UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කථා

තෙ මසක හීං කෙඳිරිය සහ මර විලාපය

ශීත කාලයයි. දැල්වෙන පහනේ දැල්ල සීතල සුළඟක් සමග සංවාදයක යෙදෙන්නාසේය. මෙවන් සීත සමයේදි සුනඛ මස් ආහාරයට ගැනීමෙන් ශරීරයේ උෂ්ණය රඳා ගත හැකිය යන විශ්වාසයක් සමහර චීන ජාතිකයින් අතර තිබුණි. සුනඛ මාංශ භෝජන ශාලා කීපයක්ම නගරයේ තැන් තැන්වල තිබුණි. එයින් එක් භෝජන ශාලාවෙක එදා එකම හිස් වු ආසනයක්වත් නොතිබුණි. සියලුම ආසන වල පාරිභෝගික පිරිස සුනඛ මස් සහිත භෝජන ගනිමින් සිටියෝය. සුනඛ භෝජන ගනිමින් සිටියෝය. සුනඛ මස් පැසෙන ගඳින් පරිසරය දූෂිත වී තිබුණි. සම්භාෂන ස්වරූපයෙන් නැගුන දෝංකාරයෙන් ප්‍රදේශය ඇලලී ගියේය.

ආපන ශාලාව පිටුපස දකුණු දිශාවට හුරුව ෂාවෝ ෂෙන්ගුවාන් තවත් සුනඛ මළකුණක් තැම්බීම පිණිස කල්දේරමට දැමීය. ෂෙන් ගුවාන් ඉකුත් වසර ගණනාවක් තිස්සේ සුනඛ ගාථක සේවයෙහි යෙදී සිටි පසුව තමාගේම සුනඛ මස් සහිත භෝජන ශාලාවක් ආරම්භ කළේය. ව්‍යාපාරය ඉතා සීඝ්‍ර ලෙස දිනෙන් දින දියුණුවට පත්විය.

ඒ නිසා ඔහුට අත් උදව් කාරයෙක්ද සේවය පිණිස යෙදවීමට ආර්ථික වශයෙන්ද ශක්තිය ලැබුණේය.

අත්උදව් කාරයා ඔහුට මෙසේ කියයි “ සහෝදරයා -ෂා ඕ ! මෙන්න මේ බල්ල නම් හොඳ පුෂ්ටිමත් හුඟක් මස් තියෙන සතා “

ෂා ඕ ද එම ප්‍රකාශය අනුමත කරන්නාක් මෙන් මඳ සිනාවක් පාමින් “ ඔව්! නුඹ කිව්හැටි හරි - මේ බලු තඩිය අපට අද විශාල මුදල් කන්දරාවක් ගෙනේවි “

ඔවුහු ඔවුන්ගේ පිහි හණගලේ ගා මුවහත් කළහ. කල්දේරමේ ජලය පැසෙමින් බුබුලු දමමින් තිබුණි. සුනඛයා පැසෙන ජලය සහිත කල්දේරමට දමන ලදී. එහෙත් වෑයම අසාර්ථක විය.

ශක්තිමත් සුනඛයා පියාඹන්නාක් මෙන් උඩින් පැන්නේ ෂා ඕ ගේ කරපිටටය. ඔහුගේ ගෙළ සපා කා මස් වැදලි ඇද ගොරවන්ට විය. වේදනාවෙන් මිරිකුණ ෂා ඕ උදව් ඉල්ලා කෑ ගැසීය. ශබ්දය ඇසී කාරණය කුමක් දැයි සොයා බැලීමට ආපන ශාලාවේ සිටි සියල්ලෝම එතැනට රැස්වූහ. ෂාඕගේ ගෙළ සපා සුනඛයා විසින් මස් කරනු ලබන අයුරු ඔවුහු දුටහ. තුවාලයෙන් ලේ විදී. ලෙයින් ෂාඕ සහ අවට තෙත්වී තිබුණි. ඉතා අමාරුවෙන් සුනඛයා ඉවත් කරනු ලැබීය.

බරපතල තුවාල සහිත ෂා ඕ ෂෙන්ගුවාන් වෛද්‍යවරු සොයා මහත් වේදනාවෙන් මිරිකෙමින් ගියේය . එහෙත් ඔහුට ප්‍රතිකාර කිරීමට කිසිම වෛද්‍යවරයෙකුට නොහැකිව තුවාලය දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත්විය. සිහින් කෙඳිරිල්ලෙන් පටන්ගෙන වේදනාවෙන් මිරිකෙමින් මරහඬ නගන්නට වුනි. ඔහු දිවා රාත්‍රි දැඩි වේදනාවෙන් නගන හඬ රාත්‍රි ප්‍රදේශය පුරා විහිදි ගියේය. ඔහුගේ වේදනාව කිසිදාක නොසන්සිදී පැවැතියේය.

මාස තුනක කාලයක් ගත විය. දැඩි වේදනාවෙන් මුළු ශරීරය එකම දුගඳ විහිදුවන කුණු මස් ගොඩක් බවට පත්ව ෂාවෝ වේදනාවෙන්ම මිය ගියේය . මෙම සිද්ධියෙන් පසුව එම ප්‍රදේශයේ සුනඛ මස් බුදීමට ඇබ්බැහි බොහෝ දෙනෙක් එය අත්හැර දැමූහ. මන්දයත් කවරාකාර මාංශයකට වුවද ගිජුවන්නාට අත්වන ඉරණම ඉතා භයානක බව ෂාවෝ ගේ මරණයෙන් ඔවුන් මනාව අවබෝධ කොටගත් බැවිනි

(අනුග්‍රහය - THE LOVE OF LIFE  තායිපේයි - තායිවාන් )

වෙසක් අමාවක පෝය

   වෙසක් අමාවක පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි.
4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]