UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

පඬුවස්නුවර මාවීඇල ශ්‍රී නන්දසාර බෞද්ධ මධ්‍යස්ථානයේ මොරගනේ මහින්ද හිමියන්ගේ සහ නුගේගොඩ සුභද්‍රාරාම පිරිවනේ ආචාර්ය දියගම නාරද හිමියන්ගේ ශිෂ්‍යවරයකු ලෙස කන්තලේ ධම්මජීව හිමියන් මහනුවර මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවීම ජුනි මස 12 වනදා සිදු කැරිනි.

ත්‍රිකුණාමලය කන්තලේ ජයන්ති පුර වාන්ඇල පදිංචි උඩුවැල්ගෙදර චන්ද්‍රසිරි සහ කරමලේගෙදර බණ්ඩාර මැණිකේ යන අයගේ පුතණුවන් වූ උන්වහන්සේ බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවනේ ඉගනුම ලබති.

පඬුවස්නුවර මධ්‍යම සමූහ යූ.ඒ.ප්‍රේමදාස.

 

******


කළුදෑවල
ධම්මරතන හිමි

හොරණ වවුළුගල බෝධිරාජාරාමය කොතලාවල නාමළුව ආරණ්‍ය සේනාසනය යන උභය විහාරාධිපති මාපුටුගල අනුරුද්ධ හිමියන්ගේ ශිෂ්‍ය කළුදෑවල ධම්මරතන සාමණේරයන් වහන්සේ ජුනි 23 වනදා මහනුවර අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිතය. ජුනි 25 වනදා පස්වරු 3 ට රේරුකාන ශ්‍රී වර්ධනාරාමයේ සිට පෙරහරෙන් අධිසිල් ලද කළුදෑවල ධම්මරතන හිමියන්ට නාමළුව විහාරස්ථානය වෙත වැඩම කැරේ. එදින 5.00 ට මංගල ධර්ම දේශනාව සිදු කිරීමටද නියමිතය.

විහාරස්ථ දායක සභාව උපාසිකා සමිතිය ඇතුළු ස්වේච්ඡා සංවිධානයන්හි දායකත්වයෙන් සංවිධානය කර ඇත.

 

******


දබරැල්ලේ
විමලසාර හිමි

කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති උළුවිටිකේ අනුරුද්ධ හිමියන්ගේ ශිෂ්‍ය දබරැල්ලේ විමලසාර හිමියෝ මෙම 18 දා කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබීමට නියමිතව තිබිණ.

දබරැල්ලේ කාරියමඩිත්ත එස්.වයි.ඒ. ලීලාවතී මහත්මියගේ පුත් දබරැල්ලේ විමලසාර හිමියන් වේ. දබරැල්ලේ විමලසාර හිමියෝ පොසොන් පෝදා පෙරවරු 8 ට කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ දී මංගල ධර්ම දේශනය පවත්වනු ලැබෙති.

******

 

ඇතාවැටුනුවැවේ රතනපාල හිමි

පොල්ගහවෙල වෙහෙරපිටිය කු/විද්‍යාර්ථෝදය මහ පිරිවෙන් විහාරය හා පොල්ගහවෙල ඉඹුල්ගොඩ ශ්‍රී පොත්ගුල් විහාරය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති දෙල්දෙණියේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමියන්ගේ හා විද්‍යාර්ථෝදය මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, ශාස්ත්‍රපති වල්ගම සුමනසිරි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය, ඇතාවැටුණුවැවේ රතනපාල සාමණේරයන් වහන්සේ ඉකුත් 8 වනදා මහනුවර මල්වතු මහාවිහාරීය රාජපූජිත මංගල උපෝෂථාගාරයේදී උපසම්පදාවට පත්වූහ.

උන් වහන්සේ විද්‍යාර්ථෝදය මහ පිරිවෙණින් මූලික අධ්‍යාපනය හදාරා ප්‍රාචීන පණ්ඩිත විභාගයට ද ඉදිරිපත්වී ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටිති. දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසර විශේෂ ශාස්ත්‍රවේදි උපාධි පාඨමාලාව හදාරණ උන්වහන්සේ අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරඟාවලියේ 2005 වසරේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් හිමිකර ගනිමින් විද්‍යාර්ථෝදය මහ පිරිවෙනට විශාල කීර්තියක් හිමිකරදුන් ශිෂ්‍යවරයෙකි.

කහටගස්දිගිලිය ඇතාවැටුණුවැව පදිංචි රණසිංහ මුදියන්සේලාගේ ගුණතිලක සහ සුද්දහාමිලාගේ සුජාතා යන දම්පතීන්ගේ පුත්‍රරත්නයකි. උපසම්පදාලාභී හිමියන්ගේ මංගල ධර්ම දේශනාව පොසොන් පොහෝ දින රාත්‍රී 7.30 ට පොල්ගහවෙල ඉඹුල්ගොඩ ශ්‍රී පොත්ගුල් විහාරස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

******

නාරංවත්තේ
ධම්මසිරි හිමි
බෝගහපැලස්සේ සුජාත හිමි කුරණ සිරිනිවාස හිමි කැටේපොල
සෝමින්ද හිමි

කොළඹ 07 බුලර්ස් පටුමග ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති රයිගම් කෝරළයේ පධාන සංඝනායක කිරිඇල්ලේ සරණංකර නාහිමියන්ගේ සහ ඉංගිරිය දීපාලෝක විහාරාධිකාරී, දර්ශනවේදී මුදුන්කොටුවේ ශාන්තසිරි හිමියන්ගේ ශිෂ්‍ය සාමණේරයන් වහන්සේලා වන නාරංවත්තේ ධම්මසිරි, කුරණ සිරිනිවාස බෝගහපැලස්සේ සුජාත, කැටේපොල සෝමින්ද යන හිමිවරු ජුනි 18 වන දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක රාජකීය පණ්ඩිත, බෙල්ලන ශ්‍රී ඤාණවිමල නාහිමිපාණන් ප්‍රධාන කල්‍යාණී සාමශ්‍රී කාරක සංඝ සභාව වෙතින් කෝට්ටේ රාජමහා විහාරස්ථ ශ්‍රී කල්‍යාණී සාමශ්‍රී ධර්මමහා සංඝ සභාවේ උපෝසථාගාරයේදී අධිසිල් ලැබූහ. එම උපසපන් භික්ෂූන් වහන්සේලා පිළිගැනීමේ මහෝත්සවය ජුනි 25 වනදින පස්වරු 2.30 ට ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථානයේදී සිදු කැරේ.

ඉංගිරිය විශේෂ

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]