UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී මේ මස 27 දින පැවැත්වෙන පොහොය වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 6.30 ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 9.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය 9.00 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, පස්වරු 12.15 – 2.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 පදවීතිහාර පූජාව, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 8.30- 9.30 භාවනා 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය.

පුන් පෝ දිනට පසු දින පෙරවරු 5.00 – 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා. 8.00 – 10.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා වැඩසටහන.


බම්බලපිටිය සිරි වජිරාරාමය

බම්බලපිටිය සිරිවජිරාරාමය පෝදා වැඩසටහන් මෙසේ ය.

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඥාණවීර හිමි, 9.00 – 09.45 විශේෂ ධර්මානුශාසනාව, අග්ගමහාපණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමි, 9.45 – 11.00 භාවනාව සහ අනුශාසනාව, ගම්පහ පාසාදික හිමි,11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම් පුර විශාරද හිමි, පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව පණ්ඩිත වැලිගේපොළ සීලවංශ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ප්‍රනීත් අබේසුන්දර මහතා, 5.00 – 6.00 ධර්ම දේශනය, වෙරළුගොල්ලේ උදයානන්ද හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි පෝ දින වැඩසටහන් මෙසේ ය. පෙරවරු 8.00 සිට 11.00 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහන.

පස්වරු 12.30 සිට ප.ව. 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 සිට ප.ව. 2.30 දක්වා කොට්ටාවේ සුධීරා දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහන, 3.00 සිට 4.00 දක්වා මහරගම ධර්මායතනවාසී පණ්ඩිත පානදුරේ පසන්න හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාව, 4.00 සිට 5.00 දක්වා මහරගම ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය මහඔය අනුරුද්ධ හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාව, අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ.

සවස 6.00 ට විසිතුරු මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබයි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරස්ථානයේ පසළොස්වක පොහෝදා වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය සමාදන් වීම හා කෙටි අනුශාසනාව, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 දක්වා සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8.00 – 9.00 දක්වා භාවනා වැඩසටහන විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 දක්වා ධර්ම දේශනය විනයලංකාරාමාධිපති ශාස්ත්‍රපති කළුතර වනරතන හිමි, 10.15 – 11.00 දක්වා සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12. 15 – 12.30 දක්වා බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, පස්වරු 2.15 – 3.15 දක්වා භාවනාව, තලල්ලේ සිරි මහින්ද නා හිමි, 3.15 – 4.15 දක්වා ධර්ම දේශනය විහාරාධිකාරි ඔකඳගල මෙත්තාරාම හිමි, 4.30 –5.30 දක්වා ධර්ම දේශනය ජයශේඛරාරාම වාසී තලල්ලේ ධම්මදේව හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද හිමි, 6.45 – 7.45 දක්වා සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 රාත්‍රි ධර්ම දේශනාව (පටිගත කරන ලද)


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේ දී සිදු කැරෙන පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව වැලිකල පඤ්ඤාකර හිමි, අශෝකාරාම විහාරස්ථානය, කළුතර උතුර, 7.45 – 10.00 ධර්ම දේශනය ගම්පහ සිරි සීවලි හිමි, 10.15. - 11.15 ධර්ම දේශනය, මාළදොල සීවලී හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය මිල්ලෑවේ මහින්ද හිමි, 3.00 – 6.00 ධර්ම දේශනය නාගොඩ සද්ධාලෝක හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගත කළ එකකි), 7.15 – 8.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා, මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පසළොස්වක පොහෝ දින පවත්වනු ලබන වැටසටහන මෙසේය.

පෙරවරු 6. 30 සිල් සමාදන් වීම - ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7. 00 බුද්ධ පූජාව, 8. 15 භාවනා වැඩසටහන, 9. 15 ධර්ම දේශනය, 10. 30 බුද්ධ පූජාව - ඇටම්පිටිය සිරි සාරානන්ද හිමි, පස්වරු 1. 00 ධර්ම දේශනය, 2. 15 ධර්ම දේශනය, 4. 00 ධර්ම දේශනය – මීමුරේ ආනන්දරතන හිමි, 5. 00 බෝධි පූජාව - ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6. 00 සිල් පවාරණය එච්. ඩී. රණවක.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී ඉල් පෝදා දවසපුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන් පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාඨකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කිරිවෙහෙර රාජමහා විහාරවාසී ශාස්ත්‍රපති වරාපිටියේ රාහුල හිමියන් විසින් අටවිසි බෝමළුවේ දී පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැනින් නහවා බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදු කර ශ්‍රී ලංකා වාසී සැමට සෙත් පැතීම සිදු කෙරේ. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් පූජා කර බෝධි පූජාව පැවැත්වේ. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 7.00 – 7.30 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 8.30 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.45 – 10.45 ධර්මදේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.15 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අලුත්වෙල ධම්මා හිමි, 1.00 – 2.00 ධර්මදේශනය ශාස්ත්‍රපති මහියංගනේ උපරතන මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව භික්‍ඛුනී කුසුමා, 4.00 – 5.00 ධර්මදේශනය ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත නාහිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අගලවත්තේ සුමිත්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව මහරගම ධම්මසිරි නාහිමි සහ ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය කුමුදිනී දහනායක මහත්මිය, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාලිම්බඩ පඤ්ඤාසාර මාහිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව විනයාචාර්ය ලග්ගල අසම හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමි, 8.00 – 9.00 භාවනාව, හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනු නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සද්ධානන්ද හිමි සහ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, කඩිගමුවේ සමුදිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව වටගෙදර විමලබුද්ධි නාහිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව වැලිගම ඥානරතන මහනාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ලේල්වල සමිත නාහිමි, 5.00 – 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

උඳුවප් පෝ දින ශීල භාවනා වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 උපෝසථ ශීලය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 ධර්ම දේශනය දිවුරුම්වෙල විනීත හිමි, පෙ.ව. 9.15 විශේෂ ගිහි දෙසුම, කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, පස්වරු 12.45 තෙරුවන් ගුණ සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 1.30 කාව්‍යමය ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි, 3.00 ධර්ම දේශනය කොහුලියද්දේ දේවානන්ද හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, මෙදින බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ සුජාතා ගුණතිලක මහත්මිය සහ කමලා ජයසුන්දර මහත්මිය වේ.

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]