UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අමාවක 2013 පෙබරවාරි 09 වන දා

සිතිවිලි පාලනය කර ගත යුතු

මිනිස් සිතට සිතිවිලි නිරායාසයෙන් ගලා එනු ලබයි. එසේ ගලා එන දහස් ගණන් සිතිවිලි අතර යහපත් මෙන් ම අයහපත් සිතිවිලි ද වේ.

කවර සිතිවිලි, සිතකට ගලා ආවද, ඒ සියල්ල ක්‍රියාවට නැංවීමට පෙර එහි යහපත් හෝ අයහපත් ප්‍රතිඵල පිළිබඳ විමසා බලනුයේ ද සිතෙන්ම ය.

මනුෂ්‍යයාගේ සිත නිරන්තරයෙන් ප්‍රභාශ්වර බැවින් ඒ ප්‍රභාශ්වර වූ සිත කිලිට ට පත්වන්නේ සමාජය සමඟ ජීවත්වීම නිසා ම ය. එහෙත් නැණවත් ව දිවි ගෙවන මනුෂ්‍යයා හැම විට තම සිතෙහි ස්වභාවය නිරතුරුව හඳුනා ගැනීම නිසා සිතේ පහළ වන බොහෝ සිතිවිලි ක්‍රියාවට නැංවීමට පෙර ඒ පිළිබඳ නැවත විමසා බැලේ.

ඒ මඟින් තමාගේ බුද්ධියෙන් ම විමසා බලා සිතිවිලි ක්‍රියාවට නංවන්නේ ද? එසේ නොකරන්නේ ද? යන තීරණයට එනු ලැබේ.

බොහෝ විට සිතට ගලා එන අනන්ත අප්‍රමාණ සිතිවිලි ආවේගශීලී වේ. ඊර්ෂ්‍යාව, වෛරය ආදී සිත නපුරට පත් කරනු ලබන, සිත කිලිට ට පත් කරනු ලබන බලවේගයන් ඉදිරියට පැමිණ සිත නිසලව තබා ගෙන සිටීමට ඉඩක් දෙනු නොලැබේ.

සිතිවිලි සන්සුන් කර ගැනීමට, සිතිවිලි පාලනය කර ගැනීමට නොහැකි වූ කල මිනිසාගේ සිත තුළ උපන් සිතිවිලි නිසා විපතට පත් කරනුයේ ද ඒ සිතිවිලිමය.

සැපත, විපත දැන හඳුනා ගත නොහැකි වීමෙන් සිත තුළ පහළවන ලාමක, දුර්වල සිතිවිලි නිසා මනුෂ්‍යයාට බොහෝවිට දුකට කනගාටුවට පත්වීමට සිදුවේ.

ඉතා සුළු මොහොතක දී, තත්පර ගණනකදී පවා සිතට ගලා එන සිතිවිලි පාලනය කර ගත නොහැකි වුවහොත් ඇතැම් විට ජීවිත කාලය පුරාම ඒ මඟින් උදාවන්නේ දුකක්, පසුතැවීමක් මිස සැනසීමක් හෝ සැපතක් හෝ නොවේ.

මෙසේ බලන විට මනුෂ්‍යයාගේ සිතට නිරන්තරයෙන් ගලා එන සිතිවිලි පාලනය කිරීමට හුරු විය යුත්තේ කුඩා කල පටන් ය.

තමාගේ සිතට එන සිතිවිලි සුළු මොහොතකින්, තත්පර ගණනකින් පාලනය කර ගත නොහැකි වුවහොත් එහි වන්දිය ගෙවීමට ජීවිත කාලය පුරාම තමාට සිදුවන බව කල්පනා කළ යුත්තකි.

බොහෝ විට සුළු අතපසුවීමකින් පවා සිතට ගලා එන නපුරු සිතිවිලි ආවේගකාරී ලෙස හැසිරීමට ඉඩ හැරියහොත් ඒ තුළින් මහ විපතක්, අයහපතක් සිදු නොවිය හැකි යැයි සිතිය හැකිද?

තැන්පත් සිත, සංවර සිත හැම විට යහපත උදාකරන අතර, සිතේ ස්වභාවය දැන හඳුනා නොගත් සිත ගලා එන දහසක් සිතිවිලි අතර ඒ මේ අතර විසිරී අයහපතට යොමු වේ.

මේ අනුව සිතෙහි ස්වභාවය ගැඹුරින් මෙනෙහි කළ යුතු වේ. අසංවර සිත මොහොතක් පාසා සංවර කර ගැනීමට උත්සාහ කළ යුත්තේ තමා ම ය. ඊට හේතුව සියල්ලට ම සිත මුල්වන හෙයිනි. සියල්ල සිතෙහි ම හට ගන්නා බැවිනි. සිතෙහි හට ගෙන, ඒ සිතෙන්ම ක්‍රියාවට නැගෙන ක්‍රියාදාමයන්ගෙන් තමන්ට පමණක් නොව අනුන්ටත් කිසිවිටෙක කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොවීමට වග බලාගත යුත්තේ ද තමා ම ය.

සිතේ බලය, ශක්තිය වර්ධනය කර ගත යුත්තේ යහපත් සිතිවිලි ක්‍රියාවට නැංවීම මඟිනි.

සංවර කර ගත් සිතේ පහළවන සිතිවිලි යහපතෙහි යෙදවීම මඟින් මනුෂ්‍යයකු ලෙස උසස් අයුරින් දිවි ගෙවීමට යහපත් වාතාවරණයක් ගොඩනැඟේ.

එබැවින් මනුෂ්‍යයා නිරතුරුව කළ යුත්තේ සිතට එන සිතිවිලි පිළිබඳව ගැඹුරින් විමසා බලා යහපත් සිතිවිලි ම පමණක් ක්‍රියාවට නැංවීම ය. සිතෙහි ජනිත වන සිතිවිලි පාලනය කර ගත නොහැකි වුවහොත් සැපතක්, සැනසීමක් පිළිබඳ විශ්වාසයකට පවා පැමිණිය නොහැකි ය.

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]