UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු - 6.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 8.00 බුදුගුණ වන්දනාව, 9.30 විදර්ශනා මාර්ගය - කම්මට්ඨානාචාරිනී චන්ද්‍ර රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව - ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, පස්වරු 1.00 රණවිරුවන්ට සෙත්පතා පිරිත් සජ්ඣායනාව , ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 2.00 ධර්ම දේශනාව - දන්දෙනියේ සීවලි හිමි, 3.00 ධර්ම සාකච්ඡාව බන්දුල උදයකුමාර මහතා , 5.00 සිල් පවාරණය - ශාස්ත්‍රවේදී වැලිපිටියේ විමල හිමි.


උයන්වත්ත වාලුකාරාමය

ඇසළ පෝදා - පෙරවරු 6.30 ට සිල් සමාදන් කරවීම, ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරත්න හිමි, 7.00 ට බුද්ධ පූජා වන්දනාව, බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, 8.00 ට ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනාව, මොරවක ධම්මරතන හිමි, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී වීරකැටියේ සුමන හිමි, 4.00 ධර්ම දේශනාව බුත්තල මෙත්තානන්ද හිමි, 7.00 අටවිසි බුද්ධ පූජාව බෙංගමුවේ චන්ද්‍රරත්න හිමි.


සිරිමංගල පිරිවෙන් විහාරය

පෝදා පෙරවරු - 6.00 සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්ණජි මයුරවංශ මහා ස්වාමීන්වහන්සේ, 6.30 බුද්ධ පූජා වන්දනාව, ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි, 8.30 භාවනා වැඩසටහන බලංගොඩ සාන්තසිරි හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව. පස්වරු 1.00 සෙත්පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤසිරි හිමි, 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණිඩිත කැළණියේ අජිත හිමි, 6.00 සිල් පවාරණය , 6.30 අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

ඇසළ පෝදා පෙරවරු - 6.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 7.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, 10.00 ධර්ම දේශනාව තෙලිජිජවිල සුසමාහිත හිමි, 11.00 බුද්ධ පූජාව. පස්වරු 1.00 සෙත් පිරිත් දේශනාව, පොඩි ස්වාමින්වහන්සේලා, 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සුගතසාර හිමි, 3.30 ධර්මානුශාසනාව මොරගොල්ලේ සුමනයෝගි හිමි, 5.00 වස් ආරාධනාව 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරි පණ්ඩිත හිමි.


මාතර ආරෝග්‍ය සේවා සංගමයේ ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන්පෝදා පස්වරු 3.30 ට මාතර මහ ෙරෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට්, සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.


පහළ පීක්වැල්ල පන්ථාරාම පුරාණ විහාරය

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, පණ්ඩිත ඌරුමුත්තේ සෝමරතන නාහිමි, 7.00 බුද්ධ පූජා වන්දනාව හිත්තැටියේ සමිත හිමි, 8.00 ගුවන්විදුලි ධර්ම දේශනාව 10.30 බුද්ධ වන්දනාව තොරපාවිට රාහුල හිමි, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, 4.00 ධර්ම දේශනාව වරාපිටියේ මංගල හිමි, 6.00 සිල් පවාරණය නුවරඑළියේ දමිත හිමි, 6.30 අටවිසි බුද්ධ පූජාව ගල්බොඩ පියරතන හිමි.


තලවතුගොඩ - සංඝමිත්තාරාමයේ පෝදා පින්කම්

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේදී ඇසළ පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6 -පස්වරු 6 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන්, පැවැත්වේ. පෙරවරු 8 - 9 උඩුදුම්බර ලංකානන්ද හිමියන් පවත්වන ධර්ම දේශනාවක්ද, 9.15 - 10.15 දක්වා පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 10.15 - 11 පන්නිපිටියේ ආසසංසා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයකින්ද 11 දහවල් බුද්ධ පුජාවෙන් අනතුරුව පස්වරු 12.30 - 1 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. ඕපනායක නිරාශා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 3 - හිඟුරේ පඤ්ඤාසේකර හිමියන් පවත්වන ධර්ම දේශනාවක්ද, 3 - 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවක්ද 5 - 5.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.30 ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


