UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතර සතිපට්ඨාන භාවනා චිත්තාභ්‍යාස පාඨමාලාව - 2013

සතර සතිපට්ඨාන භාවනා චිත්තාභ්‍යාස පාඨමාලාව - 2013

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන්, චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක, උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, වයස් භේදයකින් තොරව, ගිහි/ පැවිදි, උපාසක උපාසිකා හා භාවනායෝගී සැමට නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාවට ඉල්ලුම් කළ හැකි ය.

2013 සෑම මසක ම පළමු සෙනසුරාදා පෙ.ව. 8.00 සිට 1.00 දක්වා කැලණිය චිත්තාභ්‍යාස මධ්‍යස්ථානය, සෑම මසක ම දෙවන සෙනසුරාදා පෙ.ව. 7.00 සිට 1.00 දක්වා කුරුණෑගල වැව රවුම ආරියරත්න මධ්‍යස්ථානය, දෙවන සෙනසුරාදා ප.ව. 2.00 සිට 5.00 දක්වා කුරුණෑගල පාදෙණිය රාජමහා විහාර මධ්‍යස්ථානය, සෑම පුර පොහෝ දිනකම පෙ.ව. 8.00 සිට 9.30 දක්වා කොළඹ තරුණ බෞද්ධ සංගමය ද, පෙ.ව. 10.00 සිට 11.30 දක්වා කැලණිය චිත්තාභ්‍යාස ආයතනය ද, මුල් කොට පැවැත්වේ.

මෙම පුහුණු පාඨමාලාව යටතේ සතර සතිපට්ඨාන භාවනා පුහුණුව හා චිත්තාභ්‍යාස ක්‍රම හා විධි නවීන තාක්‍ෂණ මෙවලම් උපයෝගී කොට සරලව, පියවරෙන් පියවරට, පැහැදිලිව ඉගැන්වේ. ප්‍රායෝගිකව පුහුණු කෙරේ. සහභාගිවීමට කැමති අය නම, ලිපිනය දුරකථන අංකය හා සහභාගි වන මධ්‍යස්ථානය ඇතුළත් ලිපියක් ලේකම්, චිත්තාභ්‍යාස ආයතනය, අංක – 738 /01, සුදර්ශන මාවත, කැලණිය’ යන ලිපිනයට එවන ලෙසත් මේ පිළිබඳ වැඩිමනත් විස්තර 011 2905659/ 071 4485496 යන දුරකථන මඟින් දැන ගැනීමට හැකිබවත් මධ්‍යස්ථානාධිපති උතුරාවල හිමියෝ පවසති.

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]