UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> පිහිට පතයි

පිහිට පතයි

ශ්‍රවණාබාධ දරුවාට පිහිටවෙමු

වත්තේගම, මීගමවත්ත, අංක 193/1, නිවසේ පදිංචි, වයස අවුරුදු 03ක් වන කවිෂ්ක නෙතුම් ජයසිංහ දරුවා ශ්‍රවණාබාධයකින් පෙළෙන අතර ඔහුට කර්ණශංඛ බද්ධයක් කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩී.කේ. එස්.එන්. යසවර්ධන මහතා නිර්දේශ කර ඇත. කර්ණශංඛ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 32ක මුදලක් අවශ්‍යව ඇති අතර ඉන් රුපියල් ලක්‍ෂ 3ක මුදලක් ජනාධිපති අරමුදලින් ලබාදීමට නියමිත බව කියයි.

මෙම දරුවා සුවකරගැනීම සඳහා ආධාර කළ හැකි පරිත්‍යාගශීලීන් හෝ ආයතන වේ නම් ආධාර වත්තේගම ලංකා බැංකුවේ ඒ.ජී.එන්.යූ.කේ. ජයසිංහ, 73875131 දරන ගිණුමට යොමුකරන්නැයි මාපියෝ ඉල්ලා සිටියි. වැඩි විස්තර සඳහා 071 1637869 දුරකථන අංකයට අමතන ලෙසද ඉල්ලා සිටී.

 


මිහින්තලේ කුරුන්දන්කුලම, අක්කර 100, අංක 05 නිවසේ පදිංචි පී. ශි‍්‍රයානි සමන්ලතා (23) මෙනවිය උපතින්ම ශ්‍රවණාබාධිත තත්ත්වයෙන් පසුවන්නියකි. ඇයට ලෝකය අසන්නට කර්ණසංඛ බද්ධයක් කළ යුතු බැවින් ඒ සඳහා අධික මුදලක් වැය වේ.

ඒ සඳහා අධිතාක්‍ෂණික ශ්‍රවණාධාරක අවශ්‍ය වන බවද වෛද්‍ය වාර්තාවලින් ප්‍රකාශ කර ඇත. එම ශ්‍රවණාධාරක ලබාගැනීමට රුපියල් 2 55000 මුදලක් අවශ්‍ය වේ.

සමන්ලතා මෙනවියගේ පියාට එතරම් මුදලක් සොයාගැනීමට නොහැකි බැවින් තම දියණිය වෙනුවෙන් ආධාර පතයි.

ඔබගේ ආධාර මිහින්තලේ ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 73443482 ලබාදෙන ලෙසත් වැඩි විස්තර දුරකථන අංක 025 7900735, 071 0150548 ලබාගත හැකිය.


වකුගඩුවක් ඕනෑ

මහනුවර පදිංචි 43 හැවිරිදි දෙදරු පියෙකු වන එන්.එන්. නන්දිසේන මහතා වකුගඩු ආබාධයකින් පෙළෙයි. ඒ මහතාගේ ජීවිතය රැක ගැනීමට “ඕ පොසිටිව් හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතාම ඉක්මණින් බද්ධ කළ යුතු බව මහනුවර ශික්‍ෂණ රෝහලේ වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා පවසයි.

ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 077 040 4358 දන්වන ලෙස ඉල්ලා සිටියි.


නො. 722/1, නල්ලුරුව, පානදුර යන ලිපිනයේ පදිංචි එම්. ජී. අයේෂ් ධනුෂ්ක පීරිස් ( අවුරුදු 20 ) නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඔහුට බද්ධ කිරීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර, ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් ඉහත ලිපිනයට හෝ අංක 0773834075 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.


 


නො. 137, නිට්ටඹුව පාර, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි උපාලි කරුණාරත්න යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුගේ වකුගඩු දෙකම අක්‍රියවීම නිසා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය නසාර් මහතා නිර්දේශ කර තිබේ.

“බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් ලිපිනයට හෝ 0332287638, 0750773997 දුරකථන අංකයන්ට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.


පාළු පැල්පිට රදාවාන පදිංචි ජේ.ඒ.එස්.එස්. ජයවීර වන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කොට ඇත. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වත් පරිත්‍යාගශීලියකු වෙතොත් (සම්පත් විජේසිංහ) 077 55 88 511 දන්වා සිටින ලෙස ඉල්ලා සිටියි.

මහඉලුප්පල්ලම, පුලියන්කුලම අංක 178 හි පදිංචි බාලසූරිය මහතා (දෙදරු පියකු) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් අංක 011 2913101 දුරකථනයට දන්වන ලෙස ඉල්ලා සිටියි.


අක්මාවකින් කොටසක් අවශ්‍යව තිබේ

අක්මාරෝගයකින් පෙළෙන අවුරුදු 51ක් වයසැති රෝගියකුට බද්ධ කිරීම සඳහා අක්මාවකින් කොටසක් අවශ්‍ය වී තිබේ. නිරෝගී තරබරු නොමැති අවු. 20 – 45 අතර “බී හෝ ඕ” රුධිර ඝනයේ පින්වතකුගේ පරිත්‍යාගය අපේක්‍ෂා කරයි. දුරකථන 0777 587372.


කොටුගොඩ, යාගොඩමුල්ල, මිරිස්වත්ත අංක 2/35/ඒ නිවසේ පදිංචි කේ. ලීලාකාන්ති (43) බෙල්ලේ ඇති වී තිබෙන දරුණු රෝගාබාධයක් නිසා ඇයට විශේෂිත විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය ලබාගැනීමට විශාල මුදලක් අවශ්‍ය වී තිබේ. ඇයගේ ආර්ථික අපහසුතා නිසා එම මුදල සපයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය බලාපොරොත්තු වේ. පරිත්‍යාග මිනුවන්ගොඩ ලංකා බැංකුවේ 72548783 අංක දරන ගිණුමට බැර කළ හැකිය. දු.ක. 075 6158656


නො. 283/ඒ/ 2, දාගොන්න, මීගමුව පදිංචි අවුරුදු එකහමාරක් පමණ වයස දුල්මිත් නෙත්මිර තැලසීමියා රෝගයෙන් පෙළෙන අතර ඔහුට ඉන්දියාවේ දී මිදුළු බද්ධයක් කිරීමේ ශල්‍යකර්මයක් නිර්දේශ කර තිබේ.

මේ සඳහා අධික මුදලක් අවශ්‍යව ඇති නිසා පරිත්‍යාගශීලීන්ට මෙම පුණ්‍යකර්මයට දායක විය හැකි ය. මීගමුව ලංකා බැංකුවේ 72956238 ගිණුමට මුදල් බැර කළ හැකි ය. දු.ක. 0778677980

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]