පන්නල දේවරාජාරාමයේ පින්කම්

ඇසළ උත්සවය නිමිත්තෙන් පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරන ඇසළ සදහම් කලාපය මෙම 24 සිට 28 දක්වා විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්වේ. විහාරාධිපති තම්මිට පියනන්ද, විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ඇසළ උත්සව කමිටුව මෙම උත්සවය සංවිධානය කර ඇත. ඇසළ තොරණ (වෙස්ස මිත්ත ජාතකය) සිල් නද සැදැහැ ගී ප්‍රසංගය, බෞද්ධ නාට්‍ය මුචලින්ද නාග දරණය ඇතුළු සංස්කෘතික අංග රැසක් මෙවර ද ඇසළ සදහම් කලාපයට ඇතුළත් ය.


කතරගම කිරි වෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී ඇසළ පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් කිරි ආහාර ගිලන් පස පූජාව හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යය වටා පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව සද්ධර්ම වාගිස්වර කලුතර සිරිනිවාසාරාම අධිපති ශාස්ත්‍රපති මාරපන විජිත නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේ දී පැවැත්වේ. මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු පැවැත්වීමෙන් අනතුරුව සිල්ගත් උපාසක උපාසිකාවන්ට ගිලන්පස පිරිනැමීම සිදු කෙරේ. කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල මඟින් පවත්වනු ලබන සිසිල් බීම දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට පෝදා දවස පුරා පැවැත්වේ. මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට උපාසක උපාසිකාවන්ගේ සාධු නාදයෙන් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව බෝධි පූජාව පවත්වනු ලබන්නේ අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසිනි. කිරිවෙහෙර 3 වන මලුවේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල මහසේන සිල් සමිතිය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


හොරේතුඩුව

කෙසෙල්වත්ත - හොරේතුඩුවේ ශ්‍රී චන්ද්‍රසේකර මහා විද්‍යාලීය බෞද්ධ සංගමය මගින් සංවිධාන කරන අසූමහා ශ්‍රාවක ආශිර්වාද පූජාවක් හා මහා පෙරහරක් ජුලි මස 24 වෙනි සෙනසුරාදා හොරේතුඩුවේ ශ්‍රී චන්ද්‍රසේකර විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින පෙරවරු 11.30 ට අසූමහා ශ්‍රාවක ප්‍රතිමා නිරාවරණය කිරීම හා මංගල පුෂ්පෝපහාරයද පස්වරු 1.00 ට අසූමහා ශ්‍රාවක ප්‍රතිමා රැගත් රිය පෙරහර වීථි සංචාරය කිරීම ද පස්වරු 6.00 ට අසූමහා ශ්‍රාවක ආශිර්වාද මහා පූජා ද පැවැත්වේ.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරයේ ඇසළ පුර පසළොස්වක පොහෝදා, ශීල භාවනා, ධර්ම දේශනා, මාලාවක් සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවසපුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 - 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්පහිමි, 7.00 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම විහාරාධිපති තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්පහිමි, 09.15 - 10.15 ධර්ම දේශනාව, රාජකීය පණ්ඩිත මාමඬලේ විමලහිමි, 10.15 - 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත්පිරිත් සජ්ඣායනාව, විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1.00 - 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම , තලල්ලේ සිරිමහින්ද මාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 - 3.00 භාවනා කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 4.30 - 5.30 ධර්ම දේශනය කරපුටුගල රේවත හිමි, 6.00 සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 - 7.30 ගිලන්පස සම්බුද්ධ පුජාව මෙහෙයවීම ගැට්ටුවානේ සුමේධ හිමි, රාත්‍රි 7.45 - 8.45 ධර්ම දේශනය මන්දාරම්නුවර පඤ්ඤානන්ද හිමි.


