UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> කඨින පින්කම්

කඨින පින්කම්

සැවැත්නුවර ජේතවනාරාමය

සවිය සදහම් චාරිකා සේවය මඟින් මෙහෙයවන වාර්ෂික කඨින පින්කම හා චීවර පූජාව මේ මස 20, 21 දිනයන්හි දී ඉන්දියාවේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ කඨින පින්කම

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයෙ මෙවර කඨින පින්කම මේ මස 27 වෙනි දිනට යෙදී තිබේ. එදින දහවල් 25 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි පිදෙන දානමය පින්කම සමගම බෞද්ධ මණ්ඩල සංඝාවාසයෙහි වස් විසූ භික්‍ෂූන් වහන්සේලාට කඨින චීවර පූජාවද සිදු කෙරේ.


පින්වල පාඨලිරුක්ඛාරාමය

පානදුරේ පින්වල පාඨලීරුක්ඛාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති බොල්ගොඩ සීලරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම මස 25 වන ඉරුදින පැවැත්වුණි.


පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය

කඨිනය වෙනුවෙන් වස්ත්‍රයක් අත්යන්ත්‍රයෙන් වියා එය සිවුරට ඇතුළත්වන යාර ප්‍රමාණය ඒ අන්දමින්ම සකස්කර වියන ලද රෙද්ද (සිවුර) පඬුපොවා කඨින සිවුරක් ලෙස පුජා කරන කඨින පින්කමක් නොවැම්බර් මස 27 වෙනි දින තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ දී විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමි ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.


ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රම මධ්‍යස්ථානය

දෙම්පේ කොළඹ පාර ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම මේ මස 24, 25 දිනයන්හි බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ආරණ්‍යවාසී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

24 වැනි දින සවස 5.00 ට අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීමත් සවස 6.00 ට අටවිසි බුද්ධ පූජාව, රාත්‍රි 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.


බෙල්ලන්විල රජමහ විහාරය

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 27 වන දිනට යෙදෙන ඉල් පොහෝ දින සිදු කිරීමට විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අන ුනා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙයි.

කොළඹ කුප්පියාවත්ත ජයසේඛරාරාමවාසී රජවත්තේ වප්ප හිමියෝ කඨිනානිශංස ධර්ම දේශනය එදින රාත්‍රී 7.30ට පවත්වති.


සම්බෝධි නුගාශ්‍රම විහාරය

මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරයේ කඨින පින්කම විහාරාධිපති වැලිවුල්ලේ දමිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මස 27 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ගැටඹේ සුදර්මාරාමය

පේරාදෙණිය ගැටඹේ සුදර්මාරාමයේ කඨින පින්කම විහාරාධිපති මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නාහිමි අනුශාසනා පරිදි නොවැම්බර් 24, 25 දිනවල පැවැත් වුණි. මාලගම්මන රජ මහ විහාරයේ කඨින පූජෝත්සවය නොවැම්බර් 24, 25 දිනවල. මහනුවර නාථ දේවාල විහාරයේ පහළ පංසලේ කඨින පින්කම් නොවැම්බර් 24, 25 පැවැත්වුණි.


ඇරැව්වල සිරි විජය සිරිවර්ධනාරාමය

පන්නිපිටිය නැ/ ඇරැව්වල සිරි විජය සිරිවර්ධනාරාමයේ කඨින පින්කම මේ මස 25 වැනිදින පැවැත්විණි. 24 වැනි දා සවස 3 ට සෙත් පිරිත් දේශනය පවත්වා සවස 4 ට කඨින වස්ත්‍රය රැගත් මල් පෙරහර ද 25 වැනි දින අළුයම කඨින වස්තුය රැගත් පෙරහරද එකමක සංඝගත දක්ෂිනාවද සවස 6.30 ට කඨිනානිසංස ධර්ම දේශනාවද පැවැත්වේ.


කනම්පැල්ල ශ්‍රී සුමනාරාම මහා විහාරය

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම මහා විහාරයේ කඨින පින්කම මේ මස 25, 26, 27 යන දිනයන්හි පැවැත්වීමට විහාරාධිකාරී ශාස්ත්‍රපති කනම්පල්ලේ සුමනනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙයි.

26 වැනි දා රාත්‍රී 7 ට කඨිනානිසංශ ධර්ම දේශනය කනම්පැල්ලේ සුමනනන්ද හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.


මුතියංගන රජමහ විහාරය

බදුල්ල, මුතියංගන රජ මහ විහාරයේ භාරකාර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාවෙහි නිරත මුරුද්දෙණියේ ධම්මරතන හිමි ප්‍රධානත්වයෙන් මේ 26, 27 දිනයන්හි කඨින පින්කම පැවැත්වේ.


මහවත්ත අස්වත්තාරාමය

කුණ්ඩසාලේ මහවත්ත අස්වත්තාරාමයේ කඨින පින්කම මේ මස 26, 27 දිනවලදී විහාරාධිපති මහවත්තේ කාශ්‍යප හිමි ප්‍රධානත්වයෙන් ද 26 දින ආගමික වැඩසටහන අධ්‍යාපනවේදී දුල්වල රතනසාර හිමියන් විසින් මෙහෙයවනු ඇත.


ගංගාරාම රජමහ විහාරය

මහනුවර මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික ලේවැල්ල ගංගාරාම රජ මහ විහාරයේ භාරකාර නැහැනිවල පියදස්සි හිමියන්ගේ මූලිකත්වයෙන් 27 දා කඨින පින්කම පැවැත්වේ.


ශ්‍රී නාථ දේවාලය

මහනුවර ශ්‍රී නාථදේවාල විහාරාධිපති, මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නාහිමි ප්‍රධානත්වයෙන් 26, 27 දිනයන්හි පැවැත්වෙන කඨින පින්කම නිමිත්තෙන් 26 සවස ආගමික වැඩසටහනකි.

- කේ. බණ්ඩාරනායක


ශ්‍රී විජයාරාම පොහොයමළු විහාරය

මාවතගම මලන්දෙණිය ශ්‍රී විජයාරාම පොහොයමළු විහාරස්ථානයේ වාර්ෂික කඨින මහෝත්සවය මෙම 23 – 24 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති යටිමහනේ විමලජෝති හිමියන් අනුශාසනා පරිදි පින්කම සංවිධානය කරයි.


කිරුළපන ශ්‍රී පූර්වාරාමය

කොළඹ 05, කිරුළපන ශ්‍රී පූර්වාරාම මහා විහාරයේ කඨින පින්කම මෙම 25 වැනිදා අලුයම පැවැත්වේ. මෙම පින්කම් මාලාව කිරුළපන ශ්‍රී පූර්වාරාමය, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමය ඇතුළු විහාර ගණයෙහි අධිපති විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක කර්මවාගාචාර්ය රාජකීය පණ්ඩිත පත්වේරියේ විමලඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]