UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක්පුර අටවක 2013 අප්‍රේල් 18 වන දා

සැදැහැ සිත් වඩන වන්දනාව

තීතයේ විසූ අපේ මුතුන් මිත්තන් වසරකට වරක්වත් වන්දනා චාරිකාවක නිරත වූහ. ඒ ඔවුන්ගේ දිවිමෙ‍ෙග් මහත් සැනසීමක් උදාකර දුන් වන්දනා ගමනක් ම විය. එසේ යෙදුණු වන්දනා ගමන ‘වට වන්දනාව’ යැයි ද ව්‍යවහාර කිරීමට පුරුදු වී සිටියහ.

ගමේ එක් අයෙකු ප්‍රධානත්වය ගෙන වන්දනා චාරිකාවේ ‘නඩේ ගුරා’ ලෙස එක් අයෙක් ඉදිරිපත්වීඑසේ සංවිධානය කළ වන්දනා ගමනට ගම්වැසියෝ බොහෝ දෙනෙක් සහභාගි වූහ.

බොහෝ විට එසේ වන්දනාවේ නිරත වූයේ සොළොස්මස්ථානය වන්දනා කිරීමට ය. එමෙන් ම එසේ වන්දනා කිරීමට දින අටක, දහයක, කාලයක් ගත කරමින් සැබැවින්ම වන්දනාවේ නිරතවීමට ඔවුහු වග බලා ගැනීමට ද අමතක නොකළහ.

වන්දනා ගමන් යාමේ සිරිත කාලයාගේ ඇවෑමෙන් තරමක් දුරට ඈත් වූ බවක් දක්නට ලැබෙනුයේ රටේ තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය හේතුවෙනි.

ඇතැම් විට ඒ කුරිරු ත්‍රස්තවාදය ආසන්නයේ පැවැති ගම්මානවල අහිංසක ජනතාව රැය පහන් කළේ ඝන වනාන්තර තුළය. ඒ ත්‍රස්තවාදීන් රාත්‍රී කාලයේ ගම්මානවලට කඩාවැදී අහිංසක ගම්වැසියන් ඝාතනය කිරීමේ හේතුව නිසා ය.

ඒ ගම්වැසියන් තුළ පැවැති බිය සැක නිසා ම ඔවුන්ට නිදහස පවා අහිමි වී ගොස් තිබිණි. ත්‍රස්තවාදී ප්‍රහාරවලට හිටිහැටියේ ගොදුරුවීමට තරම් අපේ රටේ බොහෝ නගර එදා අවාසනාවන්ත වූහ.

හිමිදිරියේ පාසලට යන දරුවා නැවත පාසලෙන් නිවසට එනතෙක් මවුපියවරු මග බලා සිටියහ. ඇතැම් විට රැකියාවට ගිය මව, පියා නැවත සවසට පැමිණෙන තෙක් දූ දරුවෝ මග බලා ගෙන සිටියේ ඒ රුදුරු ත්‍රස්තවාදි ප්‍රහාරයන්ගෙන් කවර විපතකයට පත්වේදෝයි පැවැති බිය සැක හේතුවෙනි.

අපේ රටේ පූජනීය ස්ථානවලට නිදහසේ ගොස් වන්දනා කිරීමට පවා අවස්ථාව අහිමි වී ගොස් තිබිණි. ඇතැම් වන්දනාවේ නිරත වූ අහිංසක වන්දනාකරුවන් රුදුරු ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත්වූහ.

ඒ නිසාම එදා වන්දනා ගමනක් නොව දෛනික ජීවිතයේ කවර කටයුත්තකදී වුවද බියත්, සැකයත් හේතුවෙන් නිදහස දුරු වී ගොස් බොහෝ දෙනා බියෙන් තැති ගැනීමෙන් තම ජීවිත රැක ගැනීමට උත්සාහ කළහ.

කිසිදු අනුකම්පාවකින් තොරව පූජනීය මහ සඟරුවන, කිරිදරුවන්, වැඩිහිටියන් අපේ රටට අකාලයේ අහිමි කළ ඒ කුරිරු ත්‍රස්තවාදි උවදුර නිසාම අතීත පෞරාණික ආගමික සම්ප්‍රදායයන් බොදුනුවාගෙන් ඈත්වී යාමට පටන් ගත් එක් හේතුවක් විය.

යම් තැනෙත්තෙකුගේ ජීවිත කාලය අනූ වසරක් නම්, ඉන් තිස් වසරක් යනු ඒ ජීවිත කාලයෙන් තුනෙන් එකකි. එබැවින් තිස් වසරක යුද බිය, ජීවිත අහිමි කළ, නිදහස අහිමි කළ ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්ය.

කෙසේ වුවද වත්මන් රාජ්‍ය නායකත්වයේ දූරදර්ශි, එඩිතර බුද්ධිමත් තීරණ නිසාම ඒ තිස් වසරක යුද බිය රටෙනුත්, ජනතාවගෙනුත් අතුගා දැමීමට ජනපතිට හැකිවූහ.රට නිදහස් රටක් බවට පත් කළහ.

නිදහසේ දැන් රටේ එහා මෙහා යා හැකිය. ජීවිතය ගැන තිබූ අවධානම සම්පූර්ණයෙන් දුරුවී ගොස් හමාරය.

පෙර අපේ බොදු ජන සමාජයේ පැවැති වට වන්දනාවේ ගමන නැවත ඇරඹිය හැකිය. එසේ වුවහොත් ඒ පූජනීය සිද්ධස්ථාන තවත් පරම්පරා ගණනාවකට වන්දනා කිරීමටද අවශ්‍ය අපහසුකම් බොදු දනන් වෙතින්ම සැපයෙනු ඇත.

අපේ ආගමික, සංස්කෘතික ඓතිහාසික උරුමය ආරක්‍ෂා කිරීමත්, පෝෂණය කිරීමත් මෙකල වෙසෙන අප සැමගේ වගකීම වේ.

එසේ හෙයින් පෙර අප අතර පැවැති වන්දනා සංස්කෘතිය අපේ හැදෙන වැඩෙන තරුණ දූ පුතුන්ටද හඳුන්වා දීමට කාලය උදාවී ඇත.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]