බොරැල්ලේ ගෝතමී විහාරය

කොළඹ 08 බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ මාසිකව සිදුකරනු ලබන සීල සමාදානය ඇසළ පොහොය නිමිත්තෙන් දවස පුරා පැවැත්වීමට විහාරාරක්‍ෂ දායක සභාව සහ ආය¸ මහිලා සමිතිය කටයුතු යොදා ඇත. පෙරවරු 6.00 උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව ශාස්ත්‍රවේදි කටුගහ පියදස්සී හිමි .6.30 ට සම්බුද්ධ පූජාව 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි, 9.15 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ නිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති බොරලන්කඩ විමලතිස්ස හිමි. පස්වරු 1.30 ධර්ම දේශනාව අම්බුළුගල සුමංගල හිමි. 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී කටුගහ පියදස්සි ඤාණරතන හිමි .6.00 සිල් පවාරණ හා අටවිසි බුද්ධ පුජාව දොළොස්බාගේ සාන්තනාග හිමියන් විසින් පවත්වනු ලැබේ.


සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේදී පුර පසළොස්වක පොහෝදා දවස පුරාම පින්කම් මාලාවක් පැවැත්වේ. මෙදින පෙරවරු 5 ට කිරි ආහාර , අට විසි බුද්ධ පූජාව, පෙරවරු 6 ට දහසකට අධික පිරිසක් සහභාගි වන සිල් වැඩසටහන ආරම්භ වේ. මෙම සිල් වැඩසටහනට විතලාවේ විනීත දඹර අමිල රත්මල්කැටියේ අරියනන්ද ගොම්බද්දල ධම්මික යන හිමිවරුන් ගේ ධර්ම දේශනා සහ මීගස්වැව සෝමරතන හිමියන් මෙහෙයවන යසෝදරාවත කාව්‍ය සහ භාවනා වැඩසටහන සහ ප්‍රණීත් අභයසුන්දර මහතාගේ ගිහිදේශනයක් ඇතුලත් වේ. සවස 6 ට වස් ආරාධනා පින්කම් සහ දින සියයක අසිරිමත් අට විසි බුද්ධ පුජා මහා පින්කම් මාලාව ආරම්භ වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංකල්ප දායක සභාව සංකල්ප දහම් පාසල සංකල්ප සණස සමිතිය, සංකල්ප ග්‍රාම සංවර්ධන සමිතිය සංකල්ප යෞවන සමිතිය, එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


මඩපාත ශෛලතලාරාමය

මඩපාත ශෛලතලාරාමාධිපති ශාස්ත්‍රපති මෙඬේරිගම නන්දාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වන ඇසළ සිල් පින්කම හා වස් ආරාධනාව මෙම මස 25 වන දින පැවැත්වේ. ගබ්වෙල වජිර, අපරැක්කේ මංගල, අගුල්මඩුවේ ධම්මරතන, හකුරුගම්මන සද්ධාතිස්ස , වරාපිටියේ ගුණරතන, කිංචිගුණේ චන්දවිමල යන හිමිවරුන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා හා බෝධි පුජා වැඩසටහන් සඳහා සහභාගි වෙති. ඊට අමතරව පස්වරු 02 ට තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතාගේ් විශේෂ දේශනයකි. එදින දම්සක් පැවතුම් සූත්‍ර දේශණාව දේශනා කරවීම හා වස් ආරාධනා කිරීම ද සිදු කෙරේ.


අනුරාධපුර මහා විහාරය

මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී ඇසළ පෝදා පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩ සටහන මෙසේ ය. පුන් පෝ දින පෙරවරු 6.00 - 6.30 ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 6.30 - 7.00 - බුද්ධ පූජාව, 8.00 - 8.30 - මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ගේ අනුශාසනය, 8.30 - 9.15 - ධර්ම දේශනය, 9.15 - 10.00 - භාවනා - මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා , 10.30 - 11.00 - ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව , 11.00 - ප.ව. 12.30 - දහවල් දානය හා පුණ්‍යානුමෝදනාව ප.ව. 12.30 - 1.00 - මහාවිහාර සන්නිපාත ශාලාවේදී ජාතක කතා දේශනාව - කිරින්දේ ඥානදර්ශන හිමි, 1.00 - 2.00 - ධර්ම සාකච්ඡාව, 2.00 - 2.30 - ශීල ආවර්ජනය , 2.30 - 3.30 - භාවනා, 4.00 - 5.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 5.15 - 6.00 - මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා, 6.30 - 7.00 - ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 - 8.30 මහා විහාර සන්නිපාත ශාලාවේදී ධර්ම දේශනය, 8.30 - 9.30 - භාවනා, 9.30 - 10.00 - පිරිත් සජ්ඣායනය, 10.00 - පුණ්‍යානුමෝදනාව - ඕපාත ධම්මසාර හිමි පුන් පෝ දිනට පසුදින පෙරවරු 5.00 - 5.30 - මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා, 6.00 - ජයසිරි මහා බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී ඇසළ පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පෝදා පෙරවරු 6.30 - 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 8 - 10.30 භාවනා වැඩසටහන මෙහෙයවීම වතුරුගම නන්දසිරි හිමි, 10.45 - 11.45 දේශනය ඩී.ජී. සුමතිපාල මහතා , පස්වරු 1 - 2.15 දහම් දෙසුම මලේගොඩ නන්ද නාහිමි, 2.30 - 4.30 දේශනය මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 4.45 - 6 ධර්ම දේශනය කුඹුරුපිටියේ මුනින්දවංශ හිමි, 6.30 - 7.30 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව.


බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනය

සද්ධර්මය ලොව පහළ වීමේ හා සංඝ රත්නය ලොව පහළ වීමේ මංගලමය අවස්ථාව සැමරීම සඳහා ඇසල පොහොය දා පස්වරු 6.30 - 7.30 දක්වා ධම්මචක්කප්පවත්තන සූත්‍රය බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී සජ්ඣායනය කෙරේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය හා සිටි එෆ්.එම්. සේවය ඔස්සේ එම අවස්ථාව සජීවීව විසුරුවා හරියි. ඔබත් මෙම දුර්ලභ අවස්ථාව හා සජ්ඣායනයෙන් සහභාගි වන්නැයිද මෙම මංගලමය අවස්ථාව සැමරීම සඳහා එදින උදේ සෑම නිවසකම කිරිබත් පිසීම සිදු කරන්නැයි කිරිබත් ආහාරයට ගෙන සජ්ක්‍ධායනය හා සම්බන්ධ වන්න යැයිද සද්ධර්මය පහළ වීමෙන් ඇති වූ ආලෝකය අප හදවත් තුළට සමීප කිරීමට අටපට්ටමක් වැනි පහන් කූ®ඩුවක් සෑම නිවසකම දල්වන්න යැයිද රාජ්‍ය සේවා බෞද්ධ සංගමය ඉල්ලීමක් කරයි. සද්ධර්මය ලොව පහළවීම සැමරීමට චේතනාන්විතව සහ සම්බන්ධ වූ ඔබට සද්ධර්මයේ රැකවරණය සැලසෙනු නියතය. රාජ්‍ය සේවා බෞද්ධ සංගමය මෙම වැඩසටහන මෙහෙයවන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පූර්ණ අනුග්‍රහය දක්වයි.


“තායි බුද්ධ ප්‍රතිමාව“ විවෘත කිරීම

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයට තායිලන්තයේ සිට වැඩම කර වූ තායි බුද්ධ ප්‍රතිමාව අභිනව බුදු මැදුරෙහි තැන්පත් කොට නිරාවරණය කිරීමේ උළෙල ජුලි 25 ඇසළ පුර පෝදා පෙරවරු 10.00 ට සිදු කෙරේ. සිංහගිරි විහාරාධිපති, විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උළෙලට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ද සහභාගි වීමට නියමිතය. බුද්ධ ප්‍රතිමා මැදුර ඉදිකරවා ඇත්තේ විල්සන් විතානගේ් මහතාගේ ධන පරිත්‍යාගයෙනි.


වැල්ලවත්තර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ ඇසළ පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේය.පෝදා පෙරවරු 6 - 7 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 7 - 8 ආහාර බුද්ධ පුජාව 8 - 9 ධර්ම දේශනාව මාදුළුවාවේ සෝභිත නාහිමි, 9 - 10 අරලියගහ මන්දිරයේ සිට විකාශනයවන ධර්මදේශනාව 10 - 11 ආරාධිත දේශනාව මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා පස්වරු 12 - 12.30 විවේක කාලය සහ දම්සක් පැවසුම් සූත්‍ර දේශනාව , 01 - 02.30 භාවනාව මෙහෙයවීම ගාමිනි පි‍්‍රයන්ත මහතා , 03- 04 ධම්මපද විවරණය , විශාරද දමයන්ති ජයසූරිය මහත්මිය 04 - 05 විහාරස්ථ මහා ස¼ඟරුවනට වස් ආරාධනාව සහ සෙත් පිරිත් දේශනාව 05.00 - 05.45 බුද්ධ පුජාව හා සිල් පවාරණය ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි,


