැර කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.


පොළොන්නරුව, නෙළුම්විල, අංක 312/4 හි පදිංචි ඩී.එම්. රණසිංහ මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන්නෙකි. “ඕ” හෝ “එ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කරන ලෙස දැනුම් දී ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් සිටී නම් 077 4646500/0710464500 (නිර්මාල්) යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.


අංක 295/1, වල්පොල, රාගම පදිංචි තුෂානි ගුණසේන ( අවුරුදු 38 ) මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් “ර්‍ණ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළයුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශයයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාග ශීලියකු 011-2229070 හෝ 071 – 3471763 දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.


මාලඹේ, හම්බරව පාර, අංක 442/ඒ හි පදිංචි කේ. චාන්දනී දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. දැනට ඇය රුධිරය මාරු කරමින් නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඇය සුවපත් කර ගැනීම සඳහා “ඒ පොසිටිව්” (A +) වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ඒ සඳහා උපකාරයක් බලාපොරොත්තු වෙයි. වැඩි විස්තර 0112 788 424 දුරකථන අංකයෙන් විමසිය හැකි ය.


මතුගම ඉත්තෑපානේ පදිංචි එක්දරු මවක් වන එස් සිරිබද්ධන මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් උපකාර කරන ලෙස ඉල්ලා සිටියි. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාර මුදල් ද ඇය අපේක්‍ෂා කරයි. පානදුර සම්පත් බැංකුවේ ගිණුම් අංක 102654235750 දරන ගිණුමට මුදල් බැර කළ හැකියි. වැඩිවිස්තර 077 9059370 දරන දුරකථන අංකයෙන් විමසිය හැකිය.


දුම්මලසූරිය වතුවත්ත පදිංචි එච්.එම්. නෙතුකි අකින්සාගේ (අවුරුදු 02) උපතින්ම කන් නොඇසේ. අතර කතා කිරීමට නොහැකි ය. ඇයට කර්ණ සංඛ බද්ධ සැත්කමක් සිදුකළ යුතු බව නිර්දේශ කර ඇත. මෙම සැත්කම් උපකරණය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැයවේ. එම මුදල සොයා ගැනීම ඉතා අපහසු බැවින් ඔබගේ ආධාරය ලංකා බැංකුව දුම්මලසූරිය ශාඛාවේ ගිණුම් අංක 74640895 වෙත ලබා දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර 077 6588610, 077 2190663 දැනගත හැකි ය.


මිනු/නාලන්දා (පිරිමි) මධ්‍ය මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.ඒ. ඔමේෂ් කාවින්ද දරුවා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වකුගඩුවක් ද ඒ සඳහා මුදල් ආධාර ද අවශ්‍යව ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු 077 6065718 / 077 1399489 දුරකථන අංකයන් වෙත දන්වන ලෙස ඉල්ලා සිටී. ආධාරයන් කේ.ඒ.ඕ.කේ. කුරුප්පු, ගිණුම් අංක 74620856 රන් කැකුළු ගිණුම, ලංකා බැංකු ශාඛාව, මිනුවන්ගොඩ වෙත යොමු කළ හැක.


වැලිමඩ, පේරවැල්ල මහගල්වෙල පදිංචි ටී.ජී. ප්‍රේමරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මතයයි. මෙයට විශාල වියදමක් දැරීමට සිදුවන බැවින් සැත්කම සඳහා ආධාර ඉල්ලා සිටී. පරිත්‍යාගශීලි අය වේ නම් (පී.ඩී. සිරියලතා) වැලිමඩ, ලංකා බැංකු ශාඛාවේ අංක 73694018 දරන ගිණුමට මුදල් බැරකළ හැකිය.


මහනුවර, ජම්බුගහපිටිය, ගිරාකඩුව, අංක.38/1 පදිංචි විශ්‍රාමික පාසල් දන්ත චිකිත්සක, සෝමා රත්නායක මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඉක්මනින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇත.ඇයගේ ජීවිතය බේරා ගැනීමට “ඕ” (O) වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකුගේ 071 8377437 හෝ 0777 201509 අංකයට අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

අංක. 30, මුතුරාජ මාවත, මාබෝල, වත්තල පදිංචි මොහමඩ් සල්මන් කාන් දරුණු ‘ඒනියා’ රෝගයෙන් පෙලෙන බැවින් සුව කිරීමට ශල්‍ය කර්මයක් කළයුතු බවත් ඒ සඳහා රුපියල් ලක්‍ෂයක් වැයවන බව වෛද්‍ය නිර්දේශයයි.

ඉහත මුදල ගෙවන්නට වත්කමක් නොමැති බව ඔහුගේ පියා කියා සිටියි. එම්.එන්. අල්මුඩීන් නමින් ඇති වත්තල ශාඛාවේ කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8560025151 ට ඔබගේ ආධාර බැර කළ හැකියි. වැඩි විස්තර 072 3355702 න් විමසිය හැකියි.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]