UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 


සඟරුවන 260 නමක් මහනුවර දී පිණ්ඩපාතයේ
වැඩම කරති


ස්‍යාමෝපසම්පදාව පිහිටුවා වසර 260 ක් පිරීම නිමිත්තෙන් සියම් මහා නිකායේ මහ සගරුවන 260 නමක් මහනුවරදී පිණ්ඩපාතයේ වැඩම කළ අවස්ථාව සහ පිණ්ඩපාතයේ වැඩම කළ මහ ස¼ගරුවන වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් දානය පිළිගැන්වූ අවස්ථාව.
ඡායාරූප: සුනිල් ගුණවර්ධන, කුණ්ඩසාලේ සමූහ

නාකුළුගමුව ශ්‍රී සප්තබෝධි පුරාණ විහාරස්ථානයට චෛත්‍යරාජයාණන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය විශාල අඩුවක්ව තිබුණි. එම අවශ්‍යතාව සම්පූර්ණ කරමින් 2012 වසරේ දී ඉන්ද්‍ර කෞෂාල් රාජපක්‍ෂ මහතා සහ ශිරාණි රාජපක්‍ෂ මහත්මිය තම මව්පියන්ට පින් පතා මෙම සෑය ඉදිකරන ලදී.මෙම චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු මනාව සිදුකොට එහි කොත විවෘත කිරීම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ 306/බී2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති සිංහ පී. චන්ද්‍රසේකරන් සහ බියගම උතුර සිංහ සමාජයේ සභාපතිනී සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නිමල්කා පොත්තෙවෙල මහත්මිය අතින් ගම්වාසීන් විශාල පිරිසක් සමඟ විවෘත කැරිණ.

පාතදුම්බර නාපාන ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී මහින්ද දහම් පාසලේ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය එම විහාරස්ථානයේදී සිදුකෙරිණි. එහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමිපාණන් වහන්සේ අතින් දහම් පාසල් දැරියකට ත්‍යාග හා සහතික පත් පිරිනැමූ අයුරු - විහාරාධිපති වාරියපොල සීවලී හිමියන්ගේ මූලිකත්වයෙන් උත්සවය සංවිධානය කර තිබුණි. මහනුවර දිසා විශේෂ - ධම්මික බංඩාර

 
 

බක් මස අමාවක පෝය

බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25

Second Quarterඅව අටවක

මැයි 31


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]