UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අමුගොඩ ජයසුමනාරාමයේ දෙමහල් සීමා මන්දිරය අග්‍රාමාත්‍යතුමන් අතින් විවෘත කිරීම 23 දා

ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරය තලගස්පේ ජයවර්ධනාරාමය කැටන්දොළ බෝධිරාජාරාමය හා කිරිදොළ ඉංගලහේනෙ ආරණ්‍ය සෙනසුන යන චතුර් විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ, එක්නැළිගොඩ විහාර පාර්ශවයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය, කවීශ්වර, ආචාර්ය, අමුගොඩ සෝමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි, විහාරාධිකාරී, දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නාහිමියන් ඇතුළු දායක කාරකාදීන්ගේ සංවිධානයෙන් ලක්‍ෂ 45 ක ධනව්‍යයෙන් තායිලන්තයේ බැංකොක් නුවර කැප්ටන් ප්‍රාමෝක් නා උබෝල් මැතිතුමා ඇතුළු ඥාතීන් විසින් තම දෙමාපියන් වන අභාවප්‍රාප්ත කර්නල් චාලේච් සේයින්ගරම්, තේන්මුවන් සේයින්ගරම් දෙපළ සිහි කිරීම් වස් අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ ඉදිකොට ඇති 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දෙමහල් සීමා මන්දිරය මෙම මස 23 දින පෙරවරු 10.15 ට  විවෘත කිරීමට නියමිතය.

ඉතිරිය»

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ සීමා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය

‘විනයෝ නාම සාසනස්ස ආයු’ ශාසනයේ ආයුෂය නම් විනය යි. එය සම්මා සම්බුද්ධ දේශනාවයි. භික්ෂුන් වහන්සේගේ විනය කටයුතු සඳහා නියමිත වූ ස්ථානය සීමා මාලකය නමින් හැඳින්වේ. අද දින ඇල්පිටිය - අමුගොඩ ජයසුමනාරාම මහා විහාරස්ථානයේ දී විවෘත වන සීමාමාලකය විහාරස්ථ භික්ෂුන් වහන්සේට මෙන්ම සතර දිගින් වැඩම කරවන භික්ෂූන් වහන්සේලාගේ විනය කටයුතු සඳහා ඉමහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දැහැමි ධනය සදයි සුවය

බුදු දහමෙහි අවධාරණය කරනුයේ වැරැදි මාර්ගවලින් උපයන ධනයෙන් සිය ජීවිකාව ගෙන යෑම මිච්ඡා ආජීවය බවත් ඉන් මිදී ධර්මානුකූල ධනයෙන් දිවිගෙන යාම සම්මා ආජීවය බවත්ය. මිනිස් ශ්‍රමය හෙවත් ශක්තිය යොදවමින් දිවි පැවැත්මට ප්‍රධාන ආර්ථික අංශ හතරක් පිළිබඳව සඳහන් වෙයි

ඉතිරිය»

පාසල් අධ්‍යාපනයත් බෞද්ධ අධ්‍යාපනයත් එකක් විය යුතුයි

මේ වසරේ වෙසක් පුන් පොහෝ දිනයෙන් ඇරැඹි සම්බුද්ධත්ව ජයන්ති වසරේ වැදගත්ම කටයුත්තක් ලෙස සැලකිය හැක්කේ පාසල් අධ්‍යාපනය තුළ සිසු විනය වැඩෙන අයුරින් ආගමික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළකි. මේ යටතේ සියලු ගුරුවරුන් දැනුවත් කිරීමද බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන් සඳහා විශේෂ පුහුණු වැඩමුළු පැවැත්වීමද මෙහිලා වැදගත් වෙනවා.

ඉතිරිය»

කළුඅග්ගල කිස්සියාවත්ත සිරි උපෝසථාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ශත වර්ෂයකට ආසන්න ඉතිහාසයක් ඇති හංවැල්ල, කළුඅග්ගල, කිස්සියාවත්ත සිරි උපෝසථාරාමයේ, 1993 වසරේ දී
නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ ඉමදූව බී.ඇස්.ඇල්සන් නම් මූර්ති ශිල්පියා විසිනි. එම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි. ඡායාරූපය ජනක වෙත්තසිංහ

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]