UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

ජනපති ජන්ම සමරු ලේක් හවුස් පින්කමෙන්


සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති බන්දුල පද්මකුමාර මහතා කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව ලේක්හවුස් ආයතනයට වැඩම කළ අයුරු.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය සහ ජන්ම දිනය නිමිතිකරගෙන ඒ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණින් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කළ පරිත්‍රාණ ධර්ම දේශනයක් 18 වන දා හා පසු දා සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. එහිදී ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් සධාතුක කරඬුව වෙත මල් බඳුනක් පූජා කරන ලද අයුරු.

සභාපතිතුමා සමඟ ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර හා සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහත්වරු ඇතුළු නිලධාරීහු ද පිරිත් දෙසුම ශ්‍රවණය කරමින්.

ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතා ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන්ට අටපිරිකර පිළිගන්වයි. පසෙකින් සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමි ද වැඩ සිටී. මහා භාරකාර සරත් සෙනෙවිරත්න, ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක හා සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහත්වරු ද ඡායාරූපයේ වෙති.

ඡායාරූප: රුවන් ද සිල්වා, සාලිය රූපසිංහ, වාසිත පටබැඳිගේ

 

 

 

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]