UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රජත ජයන්තිය සමරන මහනුවර ගැටඹේ ශ්‍රී සුධර්මාරාමස්ථ ශ්‍රී ගුණරතන දහම් පාසල

රජත ජයන්තිය සමරන මහනුවර ගැටඹේ ශ්‍රී සුධර්මාරාමස්ථ ශ්‍රී ගුණරතන දහම් පාසල


ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත උඩවෙල පියරතන හිමි


අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන්ගේ සුරතින් ශිෂ්‍යයෙක් ත්‍යාග ලබාගත් අවස්ථාව

දරු දැරියන් පිළිගැනීමේ ගීතය ඉදිරිපත් කළ අවස්ථාව

ආචාර්ය මණ්ඩලය

මහනුවර ගඟවට කෝරළයේ දකුණ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර රජතජයන්තිය සමරන ගැටඹේ ශ්‍රී සුධම්මාරාමයේ ශ්‍රී ගුණරතන දහම් පාසල මණ්ඩලයේ මෑතක පවත්වනු ලැබූ දහම් තරගවලින් විශිෂ්ට ප්‍රතිඵල දැක්වූ දහම් පාසලකි. අස්ගිරිය මහා විහාරයේ මහෝපාධ්‍ය ශ්‍රී නාථ දේවාල විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ගොඩමුන්නේ ශ්‍රී ගුණරතන නාහිමිපාණන්ට උපහාරයක් ලෙස 1988 ජනවාරි 24 වෙනිදින වත්මන් විහාරාධිපති මෙන්ම ශ්‍රී නාථදේවාලයේ අධිපති, අස්ගිරි මහා විහාරයේ මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නාහිමිගේ මූලිකත්වයෙන් ආරම්භ කළ ශ්‍රී ගුණරතන දහම් පාසලේ අද දහම් දරුවන් දෙසියහැට දෙනෙකු අධ්‍යාපනය ලබති. ආචාර්ය මණ්ඩලය දහ අට දෙනෙකුගෙන් සමන්විතය. එම්. උදයාංග, රත්නසේකර, සඳුනිකා සෙව්වන්දි, පතිරණ ශිෂ්‍ය නායක නායිකාවෝ වෙති.

අනුශාසකත්වය දරන මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නාහිමිගේ අධීක්‍ෂණය යටතේ සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඉදිරියට යන දහම් පාසලේ වත්මන් ප්‍රධානාචාර්ය වශයෙන් ශාස්ත්‍රපති පණ්ඩිත උඩවෙල පියරතන හිමියෝත්, උප ප්‍රධානාචාර්ය වශයෙන් ශාස්ත්‍රපති පණ්ඩිත කන්දේගම සීලරතන හිමියෝත් කටයුතු කරති. ශිෂ්‍ය ක්‍රියාකාරිවලින් පොදු සමාජ සත්කාර සේවාවන් රැසක් ක්‍රියාත්මක කර ඇති ශ්‍රී ගුණරතන දහම් දරුවෝ වෙසක්, පොසොන් පෝය දිනවල මහනුවර නාගරික මට්ටමෙන් දහම් තරගවලට ඉදිරිපත් වී සහතික ලබාගෙන ඇත.

 

 

 

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]