UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පසුගියදා වන්නි සංචාරයක නිරත විය. ඒ සර්වාගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කිරීම සඳහාය. ඡායාරූපයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍යවරයා වවුනියාව මඩුකන්ද රජමහා විහාරයේ දී විහාරාධිපතීන් වහන්සේට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වූ අවස්ථාවය. මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්වරු ද සහභාගි වී සිටියහ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත් වූ ‘බුදුසරණ’ දීපව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය දිනූ මදුරන්කුලිය ආදර්ශ මහා විදුහලේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්ලිව්.ඒ. නදීශා ආසිරි කුසුම් සිසුවිය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අතින් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය, රුපියල් දසදහසක මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය ලබා ගත් අවස්ථාව මේ ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා, ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති සීසර් සුදුසිංහ යන මහත්වරු ද සහභාගී වූහ. පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය පිරිනැමීම සඳහා අනුග්‍රහය ලේක්හවුස් බෞද්ධ සංගමයෙනි.
ඡායාරූපය – තුෂාර ප්‍රනාන්දු

ශ්‍රී දළදා සමිඳු තේවා මුර මාරු වීමේ චාරිත්‍රය මල්වතු විහාරයෙන් අස්ගිරි විහාරයට පැවරීම පෝදා

ශ්‍රී දළදා සමිඳු තේවාමුර මාරුවීම මහනුවර මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට පැවරීමේ චාරිත්‍රය ජූලි මස 25 වෙනිදාට යෙදෙන ඇසළ පුර පසළොස්වක පෝය දින පැරැණි චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාළිගාවේ දී සිදුකෙරේ. මුර මාරු චාරිත්‍රය සිදුකෙරනුයේ ඇසැළ පෝය දිනට පසුදිනය.

ඉතිරිය»

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]