UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කුඩමාදුව ශ්‍රී සංඝිකාරාමයේ අභිනව වාහල්කඩ පසුගිය දා විවෘත කරන ලදී. සද්ධර්ම කීර්ති පරගස්තොට පියරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කාර්ය සාධක සමිතියේ අධීක්‍ෂණය යටතේ කුමාර කන්නන්ගර මහතා සහ එම මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් මෙය ඉදිකරවන ලදී. ඊට සමගාමීව විහාරස්ථානය වටා ආරක්‍ෂිත පවුර ඉදිකරවීම කපිල පද්මලාල් මහතා හා එම මහත්මිය විසින් සිදුකරන ලදී.

ජපන් ජාතික එයිගෙන් කකුද මහායානික භික්‍ෂූන් වහන්සේ එයිගෙන් සෝමරතන නමින් ඉකුත් 9 වන දා ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරස්ථානයේදී පැවිදි බිමට පත් වූහ. එහිදී තවත් කුල දරුවන් දෙදෙනකු බදුල්ලේ රතනපාල සහ බඹරකිරිඇල්ලේ රතනවංශ නමින් තත් විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි හිමියන් ගේ සහ අචාර්ය මීමුරේ ගුණානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් සසුන් ගත වු අවස්ථාව .

සුනිල් ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වයෙන් නිම කරන ලද ගිනිගත්හේන බදුහෙල ශ්‍රී සුදර්ශනාරාමයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ පොසොන් පෝ දින ශ්‍යාමෝපාලිවංශික මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන් විසින් නිරාවරණය කරන ලදී. විහාරාධිපති බුලත්ගම උපනන්ද හිමි සුනිල් ටේ‍්‍රඩර්ස් සමාගමේ අධ්‍යක්‍ෂ සුනිල් මුතුමාල, පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ. උපාලි පුෂ්පකුමාර යන මහත්වරු ඡායාරූපයේ වෙති. ඡායාරූපය - සුදත් මලවීර

රුහුණු මාගම්පත්තු ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතාගේ හා දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කතරගම බෝධිරාජපුර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි ඉදිකෙරෙන අව්කන බුදු පිළිමයෙහි අනුරුව සඳහා හොරණ ශාන්ති බෞද්ධ මධ්‍යස්ථානයෙහි අධිපති ලයනල් හපුතන්ත්‍රි මහතා විසින් රුපියල් ලක්‍ෂයක මුදලක් නොබෝදා පරිත්‍යාග කැරිණි. හපුතන්ත්‍රි මහතා සරණතිස්ස නා හිමියනට හා මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ යන මහත්වරුන්ට එම මුදල පරිත්‍යාග කළ අවස්ථාව.
ඡායාරූපය- කළුතර දිසා සමූහ දයාරත්න කුමාරසිංහ

මාබිම- හෙයියන්තුඩුව බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් පිහිටුවන ලද තායි ශ්‍රී ලංකා බෞද්ධ පොත්හලක්, කැලණිය කිරිබත්ගොඩ මාකොළ පාරේ අංක 168 දරන ස්ථානයේදී පසුගියදා තායිලන්ත ශ්‍රී ලංකා තානාපති තිනකෝන් කතසුත්  (THINAKURN KANASUT)  මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. තානාපතිවරයා ඇතුළු පිරිස උත්සව සභාව ආරම්භ කිරීමට පෙර පන්සිල් හි පිහිටුවනු ලැබූ අවස්ථාවයි. මේ. හිටපු නාවික හමුදාපති අද්මිරාල් දයා සඳගිරි මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් මෙහි වෙති.
ඡායාරූපය - කැලණිය සමූහ වාර්තාකරු එඩ්වඩ් වීරසිංහ

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාව මගින් විදෙස් ධර්ම දූත සේවය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පසුගියදා සිංගප්පුරු හා මැලේසියාව යන දෙරටේදී පවත්වන ලදී. එම සංඝ සම්මේලනයේ මහ ලේකම් මුගුනුවෙල අනුරුද්ධ හිමියන් ඇතුළු බුටාවත්තේ සරණංකර, අළුබෝමුල්ලේ රතනසිරි, අලව්වේ ගුණරතන, කිරින්දේ ධම්මරතන යන නාහිමිවරු ද ඊට සහාය දැක්වූහ. මැලේසියාවේ පැවැති ධර්මදූත පුහුණුවට සහභාගී වූ මෙරට භික්‍ෂූන් වහන්සේ ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරයේ දී පැවැති 2316 වැනි පොසොන් පුණ්‍යෙීත්සවයේදී රුවන්මැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් ආගමික වතාවත් සිදු කළ අයුරු (දකුණේ) සහ දොරකඩ අස්න පූජාවට අනුරාධපුර දිසාපති එච්.එම්. කේ. හේරත්, අතිරේක දිසාපතිනි අනුලා ඉන්ද්‍රානි, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් ඊ.ආර්. තිලකරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූ අයුරු. (ඡායාරූප – චිත්‍රරත්න කළුආරච්චි, හි‍ෙඳෝගම සමූහ.)

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]