UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ තිළිණ ප්‍රදානය ඉකුත් දා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ආයතනයේ දී පැවැත්විණි. එහිදී බෞද්ධ සංගමයේ සාමාජික, සාමාජිකාවන්ගේ පහ වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ දරුවන් 39 දෙනෙකු වෙත ත්‍යාග පිරිනමන ලදී. එම අවස්ථාවට කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් මහතා ඇතුළු ලේක්හවුස් බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවෝ රැසක් ද සහභාගී වූහ. බන්දුල පද්මකුමාර මහතා විසින් මහනුවර මහාමායා බාලිකා විදුහලේ පී.ඩී.මාධ්‍යයා කෞමදි චාතුර්යා පතිරගේ ශිෂ්‍යාවට හිමි ත්‍යාගය ප්‍රදානය කළ අවස්ථාව.

මීපේ සෝරත හිමියන්ගේ ගුණ සමරු පින්කම

මීපේ සෝරතාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 7වන ගුණ සමරුව පෙබරවාරි මස 7, 8, 9 යන දිනවලදී අංකොක්කාවල ශ්‍රී සුමංගල විහාරස්ථානයේදී පැවැත්වේ. 7 වන දින යුගාසන ධර්ම දේශනයකි. 8 වන දින සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයකි.

ඉතිරිය»

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]