UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් කවියාට දේශමාන්‍ය සම්මානය ශ්‍රී ලංකා සමාජ සේවා සුබසාධක සම්මේලනයේ ජාතික ගෞරවනාම සම්මාන උපාධි සන්නස් පත්‍රය ශ්‍රී ලංකා නිදහස් කවි පෙරමුණේ විධායක ප්‍රධාන සභාපති කාව්‍ය චක්‍රවර්ති කාව්‍ය විභූෂණ මහාචාර්ය හබරණ ශ්‍රී විමලාරාමයේ විහාරාධිපති පල්ලේගම විමලරතන හිමියන් අතින් පිදුම් ලැබූහ. ඒ අවස්ථාවට මහාචාර්ය විජිත වල්පොල, දේශමාන්‍ය සිසිර මංගල වල්පොල, ජනාධිපතිතුමන්ගේ මහජන සම්බන්ධතා නිලධාරී එස්.කේ. ඩයස් බන්දුල, ගාල්ල මහ නගර සභාවේ සභාපති මෙත්සිරි ද සිල්වා, ජනාධිපතිතුමන්ගේ සහකාර ලේකම් හේමසිරි ජයලත්, ජනාධිපතුමාගේ් ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය ජයම්පති වර්ණසේන දිසානායක ඇතුළු ආරක්ෂක අංශයේ උසස් නිලධාරී මහත්වරු හා ගිහි පැවිදි කවි කිවිඳියන් විශාල පිරිසක් ද ඊට සහභාගි වූහ. පසුගියදා එම උළෙල පවත්වනු ලැබුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ‘සදහම් සිසිල විහාර සංවර්ධන වැඩසටහන’ යටතේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථාන සඳහා මුදල් චෙක්පත් බෙදාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 දා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශාලාවේ දී සිදු කෙරිණි. එහිදී දෙහිගම වෙහෙරගල පුරාණ රජමහා විහාරාධිපති මඩුගල්ලේ සාරාලංකාර හිමියන් වෙත රුපියල් ලක්‍ෂයක මුදල් චෙක්පත පිළිගැන්වූ අයුරු.
- ඡායාරූපය: උදේනි රාජපක්‍ෂ

තුල්හිරිය ශ්‍රී සුමනාරාම විහාරස්ථ අවමංගල්‍යාධාර සමිතියට තිස්තුන් වසරක් පිරීම නිමිතිකොට ගෙන එම සමිතිය සාමාජිකයන්ගේ දෙමාපියන් වෙනුවෙන් වැඩිහිටි උපහාර පින්කමක් පැවැත්වීය. එහිදී සමිතියේ නිර්මාතෘ සහ අනුශාසක අපවත්වී වදාළ වෙනිවැල්ලකඩුවේ රතනපාල හිමියන් ඇතුළු විහාරාධිපතීන් වහන්සේලාටත් මියගිය සාමාජික සාමාජිකාවන් හා රණවිරුවන්ටත් පින් පැමිණවූහ. එහිදී දානමය පින්කම සිදුකළ අයුරු ඡායාරූපයෙන් දිස්වෙයි.
- ඡායා: ආර්.ජී. ජයරත්න

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය විමල කීර්ති ශ්‍රී උපසිරි යන ගෞරව නාම සම්මුතියෙන් පිදුම්ලද මාදම්පේ - මැදගම කුඩාබිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති රත්මල් අගාරේ සිරිවිමල නා හිමියන් වෙත හලාවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායක විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතා විජනිපත පිළිගැන්වූ අයුරු උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය පසුගියදා එම විහාරස්ථානයේ දී පැවැත්විණි. හලාවත – පුත්තලම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක නවදන්කුලමේ මේධානන්ද නාහිමි හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති ජීවන් ජූඩ් නිශාන්ත කුමාර, මාදම්පේ ප්‍රාදේශීය ලේකම් එච්. එම්. එස්. හේරත් මහත්වරු ද මෙහි වෙති.
- මාදම්පේ සමූහ: ඒ.පී. ගුණරත්න

කුරුවිටි කෝරළේ අධිකරණ සංඝනායක ඇහැලියගොඩ සාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, මුළු දිවයිනටම සාම විනිසුරු ‘ප්‍රවචන කීර්ති’ මාහර, වියලගොඩ, පොල්වත්ත, මැදිකැලේ,අස්ගඟුල සහ ඇපලපිටිය යන සය මහා විහාරස්ථානවල විහාරාධිපති අස්ගඟුලේ විමලරතන හිමිපාණන්ගේ 69 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පැතීමේ පූජෝත්සවයක් ඉකුත්දා මාහර පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණ. උන්වහන්සේ පුරා වසර හතළිහක කාලයක් එකද දිනයකුදු අත් නොහැර බෝධිපූජා පැවැත්වීමෙන් සබරගමු පළාතේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත.
නිමල් විජයතුංග
ඇහැලියගොඩ විශේෂ

 
 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]