UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර පොසොන් සති පිරිත 14 දා ඇරැඹේ

වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

අනුරාධපුර මහ මෙවුනා උයනේ වාර්ෂිකව පැවැත්වෙන පොසොන් සති පිරිත් මහා පින්කම 29 වන වරටත් ජූනි මස 14 දින සිට 21 දින දක්වා අති මහත් පූජනීයත්වයෙන් පැවැත්වීමට පිරිත් පින්කම් කමිටුව තීරණය කර ඇත.

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ගේ අනුශාසනා පරිදි එම සති පිරිත් පින්කම මහවිහාර ආශි‍්‍රත මහමෙවුනා උයනේ ඉදිකර ඇති විශේෂ මණ්ඩපයේ දී පැවැත්වෙන බව පිරිත් පින්කම් කමිටුවේ සම ලේකම් එස්.වී.ද සේරම් මහතා සඳහන් කරයි.

මේ අනුව ජූනි 14 දින පස්වරු 4.00 ට පැන් පෙරහර ඉසුරුමුණි රජමහ විහාරස්ථානය අසලින් තිසාවැවෙන් ලබාගත් ජලය සහිත කළ හා භාජන රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතට පැමිණෙනු ඇත.

පිරිත් පේ කිරීම එදිනම රාත්‍රී 9.30 ට ආරම්භ කෙරේ. ජූනි මස 15 සිට 19 දක්වා පිරිත් දේශනාවන් පවත්වන අතර 20 දින සූත්‍රදේශනය පැවැත්වේ.

ජූනි 21 දින පස්වරු 3.00 ට පිරිත් පැන් රැගත් රථ අවට ප්‍රදේශවල ගමන් කරමින් ප්‍රදේශයටත් ජනතාවටත් එමඟින් ආශිර්වාද කරනු ඇත.

එම පින්කමේ දොරකච අස්න දේශනාව ජූනි 21 දින රාත්‍රී පැවැත්වේ.

ජූනි මස 22 වන දින දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමෙන් මෙවර සති පිරිත් පින්කම නිමාවට පත්වනු ඇත.

මෙවර මෙම පින්කම සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, පළාත් ආණ්ඩුකාර කාර්යාලය, ප්‍රධාන අමාත්‍යාංශය, ප්‍රධාන ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අනුරාධපුර මහ නගර සභාව, වනජීවී, පුරා විද්‍යා, වාරිමාර්ග දෙපාර්තමේන්තු, විදුලි බල මණ්ඩලය, බන්ධනාගාරය, සර්වෝදය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු බැංකු, සේවා ලංකා ආයතනය, ප්‍රාදේශීය සභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ආයුර්වේදය, පළාත් පාලන ආයතන ඇතුළු පෞද්ගලික අංශයේ වෙළඳ ආයතන දායකත්වය ලබා දෙනු ඇත. එම අවස්ථාවට තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ප්‍රධාන උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය බර්ටිප්‍රේමලාල් දිසානායක, දේශීය වෛද්‍ය ඇමැති තිස්ස කරල්ලියද්ද, ජාතිය නගා සිටුවීමේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, අනුරාධපුර නගරාධිපති ලංකා කේ. කල්දේරා, උතුරු මැද ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සනත් කරුණාරත්න පොලිස් අධිකාරී කේ.එම්. සමරකෝන් යන මහත්වරු ප්‍රධාන මැති ඇමතිවරු විශාල පිරිසක් මෙම පුණ්‍ය අවස්ථාවට සහභාගි වනු ඇත.

වෙසක් අමාවක පෝය

   වෙසක් අමාවක පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි.
4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]