UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

කොට්ටාව පැලැන්වත්ත විද්‍යා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිපන්කන්දේ සද්ධාසිරි නා හිමියන්ගේ හා හිපන්කන්ද ශ්‍රී පාද මහා විහාරාධිපති විද්‍යා සමාධි පිරිවෙන්පති ඇඹිලිපිටියේ රාහුල හිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සෙ දහසය නමක් කොළඹ කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරස්ථ සිරි ධීරානන්ද සීමා මාලකයේ දී මෙම 13 වන දා අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ මහනායක බලංගොඩ සුධම්මවංස මහා නාහිමියන් ප්‍රධාන මහ සඟරුවන වෙතින් අධිසිල් ලබති.

එසේ අධිසිල් ලබනුයේ පැලවත්තේ සිරිසුගත, දෙල්දූවේ ධම්මසාර, සූරියවැව විජිත, කොරතොට ධම්මදස්සි, හිපන්කන්දේ කල්‍යාණසිරි, දෙබරවැව චන්දිම, මහානාගපුර විපස්සි මහානාගපුර ධම්මසීහ, තිහගොඩ සාරද, නවගමුවේ මෛත්‍රී මහානාගපුර ධම්මජෝති ලුණුගම්වෙහෙරේ පදුමසිරි, මාලාවල ධම්මවිමල, හක්මන උපරතන හක්මන නන්දසිරි මුතියම්මාගම උදිත හිමි යන සාමණේර හිමිවරුන් ය.

පැලවත්තේ සිරිසුගත හිමියන් මීගහතැන්න වැල්මීගොඩ මුණසිංහ ගුණදාස සහ එම්.ගුණවතී දම්පතීන්ගේ පුතණුවන් වේ. දෙල්දූවේ ධම්මසාර හිමියන් ඇල්පිටිය ජී.ඩබ්ලිව්. චන්ද්‍රපාල සහ ආර්. පද්මා ජයන්ති දම්පතීන්ගේ පුතණුවන් වේ. සූරියවැව විජිත හිමියන් සූරියවැව මහපෑලැස්ස ඩබ්ලිව්.ඒ. ජෝන් විජේසිංහ සහ ඩබ්ලිව්. ලලිතා දම්පතීන්ගේ පුතණුවන් වේ. කොරතොට ධම්මදස්සි හිමියන් කඩුවෙල කොරතොට ආර්.පී. චන්ද්‍රසේකර සහ ඩබ්ලිව්.ඒ. නිලන්ති රන්මැණිකේ දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ. දෙබරවැව චන්දිම හිමියන් තිස්සමහාරාමයේ දෙබරවැව ඕ.එම්. ජයතිස්ස සහ ඕ.එම්. කුසුමාවතී දම්පතීන්ගේ පුතණුවන් වේ. මහානාගපුර විපස්සී හිමියන් ලුණුගම්වෙහෙර මහානාගපුර විජේසේන විදානගමගේ සහ වී.පී. රම්‍යා ප්‍රින්සි දම්පතීන්ගේ පුතණුවන් වේ. මහානාගපුර ධම්මසීහ හිමියන් ලුණුගම්වෙහෙර මහානාගපුර කේ.ජී.ගුණපාල සහ ජී. කුසුමාවතී දම්පතීන්ගේ පුතණුවන් වේ.

තිහගොඩ සාරද හිමියන් තිහගොඩ ගුණපාල පුංචිහේවා සහ හේවා පච්චිමගේ චන්ද්‍රලතා දම්පතීන්ගේ පුතනුවන් වේ. නවගමුවේ මෛත්‍රී හිමියන් රණාල දැඩිගම එම්.ආර්. රත්නසේකර බණ්ඩාර, සහ ශි‍්‍රයාලතා අබේනායක දම්පතීන්ගේ පුතණුවන් වේ. මහානාගපුර ධම්මජෝති හිමියන් ලුණුගම්වෙහෙර මහානාගපුර වෙදගේ ගුණදාස සහ එල්.ජී. සිරියාවතී දම්පතීන්ගේ පුතණුවන් වේ.

ලුණුගම් වෙහෙරේ පදුමසිරි හිමියන් ලුණුගම්වෙහෙර ආර්.කේ.ජී. ගුණසිරි සහ එම්.ඩබ්ලිව්.ඩී.ගුණසිලි දම්පතීන්ගේ පුතණුවන් වේ. මාලාවල ධම්මවිමල හිමියන් කුඩා ඌරගහ ඇස්.එච්. ඇල්ඩින් සහ ටී.එච්.සැල්ඩින් දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ. හක්මන උපරතන හිමියන් සහ හක්මන නන්දසිරි හිමියන් දෙනගම පල්ලාවෙල අයි. පීටර්සහ පී.ඒ. සුමනාවතී යන දම්පතීන්ගේ පුතුන් වේ.

මුතියම්මාගම උදිත හිමියන් තිස්සමහාරාමයේ ඒ. ඒ. සුමතිපාල සහ ආර්. පී. හේමවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

තම්පලාවෙල රතනවංස හිමි

කුලියාපිටිය දියකලමුල්ල රණතුංග මුදලින්දාරාමස්ථ ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අත්තන්ගනේ සාසනරතන හිමියන්ගේ ශිෂ්‍ය තම්පලාවෙල රතනවංස සාමණේරයන් වහන්සේ ඉකුත් 5 වනදා පොල්ගහවෙල මාඔය උදකුෙක්‍ඛප සීමාවේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක වේවැල්දෙණයේ මේධාලංකාර මහනාහිමියන් ප්‍රධාන මහ සඟරුවන වෙතින් අධිසිල් ලැබූහ.

