UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනේපිඬු සිටු මාලිගය:

බුදුරදුන් වැඩ සිටි සමයේ කෝසල ජනපදයේ අගනුවර වූයේ ශ්‍රාවස්තිය හෙවත් සැවැත් නුවරයි. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් (වසර 25 ක්) වැඩ සිටි නගරය සැවැත් නුවරයි. සැවැත් නුවර ඇතුළු නගරයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයා වන සුදත්ත හෙවත් අනේපිඬු (අනාථපිණ්ඩික) සිටුවරයාගේ මාලිගාවේ නටබුන් ය. විශාල ගොඩනැගිල්ලක් වූ මෙහි ගේ මැද විශාල වළවල් දෙකක් දක්නට ලැබෙයි. ඒවා ධාන්‍ය වළලා තිබූ ස්ථාන බව සඳහන් වෙයි. මෙම ගොඩනැගිල්ල පිළිස්සූ ගඩොලින් මනාව සකස් කරන ලද්දක් බව පෙනී යයි.

ඡායාරූපය - රුවන් තරස්වින්

කොග්ගල කතළුව රන්වැල්ල විහාරය

හෙළයේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා උපන් කොග්ගල සුන්දර ගමෙහි කතළුව රන්වැල්ල විහාරය ආගමික සමාජ මෙහෙය මෙන්ම සාහිත්‍ය රසද ලබාදීමට සුසැදි පින් බිමෙකි. තායිලන්තයේ හිටපු රජ කෙනෙකු වූ චූලලංකාර රජතුමා ක්‍රි.ව. 1862 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත ලංකාලෝකය මුද්‍රණය කළ ලංකෝපකාර මුද්‍රණාලය ලබා දී තිබේ. එම ඓතිහාසිකා මුද්‍රණාලයද පිහිටියේ මෙම රන්වැල්ල විහාරස්ථානයේ වීම විශේෂත්වයකි. විහාරස්ථානය ක්‍රි.ව. 1841 දී ඇරඹි බවට සාක්‍ෂි ඇති අතර මෙම සුන්දර විහාරය අමරපුර නිකායට අයත්වේ.

ඉතිරිය»

වෙසක් අමාවක පෝය

   වෙසක් අමාවක පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි.
4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]