UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

376/4 වැවතැන්න අම්පිටිය ලිපිනයේ පදිංචි දෙදරු පියකු වන ආර්.බී. කරල්ලියද්ද දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

එවැනි වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකථන අංක, 081 – 2226973, 077 – 6006110 සහ 071 – 3100062 අමතා ඒ බව දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා සයිකල් සමාජයේ හිටපු ලේකම් මෙන්ම උද්යෝගීමත් සාමාජිකයෙකු වූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කාල් ලින්ටන් ගුණවර්ධන මහතා වකුගඩු රෝගයකින් පෙලෙමින් අසාධ්‍යව පසුවෙයි. ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් දන්වා ඇත. ඔහුගේ ලේ වර්ගය “ ඒ “ නෙගටිව් බැවින් “ඒ” නෙගටිව් හෝ “ඕ” නෙගටිව් වකුගඩුවක් දන්දීමට කැමති අයකු අසංක ගුණවර්ණ 0713433243 හෝ 0714337798 යන දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------------------------------------

දිවුලන්කඩවල කුසුම් පොකුණ නො. 301 හි පදිංචි 45 වියැති තිදරු පියෙකු වන කේ. එච්. එම්. ඩිංගිරි බණ්ඩා මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඒ හෝ ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කල යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇත. එමෙන්ම ඖෂධ සඳහාද මුදලක් වැය කිරීමට සිදු වන හෙයින් පාසල් යන වයසේ දරුවන් තිදෙනකු සිටින හෙයින් මහන්සි වී ගොවිතැන් කටයුතු වල ද යෙදිය නොහැකි බැවින් පරිත්‍යාගශිලීන්ගේ සහාය අපේක්ෂා කැරේ. ඊට මහජන බැංකුව මැදිරිගිරිය ශාඛාවේ 231 - 2 - 001 - 8 - 0011371 ගිණුමට ආධාර කල හැකි බවද 027 - 5781186 දුරකතනයෙන් තොරතුරු දැනගත හැකි බවත් කියයි.

-------------------------------------------------------------------------------

කොටිකාවත්ත අංගොඩ රෝහල පාරේ අංක 277 දරණ නිවසෙහි පදිංචි පනස් හතර හැවිරිදි දෙදරු පියෙකි.

අවසන් අදියරේ වකුගඩුවක් ඇත්තෙකු බවත් හැකි ඉක්මනින් සුදුසු වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍යවරු පවසති. මොහුගේ ජීවිතය බේරාගැනීමට බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු සිටියි නම් දුරකථන අංක 2567993 , 0786407367 හෝ 0773026023 දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]