රතනවංස හිමියන් පිළිගැනීමේ උළෙල ඇසළ පෝදා සිදු කැරෙන අතර එදින පස්වරු 7ට උන්වහන්සේගේ මංගල දම් දෙසුම පැවැත්වේ. රතනවංස හිමියන් තම්පලාවෙල විසූ ආර්. එම්. ගුණරත්න මහතාගේ සහ එච්. එම්. ගුණවතී මහත්මියගේ පුතණුවන් වේ.

රත්මලානේ ධම්මික හිමි

මොරටුව කල්දෙමුල්ලේ පුලිනතලාරාමය ආරම්භ කර මෙම වසරේ නොවැම්බර් 21 වන දිනට වසර 90 ක් සපිරේ. ඒ නිමිත්තෙන් පැවැත්වෙන පින්කම් මාලාවට සමගාමීව විහාරාධිපති රත්මලානේ සිරි සුමනතිස්ස නාහිමියන්ගේ ශිෂ්‍ය රත්මලානේ ධම්මික පොඩි හාමුදුරුවන් වහන්සේ මෙම මස 13 වන ඉරුදින සවස 3.00 අමරපුර මූලවංශික මහ නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව වෙතින් පුලිනකලාරාම මහ විහාරස්ථ සිරි ගුණාලංකාර සීමාමාලකයේ දී උපසම්පදාවට පත් කෙරේ.

රත්මලානේ ධම්මික පොඩිහාමුදුරුවන් වහන්සේ ජූලි 13 වන දා පෙරවරු 8.00 ට රත්මලානේ ශ්‍රී ඤානේන්ද්‍ර පාරේ තිලරත්නාරාමයේ සිට පෙරහරකින් පුලිනතලාරාමයට වැඩම කරවනු ලැබේ. උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින රාත්‍රී 7.00 ට පුලිනතලාරාමයේ දී පැවැත්වේ.

දේවාලේගම පඤ්ඤානන්ද හිමි

පඬුවස්නුවර - උඩගම ශ්‍රී බෝධිරාජාරාමවාසී දේවාලේගම පඤ්ඤානන්ද සාමනේරයන් වහන්සේ ඉකුත් 07 වනදා පොල්ගහවෙල මා ඔයේ ඉදිකරන ලද උදකුක්ඛේප සීමා මණ්ඩපයේදී විහාරාධිපති උඩගම සිරි අමිත හිමියන්ගේ සහ ජයසිරිපුර විභාවි හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් අධිසිල් ලැබූහ. දේවාලේගම පදිංචි වී.පී. පියසේන සහ වී.ජී. කරුණාවතී යන දෙපල උන්වහන්සේගේ මව්පියන් වෙති.

ගතාරේ ඤාණාලංකාර හිමි

මාතර, කොටුව, මිගදාය ශ්‍රී රතනපාල පිරිවෙන්හි ධර්ම අධ්‍යාපනයෙහි නිරත කඹුරුගමුව පුරාණ ඇත්කඳ රජ මහා විහාරවාසී ගතාරේ ඤාණාලංකාර හිමියෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර මහා සංඝ සභාවේ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. කඹුරුගමුව ඇත්කඳ රජ මහා විහාරාධිපති හිග්ගොඩ ඤාණරතන, සිංගප්පුරුවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඇල්ගිරියේ ඉන්දරතන යන හිමිවරුන් ගේ අධිසිල් ලැබූ උන්වහන්සේ ඉකුත් ජුනි මස 18 දින කඹුරුගමුව ඇත්කඳ රජමහා විහාරයේදී මංගල ධර්ම දේශනය පවත්වන ලදී.

නාගොඩ වංසානන්ද හිමි

බත්තරමුල්ල උඩුමුල්ල සුධර්මාරාමාධිපති නාගොඩ නන්දපාල හිමි මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙන් මහා විහාරාධිපති නාගොඩ අමරවංස හිමි යන ස්වාමීන්වහන්සේලාගේ ආචාර්යත්වයෙන් නාගොඩ වංසානන්ද සාමණේරයන් වහන්සේ කුරුණෑගල පොල්ගහවෙල දී ඉකුත් 5 වනදා සිට වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියන් ගේ් ප්‍රධානත්වයෙන් සිදු කැරෙන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයේදී අධිසිල් ලැබීමට නියමිතව තිබිණි.

නාගොඩ වංසානන්ද හිමියන්ට ප්‍රසාද පූජා පැවැත්වීමේ පින්කම මෙම 20 වනදා බත්තරමුල්ල උඩුමුල්ල ශ්‍රී පූර්වාරාමයේදී සිදු කැරේ.

මන්දාරම්නුවර විමලවංශ හිමි

ගනේමුල්ල හොරගොල්ල සිරි මහින්දාරාමාධිපති මිද්දරමුල්ලේ අරියකිත්ති තිස්ස නාහිමි සහ අහුංගල්ලේ දීපවංශ තිස්ස හිමියන්ගේ ශිෂ්‍ය මන්දාරම්නුවර විමලවංශ සාමනේරයන් වහන්සේ මෙම 12 වනදා කොස්ගොඩ සරණංකර තිස්ස මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බලපිටිය වැලිතර අම්බරුක්ඛාරාම මූල මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලබති.

ඒ හිමියන් මන්දාරම්නුවර ඒ. ඒ. මුදියන්සේ සහ ආර්. එම්. කරුණාවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]