| 
			 
			 
			අධි සිල් ලබති
			 
			බාඳුරාගොඩ බලගල්ල රස්සපාන ශ්‍රී නන්ද්‍රාරාම පුරාණ විහාරය, දාගොන්න 
			ගොඩැල්ලේ ශ්‍රී දේවානන්දාරාමය යන උභය විහාරාධිපති සියනෑ හාපිටිගම් 
			අළුත්කූරු කෝරලත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක විචිත්‍රභාණක සද්ධර්ම 
			කීර්ති ශ්‍රී කර්මාචාර්ය නවගත්තේ ශ්‍රී පේමානන්ද පේමරතනාභිධාන නාහිමි 
			සහ තත් විහාරයන්හි විහාරාධිකාරී රම්මලේ සුමනශාන්ත හිමියන්ගේ ශිෂ්‍ය 
			හිරිකුළුව විද්‍යදර්ශී පරිවේණාචාර්ය රාජකීය පණ්ඩිත රම්මලේ සුමනරතන 
			සාමණේර හිමියන් මෙම 10 වන දා මහනුවර මල්වතු මහා විහාරයීය මංගල 
			උපෝසථාගාරයේ දී වාහල නාග නාමයෙන් අධිසිල් ලබති. 
			උන්වහන්සේ පිළිගැනීමේ උළෙල මෙම 15 වනදා පස්වරු 3 ට රස්සපාන ශ්‍රී 
			නන්දාරාමයේ දී පැවැත්වේ. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේ ඉගෙනුම 
			ලබා 2007 වසරේ ශ්‍යාමරාජ ත්‍යාග හිමිකරගත් රම්මලේ සුමනරතන හිමියෝ 
			වෙළඟානේ පදිංචි පතිරණ ගමගේ චන්ද්‍රසිරි, බෙල්ලප්පිලිගේ සෝමලතා 
			දම්පතීන්ගේ පුත්‍ර රත්නය වේ. 
			---------------------------------------------------------- 
			 
			 
			අළුබෝමුල්ල සමූහ 
			වාද්දුව මොල්ලිගොඩ දෙගම්බඳ මහා විහාරය, වාද්දුව, සමුද්‍රාරාමය යන උභය 
			විහාරාධිපති රයිගම් සල්පිටි දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක බෝපිටියේ 
			ධම්මිස්සර නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වන දැනට කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය 
			පිරිවෙනෙහි ඉගෙනුම ලබන කතරගම රත්තවංශ සාමණේර හිමියන් මහනුවර මල්වතු මහා 
			විහාරයීය මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලැබූහ. උන්වහන්සේ කතරගම, කන්දපාරේ 
			දෙටගමුව පදිංචි මල්ලිකාරච්චිගේ කරුණාදාස සහ තල්පේලියන ආරච්චිගේ 
			ධර්මශීලි යන අයගේ පුත්‍ර රත්නය වේ. |