UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සීනිගම ඇසළ මංගල්‍යය

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 42 වාර්ෂික ඇසළ මංගල්‍යය අගෝස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් මස 4 වැනි දින දක්වා පැවැත්වීමට සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකාර ඩී.එච්.සම්පත් විරාජ් ප්‍රසන්ජන මහතා ඇතුළු උත්සව සංවිධායක කමිටුව තීරණය කර ඇත. අගෝස්තු මස 21 වැනි දින පෙරවරු 10.07 ට කප් සිටුවීමෙන් ආරම්භ වන සීනිගම ඇසළ උත්සවය අගෝස්තු මස 28 වැනි දින මැති ඇමැතිවරු හා මහනාහිමිවරුන්ගේ සහභාගීත්වයෙන් පෙරවරු 10 ට උදා සමුළුවද එදින රාත්‍රී 9 ට සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය ද හා 29 වැනි දින පෙරවරු 7 ට මහා සංඝරත්නය උදෙසා සපිරිකර සහිත හීල මහා දානය පිරිනැමීමෙන් උත්සවයේ මූලික වැඩකටයුතු සිදු කෙරේ. අගෝස්තු මස 29 වැනි දින රාත්‍රී 07.30 ට ආරම්භ වන දකුණු පළාත් සභා රාජ්‍ය නැටුම් සංදර්ශනයෙන් මුළු රාත්‍රිය පුරා දේවාල ශුද්ධභූමියේ එළිමහන් රංගපීඨයේ දී රඟ දක්වනු ලැබේ. අගෝස්තු මස 30 වැනි දින දිවා මහා පෙරහර අලි ඇතුන් සමග උඩරට, පහතරට, සබරගමු නර්තන වලින් යුක්ත වන අතර එම පෙරහර සීනිගම දේවාලයේ ශුද්ධ භූමියේ සිට තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් මහා විහාරයට ද, 31 වැනි දින දිවා මහා පෙරහර සීනිගම දේවාලයේ සිට හික්කඩුව සංචාරක පුරවරයට ද සැප්තැම්බර් මස 01 වැනි දින හා 2 වැනි දින විදුලි ආලෝකයෙන් ඒකාලෝක වන රාත්‍රී මහා පෙරහර දෙක සීනිගම දේවාලයේ සිට රාත්‍රී 08.30 පැරෑලියේ බාමියන් බුදුපිළිම වහන්සේ දක්වා ගමන් කර ආපසු තොටගමුව ශ්‍රී විජයබා මහා විද්‍යාලයෙන් හරහා නැවත දේවාල ශුද්ධභූමියට සැපත් වීමට නියමිතව ඇත.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]