UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අමාවක 2013 මාර්තු 11 වන දා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහ නා හිමි

මැණික්හින්න, හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිරි සීලවංස වංසාලංකාර රාජගුරු පරියත්ති විශාරද විනය විශාරද ත්‍රිපිටක ධර්මචක්‍රවර්ති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධූරයෙන් පිදුම් ලැබීමේ රාජ්‍ය උත්සවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මාර්තු 09 වනදා පැවැත්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය දශක පහළොවක් පමණ සපුරන අතර රටපුරා පිහිටි විහාරස්ථාන දෙදාහකින් සහ භික්‍ෂූ සංඛ්‍යාව අටදහසකින්ද පමණ සමන්විත වන අතර මෙරට සංඝ සභා කොට්ඨාස හතළිස් හතරකින් යුක්තව එකම මහ නාහිමි නමක් යටතේ ග්‍රාමීය හා වනවාසික සඟරුවනින්, ද සමන්විතව එක් කතිකාවතකට අනුව පාලනය වේ.

ඒ බව ඉකුත් 04 වනදා “බුදුසරණ” පුවත් පත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නාහිමි පිළිබඳ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි මාතලේ ධම්මකුසල නාහිමියන් විසින් ලියන ලද ලිපියෙහි සටහන් විණි.

ඒ අනුව 1863 සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා 12 නමක් පාලනය කළහ.

අභිනව මහානායක ධුරයට පත් නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වේ.

දශක පහළොවක් පමණ කාලයක් එම නිකාය පාලනය කරන ලද්දේ සිල්වත් ගුණවත් ධර්ම විනයධර අතිපූජ්‍ය මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසිනි. එම මහ සඟ පරපුරේ සම්භාවනීය මහාථෙර නාමාවලියට එක්වූ අභිනව මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත් කිසිවෙකුටත් දෙවෙනි නොවන ගුණ නුවණින් පිරි මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි.

නාපාන පේමසිරි මහානායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ව්‍යක්ත විශාරද බහුශ්‍රැත ධර්ම විනයධර සිල්වත් ගුණවත් මහතෙර නමකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයෙන් පිදුම් ලත් අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට තුනුරුවනෙහි අනන්ත ගුණ බලයෙන් සම්බුදු සසුන වෙනුවෙන් වැඩ වසන්නට කාය, චිත්ත ශක්තිය හිමිවේවායි “බුදුසරණ” සුබාසිරි පතමු.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]