උක්ඕවිට ආලෝක විහාරය

ගාල්ල, උඩුගම , උක්ඕවිට ආලෝක මහා විහාරයේදි ඇසළ පොහෝදා පින්කම් මාලාවක් පැවැත්වේ. විහාරාධිපති ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ගෝණදෙණියේ කුසලඥාන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්දායක සභාව , කුලඟන සමිතිය හා ශ්‍රී සංඝබෝධි දහම් පාසල එක්ව එය සංවිධානය කොට ඇත. එදින පෙරවරු 6.30 ට ශීල සමාදානය ආරම්භ කිරීම ශාස්ත්‍රපති වැයිහෙනේ ඥානාලෝක හිමියන් මෙහෙයවන අතර රාත්‍රී 7.30 ට මහා බෝධි පූජාවක් ගෝණදෙණියේ ඤාණානන්ද හිමිපාණන් මෙහෙයවති. පෙරවරු 11.00 ට විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතිය මගින් 1969 වර්ෂයේ සිට නොකඩවා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන “ කිරිපිඩු පූජාවද “ විහාරස්ථානයේදී 41 වන වරටත් පැවැත්වේ. රාත්‍රි 9 ට විහාරවාසී උපසම්පදා භික්ෂූන් වහන්සේලා සඳහා වස් ආරාධනය දායක සභාවේ සභාපති ශාස්ත්‍රාචාර්ය සුගත් වීරසිංහ මහතාගේත්, ලේකම් සාමවිනිසුරු තිලකවංශ රජගල්ගොඩ මහතාගේත්, භාණ්ඩාගාරික ශාස්ත්‍රපති මෝහාන් නන්දන නානායක්කාර මහතා ප්‍රමුඛ සතරපේරුවේ දායක කාරකාදීන්ගේත් සහභාගිත්වයෙන් සිදුකෙරේ.


අලුත්නුවර පෙරහර

මාවනැල්ල අලුත්නුවර ඓතිහාසික ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ වසරක් පාසා පවත්වන ඇසළ මහා පෙරහර සඳහා කප් සිටුවීම පසුගියදා සිදු කෙරිණි. මෙම පෙරහර වීදි සංචාරය කිරීම ජුලි 15 සිට 25 වෙනිදා දක්වා සිදු කෙරේ. අවසන් රාත්‍රී මහා පෙරහර ජුලි 24 වනදා පැවැත්වෙන අතර ජුලි 25 වනදා පැවැත්වෙන දවල් පෙරහරින් පසු අලුත්නුවර ඇසළ උළෙල නිමාවට පත්වේ.


එළුවාපිටියේ දන්සැල

වේයන්ගොඩ, එළුවාපිටිය එක්සත් සුබ සාධක සමිතිය මඟින් 14 වැනි වරටත් පවත්වනු ලබන මහා බත් දන්සැල මෙවරත් ඇසළ පුන් පසළොස්වක පොහොය දින (25) අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියස දී පැවැත්වීමට නියමිතය. පෙහෙවස් සමාදන්ව සිටින උපසාක උපාසිකාවන් උදෙසා දානය පූජා කිරීම සහ අටමස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සඳහා දහවල් දානය ලබාදීම මෙහිදී සිදුවේ.


තල්ගම

තල්ගම මෛත්‍රී අවමංග්‍යාධාර සමිතිය සහ එකමුතු සුබ සාධක සමිතිය එක්ව අනුරාධපුරය පුදබිමේ දී පවත්වන බත් දන්සැල ජූලි 25 දින පෝය දින පැවැත්වේ.


