ශ්‍රී සම්බෝධි විහාරය
කොළඹ 07 ග්‍රෙගරිපාරේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ශීල සමාදාන වැඩසටහන
මෙසේය.
අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් බෞද්ධයා විකාශය ආරම්භ වීම
පෙරවරු 6.00 – 7.15 - සීල සමාදානය භාවනාව හා අනුශාසනාව ඉඟුරුවත්තේ
ධම්මගවේශි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව කැලණිය, වේවැල්දූව ශ්‍රී
නාගරුක්ඛාරාම පුරාණ විහාරය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය යන උභය
විහාරාධිපති මොරවක සෝරත නා හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව, කලවාන
ජාතුවංගොඩ දම්සක් විහාරසේනාසනාධිපති දොළොස්වල උදිතධීර හිමි, 11.00 –
11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුද්ධ පූජාව - සම්බෝධි විහාරවාසී
මහියංගනේ ධම්මකුසල හිමි, පස්වරු 12.30 – 2.00 – දම්සභා මණ්ඩපය –
ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර
වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 –
3.00 භාවනාව- ශ්‍රී කල්‍යාණි යෝගාග්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි
ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නා හිමි, 3.30 - 4.30 ධර්ම දේශනාව -
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරටුව ලුනාව උයන පාරේ බෝධි
රාජාරාමාධිපති අගලකඩ සිරිසුමන හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව - මහරගම
සිරි වජිරඥාන ධර්මායතන වාසී යටිරාවන ධම්මාරාම හිමි, කෙටි අනුශාසනාව -
සත්බුුදු වන්දනාව සහ සිල් පවාරණය කළුබෝවිල සමාධි චිත්ත
විවේකාශ්‍රාමාධිපති මහරගම පදුම හිමි. |