UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර පසළොස්වක 2012 නොවැම්බර් 27 වන දා

මෙත් සිත පතුරමු

තමා මෙන් ම අනෙකුත් මිනිස්, සිවුපා ආදි කවර සත්ත්වයෝ ද සැප කැමැත්තෝ වෙති. දුක් පීඩා නො කැමැති වෙති. තමන් සේම ඒ අනෙකුත් සියලු දෙනා ද සැපත, දියුණුව ලැබෙනවාට කැමැත්ත, තමන් මෙන් ම අන්‍යයන්ගේද යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම උසස් ගුණ දහමකි. එය හිතකාමීබව මෙන්ම මෛත්‍රිය ලෙස ද සැලකිය හැකිය. සියලු සත්ත්වයන් වෙත පැතිරවිය හැකි හෘදයංගම ස්නේහය ඉහත කී මෛත්‍රියට අදාළ ය.

සීමාවකින් තොරව හැම දෙනා කෙරෙහි ම එසේ මෛත්‍රිය දැක්වීම උසස් ගුණයක් පමණක් නොව දෙ ලොව යහපත ද සලසනවා ඇත.

පළමුව තමා සුවපත් වේවා’ යි තමා ගැන සිතීමෙන් දියුණු කර ගන්නා මෛත්‍රි සිත තමා මෙන් ම තමා අවට සිටින මව්පිය, ගුරුවර, වැඩිහිටි ආදීන් පිළිබඳව ද සිතමින් තමා මෙන්ම ඔවුහුද සැපවත්වේවා’යි පැතීම තම සිතට සහනය ගෙන දෙන්නකි.

අනතුරුව ළඟ ඤාතීන් , දුර ඤාතීන් ආදි වශයෙන් තමන්ගේ ඤාති මිත්‍රකම් අනුව ඒ සියලු දෙනා කෙරෙහිද මෙත් සිත තවත් පැතිරවිය හැකිය. මෙසේ දියණුකර ගන්නා මෙත් සිත තමාට එරෙහිව සිටින අය වෙත් නම් ඔවුන් වෙත ද සැප ප්‍රාර්ථනා කරමින් ඔවුන් තමන් වෙත කළ අකටයුතු කෙරෙහි ඉවසීමෙන් මෙත් සිත තව තවත් වර්ධනය හැකි වේ.

මෙසේ දියුණු කරන මෙත් සිත මගින් කිසි විටෙක අනුන් වෙත අහිතක්, අලාභයක්, අවැඩක්,හිරිහැරයක්, නොකෙරේ. ඊට හේතුව නම් මෙත් සිත දියුණු කරන්නාට අන් අය ද තමා බඳු වන හෙයිනි.

සිතින් කයින් මෙන් ම බසින්ද යන තිදොරින් අනුන් වෙත හිතෛෂීවීමට පුරුදු කර ගැනීම අගනේ ය. මෙත් සිතින් යුක්තව කයින් ක්‍රියා කිරීම මෛත්‍රී කාය කර්මය ලෙස ද දහමේ දැක්වෙයි.

තමා හා සම වයසේ හෝ බාල වියෙහි අයගේ කටයුතු කෙරෙහි ඒ අය සඳහා උදව් කළ යුතුය. වැඩිහිටියකු සඳහා උපකාරයක්, උපස්ථානයක් කළ යුතු මොහොතක නම් එය ද නො අඩුව ඉටු කළ යුතුය. වැඩිහිටියන් අභිමුඛව සිටිය දී පමණක් නොව ඔවුන් අනභි මුඛයේ වුව ද එසේ ගෞරව කිරීමට පෙළඹිය යුතුය.

එමෙන් ම අන්‍යයන් සමග කතා බහ කිරීමේ දී ගෞරවාදරයෙන් කතා බහ කළ යුතුය. ඔහු ඇති තැන මෙන්ම, නැති තැන ද එසේ ගෞරව සම්ප්‍රයුක්තව කතා බහ කළ යුතුවේ. එය මෛත්‍රි වාග් කර්මය ද වේ.

සමාජයේ වෙසෙන අනෙකුත් සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් යුක්තව බැලිය යුතුය.

මේ අයුරින් තිදොරින් මෛත්‍රිය පවත්වන තැනැත්තා සියලු දෙනාට පි‍්‍රයශීලි තැනැත්තෙකු වේ. ඒ බ්‍රහ්ම විහාර සතරෙහි පළමුව දැක්වෙන මෛත්‍රිය පිළිබඳ ඉතා කෙටි පැහැදිලි කිරීමකි.

බ්‍රහ්ම ලෝකයෙහි බ්‍රහ්මයන්ගේ බඳු පැවතුම් යන තේරුම නිසා ඒවා සතර බ්‍රහ්ම විහරණ ලෙස සඳහන් කළ හැකිය.

වෙසෙසින්ම එම උදාර සතර බ්‍රහ්ම විහාර තම දරුවන් කෙරෙහි සෑම මව්පියවරුම පතුරුවන උදාර ගුණයකි. ඒ නිසාම දරුවන්ට ස්වකීය මව්පියවරු මහා බ්‍රහ්මයා හා වැනිය.

උසස් විහරණයට කැමැති, පතන සත් පුරුෂයන් අනුගමනය කරන උදාර ගුණ දහම් තම දිවියට ළඟා කර ගැනීම ජීවිතය සතුටින් ගත කිරීමට ද මූලික හේතුවක් වන නිසා ම එබඳු උදාර ගුණ දහම් හැකිතාක් තම ජීවිතයට ළඟා කර ගත යුතුව ඇත.

සිතෙන් සිත පැතිරවිය යුතු මෙත් සිත පැතිරවීම ව්‍යාප්ත කර ගැනීමෙන් තමා ට මෙන් ම තමා වෙසෙන සමාජයට ද උදාර යහපතක් වනු ඇත. එබැවින් මෙත් සිත පැතිරවීමට උනන්දු වෙමු.

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]