“බුදුසරණ” ධර්ම දානයට

අංක.10, සීනිගොඩ, මව්පිය පූජා අටවිසි බුදුමැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා තම උපන් දිනය සමරා මව්පිය ඥාති සැමට පින්පතා ඇසළ පෝදින සිල් සමාදන් වන සිල් පිරිසට බුදුසරණ පත්‍රය බැඟින් පූජා කිරීම සහ බෝධිපූජාවක් දකුණු වතුගෙදර විවේකාරාමයේ දී සිදු කැරේ. විහාරාධිපති, වතුගෙදර, සංඝරතන නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයට හීල දානය පූජා කර බුදුසරණ පත්‍රය බැඟින් පූජා කිරීමට කටයුතු සලසා ඇත. සංඝරතන හිමියන්ට සෙත් පැතීමත් අපවත්වී වදාළ ගල්වෙහෙර සීලරතන නාහිමියන්ට පින් අන්මෝදන් කිරීමත් සතර පේරුවේ සියලු දායක පින්වතුන්ට සෙත් පැතීමත් එහිදී සිදු කෙරේ.‍


මාම්පිට පුරාණ ගල්ලෙන් රජ මහා විහාරයේ නැරඹුම් මැදිරිය විවෘත කිරීම පෝදා

දැදිගම සහ ගලිගමුව මැතිවරණ කොට්ඨාස දෙකට මායිම්ව පිහිටි ඓතිහාසික මාම්පිට පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථාන භූමියේ ඉදිකරන ලද නැරඹුම් මැදිරිය ශ්‍රී පාද මන්දිරය දොළොස් මහා පහන ආරක්‍ෂක වැට, විදුලි පද්ධතිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සුරතින් ජූලි මස 25 වැනි දින පෙරවරු 09.35 ට යෙදෙන සුබ මොහොතින් විවෘත කෙරේ. අනතුරුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ සංචාරක මණ්ඩලයේ ප්‍රතිපාදන මත ඉදිකෙරෙන විශ්‍රාම ශාලාවට ද මුල්ගල් තැබීමට ද නියමිතය.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ පෝදා වැඩසටහන මෙසේය. පෙරවරු 6 -7 සිල්සමාදන් කරවීම. අනුශාසනාව හා බුද්ධ පූජාව , පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 8 -9 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9 -10 ධර්ම දේශනාව, දර්ශනපති අගලකඩ සිරි සුමන මාහිමි, 10- 11.15 පරෝපකාර සංග්‍රහය - ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ තබ්බෝවේ තපංකර හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2 - 3 වෙසෙසි දෙසුම ආචාර්ය ජයන්ත වත්තෙවිදානගේ මහතා, 3 - 4 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි 4.15 වස් ආරාධනාව වැඩිහිටි සීල සමාදාන ශාලාවේදී, 4.15 - 5 ධර්ම දේශනාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි , 5 - 6 ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


ලේ දන්දීමේ පින්කමක්

නාවාන සිරිසිද්ධත්තාරාම පුරාණ විහාරස්ථානයේදී විහාරස්ථ දායක සභාව සහ අනෙකුත් සංවිධාන විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන ඇසළ පෝදින උදේ 9.00 ට විහාරස්ථ ධර්ම ශාලාවේදී ආරම්භ කෙරේ.

සමනලතැන්නේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි එය පැවැත්වේ.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වස්සාන පින්කම්

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ජූලි මස 26 වෙනි දින සිට ලබන ඔක්. 22 දින දක්වා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී නොකඩවා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව සෑම උදෑසනකම පැන් නොමුසුව පිළියෙළ කරන ක්‍ෂීරපායසයක්, දවල් ව්‍යාංජන වර්ග තිස් දෙකකින් යුත් ආහාර පූජාවක්, පස්වරු 06.30 ට වර්ග තිස් දෙකකින් සමන්විත ගිලන්පස බුද්ධ පූජාවක්, ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමට සැදැහැවත් පිරිස සූදානම්ව සිටිති. ඒ අතර බෞද්ධ මණ්ඩල සංඝාවාසයේ දී වස් සමාදන් වන භික්‍ෂූන් වහන්සේලා උදෙසා දාන මානාදි වතාවත් සිදු කිරීමට හා වස් තුන් මාසය මුළුල්ලේ විශේෂිත වූ පින්කම් රැසක් සිදු කිරීමට ද බෞද්ධ මණ්ඩලය කටයුතු යොදා ඇත.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]