UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

දඹුල්ල පන්නම්පිටිය ගල්ලෙන වත්ත වන සේනාසනාධිපති පන්නම්පිටියේ ජිනරතන මාහිමියන්ගේ ශිෂ්‍ය නාඋල ශ්‍රී ධම්මානන්ද පිරිවනේ ඉගෙනුම ලබන දෙහිදෙණියේ සිිරි කස්සප හිමියන් මෙම 6 වනදා වතුරවිල වනවාස සංඝමූලස්ථානයේදී දියපොට ශ්‍රී විජිතනන්ද ධම්මරක්ඛිතාභිධාන මහ නාහිමියන් ප්‍රධාන කාරක මහා සංඝ සභාව වෙතින් අධිසිල් ලබති. උන්වහන්සේ පිළිගැනීමේ උළෙල හා මංගල දම් දෙසුම මෙම 8 වැනිදා පස්වරු 5 ට පන්නම්පිටිය ගල්ලෙනවත්ත සෙනසුනේදී පැවැත්වේ.

දෙහිදෙණියේ ඩී.ජී. ජයරත්න සහ එච්.ජී. මිලිනාවතී දම්පතීහු උන්වහන්සේගේ මව්පිය දෙපළ වෙති.

-----------------------------------------------------------------------------------

රත්නපුර, කුකුළු කෝරලයේ කලවාන තපස්සරකන්ද ශ්‍රී තපස්සරාරාමය, කුකුලේගම ශ්‍රී කුසුමරුක්ඛාරාමය යන උභය විහාරාධිපති හඟරංගල සීලසුමන හිමියන්ගේ ශිෂ්‍ය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන පෑබොටුවේ සුමනරතන හිමියන් මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේදී මෙම 15 වැනිදා අධිසිල් ලබති. පෑබොටුවේ සුමනරතන හිමියන් කලවාන පෑබොටුවේ එම්.එච්.ඊබට් සහ පී.ජී. අනුලාවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

-----------------------------------------------------------------------------------

ඌව කුඩාඔය කැලණියවත්ත විහාරාධිපති කුඩාඔය සාරද හිමියන්ගේ ශිෂ්‍ය කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ඉගෙනුම ලබන පනාමුරේ මධුරසාර හිමියන් ජුනි 5 වන දා මහනුවර මල්වතු මහා විහාරයීය පුෂ්පාරාම මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලබති. ඒ හිමියන් පනාමුර වලල්ගොඩ එල්.එච්. කරුණාධීර සහ එම්.ඒ. ඇසිලින් දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

-----------------------------------------------------------------------------------

රයිගම පතහවත්ත පුෂ්කරාරාමාධිපති, දියකඩුවේ ධම්මාරාම හිමියන්ගේ ශිෂ්‍ය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක කෙසෙල්හේනාවේ ධම්මතිලක හිමියන් මැයි 31 වන දා මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලැබූහ. උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාව ජූනි 3 වන දා රාත්‍රී 7 ට විහාරස්ථානයේදී පැවැත්වේ. ඒ හිමියන් ගමගේ දොන් නිමලසේන පෙරේරා සහ ජී. චන්ද්‍රලතා රුද්‍රිගෝ දම්පතීන්ගේ පුතනුවන් වේ.

වෙසක් අමාවක පෝය

   වෙසක් අමාවක පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි.
4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]