UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව වස් විසීම්

දඹදිව සියලුම සිද්ධස්ථානයන්හි වස් සමාදන්වීම් කටයුතුª ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම්, භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොම්ගොඩ රේවත නාහිමියන්ගේ් අනුශාසනා පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇත. සම්පූර්ණ වස් තුන් මාසය තුළ කල්කටාවේ ශ්‍රී ධර්මරාජික චෛතිය විහාරයේ ශ්‍රී‍්‍ර ලංකාවාසී භික්ෂූන් වහන්සේලා පස්නමක් වස් සමාදන්වන අතර ගිලන්පස බුද්ධපූජා ධර්මදේශනා වලට අමතරව ත්‍රිපිටක සජ්ක්‍ධයනාව ද සිදුකෙරේ. මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලබන්නේ කෝට්ටේ බැද්දගාන වෙහෙරකන්ද පාරේ එන්. ඒ. දේවිකා කරුණාත්රන මහත්මිය ඇතුළු පවුලේ සැම විසිනි. කල්කටාවේ ධර්මරාජික විහාරයේ පහත නම් සඳහන් භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වීමට නියමිතව ඇත. තිනිපිටිගම පියදස්සි, හපුතලේ විමලධම්ම, ඉදුල්ගොඩකන්දේ ඤානානන්ද, කදුරුවාවේ වජිරවංශ, එගොඩබැද්දේ උපරතන යන හිමිවරු වේ.

බුද්ධගයා මධ්‍යස්ථානයේ පැලන්වත්තේ් සීවලි හිමි, මල්මඩුවේ ධම්මකිත්ති හිමි, ඇල්. දේවානන්ද හිමි, කහටගස්දිගිලියේ මේධංකර හිමි, ගෝමරන්කඩවල හේමරතන හිමි, රඹුක්කන සුගතවංශ හිමි යන භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වීමට නියමිත අතර මෙවර වස් ආරාධනා කරනු ලබන්නේ කඩවත රංජිත් කරුණාරත්න මහතා ඇතුළු පවුලේ සැම විසිනි.

ඉන්දීය මහාබෝධි සමාගමේ ලුම්බිණි මධ්‍යස්ථානයේ කිරිගල්වැවේ වනරතන හිමියන් රතනපිටියේ නේමින්ද යන භික්ෂූන්වහන්සේලා වස් සමාදන් වන අතර නවදිල්ලි මධ්‍යස්ථානයේ මානියම්ගම නන්දසිරි හිමියන් වස් සමාදන්වනු ඇත. ඔරිස්සා මධ්‍යස්ථානයේ ගස්පේ සද්ධාතිස්ස හිමියන් ද ලක්නවු හි ගලගෙදර ප්‍රඥානන්ද හිමියන් මෙවර වස් සමාදන් වීමට නියමිතය. වස් තුන් මාසය තුළ සියලුම මධ්‍යස්ථානයන්හි, ධර්ම දේශනා, භාවනා, ශීල සමාදන් කටයුතු ආදි පින්කම් රාශියක් සිදුකිරීමට විධි විධාන යොදා ඇත.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]