UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දොඩම්ගොඩ රේවත හිමියෝ භාරතයේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්වෙති

සියම් මහා නිකායේ කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර මහා සංඝසභාව විසින් 2010 මැයි 29 දා එකී සංඝ සභාවේ අතිපූජ්‍ය මහානායක රාජකීය පණ්ඩිත බෙල්ලන ඥානවිමල මහ නාහිමියන්ගේ මූලිකත්වයෙන් රැස් වී ඉන්දීය මහාබෝධි සමාගමේ මහ ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් භාරතදේශයේ ප්‍රධාන සංඝනායක ධූරයට ඒක ඡන්දයෙන් පත්කරනු ලැබ ඇත.

දැනට වසර හතළිහකට පෙර දඹදිව අනගාරික ධර්මපාලතුමන් විසින් ආරම්භ කළ ඉන්දීය මහාබෝධි සමාගමේ විවිධ වගකිව යුතු පදවි හෙබ වූ උන්වහන්සේ වර්තමානයේ ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන පාලක ස්වාමීන් වහන්සේ ය.

කොළඹ විද්‍යොදය පිරිවෙණේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු වසර දොළහක් එකී විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත.

හින්දි, සිංහල, ඉංගී‍්‍රසි යන භාෂාවලින් ග්‍රන්ථ දහසයක් සම්පාදනය කර ඇති උන්වහන්සේ බටහිර බෙංගාල පරමවිඥානාර්ථ සමාගමේ සභාපතිධූරය ද දරති. අනගාරික ධර්මපාලතුමන්ගෙන් පසු ඉන්දීය මහාබෝධි සමාගමට නවජීවයක් ලබාදුන් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් හින්දි භාෂාව පිළිබඳව නිපුණත්වයක් දරන්නෙකි.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]