UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අවිස්සාවේල්ල මානික්කවත්ත ශ්‍රී විජයාරාමය


චෙත්‍ය රාජයාණන් වහන්සේ

මානික්කවත්ත ශ්‍රී විජයාරාමය ප්‍රදේශයේ ජීවත්වන සිංහලයන්ට මෙන්ම දමිළ සියලු දෙනාටම එකසේ සේවයක් වන අවිස්සාවේල්ල නගරයේ කර්මාන්ත පුරයට ආසන්නව පිහිටා ඇත. මෙම විහාරස්ථානය 1948 දී පොල්අතු මඩුවකින් ආරම්භකර, අද වන විට ප්‍රදේශයේ ආගමික හා සමාජීය සේවාවන් සිදුකරන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ. විහාරස්ථානය අවට පදිංචිව සිටින දමිළ ජනතාව ද ආගමික පහස විඳීමට මෙහි පැමිණීම සතුට දනවන කරුණකි. එසේම මෙම විහාරස්ථානයෙන් බෞද්ධ ජනතාවට මෙන්ම දමිළ හින්දු භක්තිකයින්ට ද අවශ්‍ය සහන සේවාවන් එකසේ සපයමින් සිටියි.


දුෂ්කර ක්‍රියාව පිළිබිඹු කරන ප්‍රතිමාව

අවිස්සාවේල්ල නගරයේ බුලත්විට වෙළදාමේ යෙදී සිටි අගෝනිස් අප්පුහාමි නම් සැදැහැවත් බෞද්ධයා විසින් පරිත්‍යාග කරන ලද අක්කරයක පමණ වූ දර්ශනීය කඳුගැටයක් සහිත භූමිභාගයක . යෝගියානේ ජිනවංශ ස්ථිවරයන් වහන්සේ කුප්පි ලාම්පුවේ එළිය ලබමින්, ඉතාම කටුක ජීවිතයක් ගත කරමින් මෙම ස්ථානය වර්තමාන තත්ත්වයට පත්කිරීමට ගත් වෙහෙස මහන්සිය ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුව ඇත.

1988 දී උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කොස්ගම මහානාම ස්වාමීන් වහන්සේ විහාරාධිපතිධූරයට පත්වීමෙන් පසු කුඩා ධර්මශාලාව වෙනුවට තෙමහල් ධර්මශාලාවක් ආරම්භ කිරීමට පියවර ගත්හ. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ පිරිසක් ශාසන සේවයට එක්කරමින් 2004 දී උන්වහනසේ අපවත් වූහ. දැනට විහාරාධිපති වශයෙන් කටයුතු කරන ශාස්ත්‍රවේදී ගෝනගල ජිනරතන හිමියන් මෙම විහාරස්ථානයේ වර්තමානයේ ඇති දර්ශනීය තත්ත්වයට පත් කිරීමට දැඩි වෙහෙසක් හා කැපකිරීමක් කළහ.


බෝධි ඝරයේ දසුනක්

විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වී ඇති අතර උඩමළුවේ සංවර්ධන කටයුතු ද නිමවෙමින් පවතී. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ හයනමක් ශාසනයට එක් කර ඇති උන්වහන්සේ උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් සිටිති. විහාරස්ථානය අවට වෙසෙන දමිළ ජනතාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම උදව් උපකාර කිරිම නිසා ඔවුහු පන්සල සමඟ දැඩි බැඳීමක් ඇති කරගෙන සිටිති. එම බැඳීම ශක්තිමත් කරමින් ආරුමුගන් තොන්ඩමන් අමාත්‍යවරයා මෙම පන්සලේ සංඝාවාසය ඉදිකිරීම සඳහා ලක්‍ෂ 10 ක මුදලක් ලබා දී තිබේ.

ආදි කර්තෘවරුන් වු යෝගියානේ ජිනවංශ නා හිමි සහ කොස්ගම මහානාම නා හිමි


විහාරාධිපති ගෝනගල ජිනරතන හිමි

බොහෝ විහාරස්ථානවල නොමැති බෝධිඝරයක් සහිතව බෝධීන් වහන්සේ නමක් වැඩසිටින නිසා වැසි අවස්ථාවක පවා බෝධිවන්දනා කිරීමට හැකියාව තිබීම මෙහි ඇති විශේෂ පහසුවකි. එසේම බෝසතුන්ගේ දුෂ්කරක්‍රියාව පිළිබිඹු කෙරෙන ප්‍රතිමාව ද බෞද්ධ ජනතාවගේ ඇගැයීමට ලක්වී තිබේ.

කෘත්‍යාධිකාරි කුරුවිට රතනවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විහාරස්ථානයේ පැවැත්වෙන ඉරුදින දහම් පාසලෙහි සිසුදරු දැරියෝ හාරසියයක් පමණ දහම් දැනුම ලබා ගනිමින් සිටිති. වර්තමානයේ සිදු කෙරෙන ඉදිකිරීම් , නෙලීම් ආදියේ වාස්තු කටයුතු සිදු කෙරෙන්නේද රතනවංශ හිමියන්ගේ අධීක්‍ෂණය යටතේ ය. නව ඉදිකිරීම් රැසක් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිත ය. උඩමළුවේ නිර්මාණය කිරීමට නියමිත දම්සභා මණ්ඩපය වෙත සංඝාවාසයේ සිට ගුවන් පාලමක් මතින් රහතන් වහන්සේලා හැටනමක් වඩින ආකාරය මූර්තිමත් කිරීම එයින් ප්‍රමුඛස්ථානයක් ගනී. විහාරස්ථානය වෙත වර්තමානයේ සැදැහැවත් ශක්තිමත් දායක පිරිසක් සම්බන්ධ වී සිටීම නිසා මෙවැනි දියුණුවකට මඟ පෑදී ඇති බව විහාරාධිපති වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ කෘතවේදීත්වයෙනි.

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]