UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> මෙත් බෝසත් විවරණ ලැබීම

මෙත් බෝසත් විවරණ ලැබීම

මේ මහඟු පින්කමේ අනුසස් බුදු නුවණින් දැක සතුටු වූ ගෞතම බුදුපියාණන් වහන්සෙ සොළොස් අසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පසු ‘මෛත්‍රෙය’ නමින් මතු බුදුවන ‘ආර්ය මෛත්‍රෙය’ හිමියන්ට නියත විවරණ ලබා දුන්හ. එසේ විවරණ ලැබූ බෝසතාණන් වහන්සේ සසරේ අවසන් භවයේ දී බරණැස්නුවර කේතුමතී නම් රාජධානියේ උපත ලබන බවත් ‘සංඛ’ සක්විති රජතුමාගේ පුරෝහිත වූ සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා පියාණන් ද බ්‍රහ්මවතී බැමිණිය මෑණියන් ද වී නා ගස බුද්ධත්වයට සෙවණ සලසන බව ගෞතම බුදුපියාණෝ වදාළහ

මේ මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුදු බව ලබන වීර්යාධික ‘මෛත්‍රෙය බුදුරදුන්’ දෙනෙතින් දැක බලාගෙන නිවන් දැකීමට ප්‍රාර්ථනා කරන්නෝ බොහෝ ය.


එම් සාර්ලිස් ගේ සිතුවමකි

ලෝකෝත්තර මඟට විවර වූ කුසල් සිත් ඇති මෛත්‍රෙය බෝසතාණෝ ගෞතම බුදුපියාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගැනීමට දෙව්ලොවින් නික් මී බ්‍රහ්මවතී බැමිණියගේ කුසට පිවිසී දඹදිව සංකස්ස පුරයේදී උපත ලැබූහ. මහසල් කුලයෙහි සිරිවඩ්ඩන කෙළඹියා බෝසතාණන් වහන්සේගේ පියා වූයේ ය. දිසාපාමොක් ඇඳුරුතුමාගෙන් සිප් සතර හැදෑරූ බෝසතාණන් වහන්සේ මාපියන්ගේ ඇවෑමෙන් සියලු ධනයට හිමිකරු වී ගිහිගෙහි අපමණ සැප සම්පත් ලැබූහ.

ගෞතම බුදුපියාණෝ බුද්ධත්වයෙන් සත්වන වස තුසිත දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයාට තෙමසක්ම විජම් බණ දේශනා කර මාතෘත්වයට කළගුණ සැලකූ සේක. මෙසේ දෙව්ලොවට වැඩමවීමෙන් පසුව විශ්මිත පෙළහර පා සංකස්සපුරට වැඩම කළ බුදුරදුන්ගේ අසිරියෙන් දේවාරෝහණ සභාව ඒකාලෝක විය.

මේ සුපින්බර දසුනින් අපමණ සතුටට පත් වූ මෛත්‍රෙය බෝසතාණෝ ගිහිගෙයි සියලු සැප සම්පත් කිසිදු තෘෂ්ණාවකින් තොරව හැර දමා ගෞතම බුදු සසුනෙහි ‘ආර්ය මෛත්‍රෙය’ නමින් පැවිදි වූහ.

මතු බුදුබව පැතූ මෛත්‍රෙය බෝධිසත්වයාණන් නියත විවරණ ලබා ගැනීමේ උදාර ප්‍රාර්ථනය පෙරදැරි කර ගනිමින් එළැඹුණු චීවර මාසයේ දී වස්ත්‍ර යුගලයක් පූජා කිරීමේ අසිරිමත් පින්කම සිදු කළේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.

බුදු රැස් මාලාවන් දස අත විහිදුවමින් පුන්සඳ මඬලක් සේ වැඩ සිටි ගෞතම මුනිදුන්ගේ කුටියෙහි වියනක් බැඳ තැබූ බෝසතාණෝ අනෙක් වස්ත්‍රය ගෙන රැලි ගන්වා වියන කෙළවරෙහි එල්ලා තැබූහ.

මෙසේ වස්ත්‍ර යුගලම පූජා කළ බෝසතාණන් වහන්සේ උක්කුට්ටිකව වැඩ සිටිමින් බුදුරදුන් දෙස බලාගෙනම මතු බුදු බව පැතූහ.

මේ මහඟු පින්කමේ අනුසස් බුදු නුවණින් දැක සතුටු වූ ගෞතම බුදුපියාණන් වහන්සේ මෙයට සොළොස් අසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පසු ‘මෛත්‍රෙය’ නමින් මතු බුදුවන ‘ආර්ය මෛත්‍රෙය’ හිමියන්ට නියත විවරණ ලබා දුන්හ.

එසේ විවරණ ලැබූ බෝසතාණන් වහන්සේ සසරේ අවසන් භවයේ දී බරණැස්නුවර කේතුමතී නම් රාජධානියේ උපත ලබන බවත් ‘සංඛ’ සක්විති රජතුමාගේ පුරෝහිත වූ සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා පියාණන් ද බ්‍රහ්මවතී බැමිණිය මෑණියන් ද වී නා ගස බුද්ධත්වයට සෙවණ සලසන බව ගෞතම බුදුපියාණෝ වදාළහ.

මෙයින් සතුටට පත් වූ භික්‍ෂූන් වහන්සේලා සාධුකාර දුන්හ. දෙව් බඹුන් දිව මල් පිදූහ. මෙම දසුනින් ප්‍රබෝධවත් වූ මිනිස්සු පී‍්‍රති ඝෝෂා කරමින් සැණකෙලි පැවැත්වූහ.

එදා ‘ආර්ය මෛත්‍රෙය’ නමින් ඇරැඹූ නිශ්චිත ප්‍රාර්ථනය සමගින් බෝසතාණෝ දීර්ඝ වූ සංසාර ගමනේ අවසන් භවයේ දී උපත ලබන කේතුමතී රජදහන සෞම්‍ය දේශගුණයකින් බබළයි. දෙව් ලොවක් හා සමාන වූ මේ මනුලොවෙහි මිනිස්සු මස් මාංශ අනුභව නොකරති. ඔවුන් ගන්නා ආහාරයන් අමෘත්තයන් සේ ය. කිසිවෙක් කිසිවෙකුට විපතක් සිදු නොකරති. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි කෙලෙසුන් දුරු කර ගනිමින් පන්සිල්, දස කුසල් සුරකිමින් මෙහි දිවි ගෙවන්නෝ දෙවි දේවතාවුන් සේ ය. පතාගෙන ආ පින්වන්තයන් මෙත් බෝසතුන් උපන් ගමෙහිම උපත ලබන්නේ යැයි අනාගත වංශ දේශනාවෙහි සඳහන් ය.

දුකෙන් පෙළෙන සත්ත්වයන් සසර කතරින් එතෙර කරවීමට මඟ පෙන්වන මේ මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට මෛත්‍රෙය බුදු රජාණන් වහන්සේ නමින් බුද්ධත්වය ලබන මෙත් බෝසත්තුමා අද වැනි පොහොය දිනයකදී මෙනෙහි කිරීම අගනේ ය.

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]