UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ දී පින්කම් මාලාවක්

පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේදී, විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, ධර්ම විශාරද, විචිත්‍රභාණී, රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් උදුවප් මස තුළ පින්කම් රැසක් පැවැත්වේ.

ඒ අනුව දෙසැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 28 දක්වා පහත සඳහන් වැඩසටහන් සිදු කැරේ. 15වනදා පස්වරු වෑකඩ සිට පෙරහරෙන් රැගෙන එන ෂඩ්වර්ණ බෞද්ධ ධජය ශ්‍රී මහා විහාර සෑ රජුන්ට පැළදවීම ද 15 දින සිට 24 දින දක්වා දිනපතා පස්රු 6.30ට ආශිර්වාද පූජාවක්ද 25 වනදාතිස් පැය පිරිත ද (ආරම්භය ප.ව.3.00ට) 26 වනදා (අලුයම 4.51 ට දේව ප්‍රතිමා පිරිත් පැනින් නහවා සළු පැළදවීම) අලුයම 5.30 ට කිරි ආහාර බුද්ධ පූජා පැවැත්වීම සහ කිරි අම්මාවරුන්ගේ දානයද පෙ.ව.10.10ට සර්ව ආගමික ප්‍රධානීන් විසින් පානදුර මුහුදු වෙරළේදී පවත්වනු ලබන සුනාමි අනුස්මරණ පූජාවද ප.ව.5.00ට දේවදානය ද ප.ව.7.00ට දේව පූජාවද රාත්‍රී 8.00ට මළුවේ පෙරහරද පැවැත්වේ. 27 වනදා ප.ව. 7.00ට අෂ්ඨ මහා දේවාලයන්හි පෙරහර අලි ඇතුන් හා නැටුම් කණ්ඩායම් සහිතව වීථි සංචාරය කැරේ. 28 වනදා පෙ.ව.8.00ට පානදුර, ග‍ෙග් දිය කැපීම සඳහා පෙරහර පිටත්වේ.

උඳුවප් අමාවක පෝය
 
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]