UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2013 මැයි 09 වන දා

උදාර අදිටනක්

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 වෙසක් පුර පසළොස්වක පොහොය තවත් දින කීපයකින් උදා වේ. එසේ උදාවන වෙසක් පොහොය නිමිත්තෙන් ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවීමට සති,මාස, ගණනක සිට ලෝකවාසී බොදු ජනතාව සූදානම් වෙති. ඒ පිළිබඳව බක් අව අටවක පෝදා ද සඳහන් කරන ලදී.

කය,සිත,වචනය යන තිදොරෙහි සංවරය ජීවිතයක තවදුරටත් යහපත උදා කර වන්නකි. සම්බුදු දහම් මඟ අනුව දිවි ගෙවන බොහෝ දෙනා ජීවිතයේ වටිනාකම තේරුම් ගනිමින් හැම විට තිදොරෙහි සංවරය ඇති කර ගනී.

ඇතැම් අයකු තම ජීවිතයේ අනුස්මරණීය දිනයක් ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ආදී ඓතිහාසික ආගමික දිනයක දී හෝ ගත කිරීමට උත්සාහ කිරීම පවා අගය කළ යුතු වේ.

පොහොය දිනය ආගමික දිනයක් ලෙස ම කල්පනා කර ආගමික කටයුතුවල නිරතවීම බොදුනුවා සතු වගකීමකි. යුතුකමකි.

එසේ ආගමික කටයුතුවල නිරත වී තමා ආදර්ශ සම්පන්න අයකු ලෙස ජීවිත ගත කළ හැකි වෙතොත් ජීවිත ගමනේ බොහෝ අඩුපාඩු මගහරවා ගැනීමට එය ශක්තිමත් අඩිතාලමක් යොදා ගැනීමක් ද වේ.

මනුෂ්‍යයකු ලෙස උපත ලැබීමට කෙතරම් දුර්ලභදැයි බොදුනුවා වෙත පැහැදිලි කළ යුතු නොවේ. එවන් දුර්ලභ වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබා ගත් තැනැත්තා කෙසේ හෝ ජීවත්වීමට පමණක් උත්සාහ නොකළ යුතුය.

කාලයක් පුරා සසර ගමනේ යෙදෙන විට ඉමහත් වාසනාව නිසා ම මිනිස් ලොව උපත ලබා මිනිස් ලොව නමැති තාවකාලික ගිමන් හලෙහි ගමන් විඩාව දුරු කර ගැනීමට මෙන් සුළු කාලයක් ජීවත්වීමට අවස්ථාව උදා වේ.

එබැවින් මිනිස් ලොව උපත ලබා ඉතා කෙටි කාලයක් වාසය කිරීම ස්වභාවයයි.

එම කෙටි කාලය තුළ මේ භව ගමනේ අස්ථීර භාවය මෙනෙහි කරමින් ජීවිතය ගුණ දහමෙන් පෝෂණය කර ගත යුතු වේ.

අපමණ බුදු ගුණ සිහි කරමින් හැම දෙනා වෙත මෙන් සිත පැතිරවීමට උත්සාහ කිරීමත් මෙත් සිතෙන්, ජීවිතය තුළ පවතින අස්ථිර ස්වභාවයද මෙනෙහි කරමින් ජීවිතය කවදා හෝ මරණයෙන් අවසන් වන බව සිහිපත් කිරීමටත් කල්පනාවට ගත යුත්තකි.

ඒ බව පෝදාට පමණක් නොව, ජීවිතය පවතින තුරා සිහිපත් කළ හැකි මනුෂ්‍යයකු වෙතොත් සැබැවින් ම එබදු මනුෂ්‍යයාගේ ජීවිතය අර්ථවත් ය. නැණවත් ය. ගුණවත්ය. සිල්වත්ය.

ජීවිතයක කරදර බාධක එමට ය. ඊට මුහුණ දෙමින් ඒවා හා ගැටෙමින් සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ.

ධර්මානුකූල දිවි පැවැත්ම කිසි කලක කිසිවිටක අපතේ නොයනු ඇත. එබැවින් උදාවන අසිරිමත් දිනයක ජීවිතයක අධිෂ්ඨානයක් ඇති කරගත යුත්තේ ජීවිතය පවතින තුරා එබඳු දැහැමි දිවි පෙවෙතකට යොමු වීමට ය.

එම¼ගින් උදාවන යහපත සමාජයට වඩා තමාට ම යැයි හැම විට කල්පනා කරන්නේ නම් එබදු උදාර අධිෂ්ඨානයක් ඇති කර ගැනීම පමණක් නොව ඒ අනුව ජීවිතය ගත කිරීමටද මහත් පහසුවක් වනු ඇත.

එමෙන් ම ජීවිතයක් එවන් යහ පැවැත්ම සඳහා යොමුවීමෙන් සැලසෙන ආරක්‍ෂාව , යහපත මතු සසර පුරා ද වාසනාවන්ත ජීවිතයක් උදාකර ගැනීමටද මහෝපකාරි වනු ඇත.

එසේ නම් තාවකාලික ගිමන්හලකට පිවිසුනද, විඩාව දුරුකර ගැනීම පමණක් නොව ඉදිරිගමනට මඟ වියදම් ද සොයා ගත යුත්තේ තමා විසින් ම යැයි බුද්ධිමත්ව සිතා හැකිතාක් දහම් මඟට ම පිවිසිය යුතුවේ.

එසේ නොවුවහොත් ජීවිතාවසානයේ ජීවිතයෙන් ඉතිරි කර ගත් යමක් නැතැයි දුකට,වේදනාවට පත්වීමට සිදු වනුයේ ද, අන් කවර අයකුටවත් නොව තමාට ම ය.

භව ගමනේ රැකවරණය පතා ගත සිත මෙහෙයවා දිවි ගමන අර්ථවත් කර ගැනීමට බලවත් අදිටනක් ඇති කර ගැනීමට උත්සාහ කරමු. ඒ සඳහාම ඇප කැප වී කටයුතු කරමු. එවිට සැනසීම නිරන්තරයෙන් උදාවනු ඇත.

 

බක් මස අමාවක පෝය

බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25

Second Quarterඅව අටවක

මැයි 31


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]