UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක 2013 පෙබරවාරි 03 වන දා

පැතුමේ බලය

හපත් ක්‍රියාවන් සිදු කිරීමේ දී ඊට අරමුණක් අදහසක් තිබිය යුතුම ය. ඒ අනුව වෙසෙසින් ම යහපත් ක්‍රියාවක් සිදු කිරීමට පෙර ඊට මනා සැලසුමක් අරමුණක්, තිබීමත් අදාළ ක්‍රියාව සාර්ථක වීමට එය ප්‍රබල අනුබලයක් ලබා දෙයි.

අරමුණක් නැතහොත් අදහසක් නොමැති යම් ක්‍රියාවක් වෙතොත් එය ක්‍රියාවක් නොවනු ඇත. බෞද්ධ ගෘහස්ථයා සතු උතුම් සිරිත් විරිත් සමුදායක් පවතී. ඒ නිසාම යම් පින්කමක් සිදු කිරීමේ දී වුවද, ඊට අරමුණක් හෙවත් අදහසක් තිබිය යුතු ය. මසුරු ගතිය තුරන් කර ගැනීමට උත්සාහ කරනු ලබන්නා විසින් බොහෝ විට යම් පින්කමක් සිදුකිරීමේ දී කුමන හෝ යහපත් අරමුණක්, අදහසක් මූලික කර ගනී.

පින්කමක් කිරීමට ඇතැම් විට කෙනෙකු අපේක්‍ෂා කරනුයේ තම පරලොව සැපත් ඤාතීන්ගේ පරලොව ජීවිත සුවපත් කිරීමේ අරමුණෙන් ඔවුන් වෙත පුණ්‍යානුමෝදනා කිරීමට ය. එසේ ම ජන්ම දිනයක් හෝ වෙනත් යම් අනුස්මරණීය අවස්ථාවක් අරමුණු කර ගනිමින් මෙසේ පින්කම් සිදුකිරීම බොදුනුවා පෙර සිට පවත්වාගෙන එනු ලබන උදාර සිරිතක් බවට පත් වී තිබේ.

බුදුරදුන් ජීවමාන දවස පවා සැදැහැතියන් පින්දහම් කළේ අදහසක්, අරමුණක් මුල් කර ගෙන බව පෙනේ. මේ අනුව පෙනී යන්නේ බෞද්ධයා අදහසක් ඇතිවම පින්කම් කළ බවය. අද ද එසේ ය.

මෙසේ ඒ අදහස, අරමුණ නැතහොත් ඕනෑකම, අපේක්‍ෂාව නම් ප්‍රාර්ථනාවයි. හෙවත් පැතුමය.

පුහුදුන් සියලු සත්ත්වයෝ මේ සසර කතරේ බොහෝ කාලයක සිට ගමන් කරනු ලැබේ. ඒ සසර ගමනට ඇති ඇලීම බැඳීම නිසා ය. මුළු ලොවම දුක් ගොඩක් මත පිහිටා තිබෙන හෙයින් සසර ගමනේ ඒ දුක් විඳිමින් අපමණ කාලයක් පුරා එහෙ මෙහෙ සසරේ ඇවිදිති.

එබැවින් දුක නිවීමට සසර ගමනේ කෙලෙස් නිවිය යුතු ය. කෙලෙස් දුරු කළ යුතු ය. කෙලෙස් පවතිනාතාක් දුක තමා පසු පසම එයි. එය සසරේ ස්වභාවයයි. සසරේ පැවැත්මය.

ඒ නිසා ම බෞද්ධයා යහපත් අරමුණක් නිමිති කර ගෙන පින් දහම් කරමින් කරන ප්‍රාර්ථනා බොහෝ ය.

දාන, ශීල, භාවනා ආදී කවර පින්කමක් සිදු කළ ද, පැතිය යුතු යම් ඒකායන අපේක්‍ෂාවක් වේ. එනම් සසර කතරේ සියලු දුක් නසා උතුම් නිවනම ප්‍රාර්ථනා කළ යුතු වේ.

පින්දහම් සිදු කිරීමෙන් සසර ගමනේ දී විවිධ සම්පත් උදාවේ. එහෙත් පින් දහම්වල නිරත වීමෙන් නිරන්තරයෙන් හිමි වන සම්පත් ඇති හෙයින් බොදුනුවා හැම විට ප්‍රාර්ථනා කළ යුත්තේ, අපේක්‍ෂා කළ යුත්තේ නිවන් සැපත ම ය.

අවාසනාවකට හෝ දුගතියක ඉපදුනහොත් ගුණ දහම් වර්ධනයට පින් දහම්හි නිරතවීම දුෂ්කර කාර්යයක් වනු ඇත. ඒ නිසාම ගුණ දහම් වඩා සසර දුක් කෙළවර අමාමහ නිවනින් සැනසීමට පැතිය යුතු වේ.

ගුණ දහම් වර්ධනය කර ගැනීම සසර පුරුද්දක් බවට පත් කර ගත යුතුව ඇත.භව ගමනේ එක් ජීවිතයකින් වර්ධනය කර ගන්නා වූ යහපත් පැතුම් සසර පුරුදුතාවයක් බවට පත් කර ගැනීමෙන් බොදුනුවා අපේක්‍ෂා කරනු ලබන යහපත් ගමන් මඟ සාර්ථක කර ගත හැකි වනු ඇත.

අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්‍ෂයක් පුරා ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේ පාරමී දම් සම්පූර්ණ කරන ලද්දේ සසර අනාදිමත් කාලයක් වර්ධනය කළ, සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ උදාර අරමුණ අපේක්‍ෂාව මුදුන්පත් කරලීම සඳහා ය.

එබැවින් බොදුනුවා කවර පින්කමක දී වුවද එම පින්කම සිදු කරමින් නිවන් මඟම ප්‍රාර්ථනා කිරීම සසර පුරුද්දක් බවට පත් කර ගත යුතු වේ. එය ප්‍රාර්ථනාවේ බලය හා ශක්තිය වර්ධනයවීමෙන් ඉහත සඳහන් කළ පරිදි බොදුනුවාගේ මූලික අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට පැතුමේ බලයෙන් ශක්තිය උදා වේ.

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]