UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමියන්ට ආශිර්වාද පතා හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ දී 15 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින තුන්සිය නමකට අධික මහා සංඝරත්නය වෙත සංඝගත දක්‍ෂිණාවක් පිරිනමන ලදී. මෙහිදී මහා නාහිමියන් වෙත තෛ‍්‍රනිකායික මහා භික්‍ෂු සංගමය විසින් පිරිනමන ස්ත්‍රෝත්‍ර පත්‍රය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මහා නා හිමියන් වෙත පිරිනමන ලදී. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා සහ සෞඛ්‍ය ඇමැති සුනිල් අමරතුංග මහතා ද මේ අවස්ථාවට සහභාගි විය. - සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ

නිලන්නොරුව, පුරාණ මහා විහාරය, මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරය, යන විහාරයන්හි විහාරාධිපති විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති ලෙනදොර සෝරත හිමියන් වෙත මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ විංශත් වර්ගික සානුනායක කාරක මහා සංඝසභාව මඟින් “විමල කීර්ති ශ්‍රී සීලරතන” යන ගෞරව නාමය සහිතව මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා අස්ගිරි මහා විහාරිය මංගල උපෝසථාගාරයේ දී පැවැත්ණි. උඩුගම බුද්ධරක්ඛිත මහා නා හිමියන් විසින් එම සන්නස් පත්‍රය පිරිනැමූ අවස්ථාව.

ගම්පහ දිසාවට ගෞරවය ලබාදුන් සමස්ත ලංකා ජයග්‍රහණ අත්කර ගත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපහාර පිරිනැමීමේ විශේෂ උත්සවයක් සමස්ත ලංකා හා ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිසා ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට දිස්ත්‍රික්කයේ සභාපති හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා හා ගිහි පැවිදි ප්‍රභූන් රැසක් සහභාගි වූහ. මෙහිදී කුසලධම්ම නා හිමියන් පොල්තෙල් පහන දැල්වූ අවස්ථාව.

මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් පිළිගැනීමේ උත්සවයක් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පසුගියදා පැවැත්විණි. එහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විසින් වජිර හිමියන් වෙත තිළිණයක් පිරිනැමූ අවස්ථාව.නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් එම අවස්ථාවට එක්වූහ.

 
 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]