UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ ඇසළ, මස පුර දසවක, එකොළොස්වක, දොළොස්වක නම් තිථිලත් කිවිදින, ශනිදින, රිවිදින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2008 ක් වූ ජූලි මස 11 වන සිකුරාදා, 12 වන සෙනසුරාදා, 13 වන ඉරිදා යන දිනයන්හි දී කොළඹ, මරදාන, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම විහාරස්ථ සිරි ධිරානන්ද උපෝසාගාර සීමාමාලකයේ දී රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී මහෝපාධ්‍යය බලන්ගොඩ සුධම්මවංස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උපසම්පදාපේක්‍ෂක සාමණේරයන් වහන්සේලා අදාළ ඉල්ලුම් පත්‍ර ලේඛකාධිකාරී නාහිමිවරුන්ගෙන් ලබාගෙන ජූනි මස 15වන දිනට පෙර, සම්පූර්ණ කර එවන ලෙස සම ලේඛකාධිකාරී හිමිවරුන් වන අම්බලන්ගොඩ රන්දෝඹේ සංඝරාජ මහා විහාරයේ ශාස්ත්‍රපති කොස්ගොඩ සුභුති හිමියන් හා දික්වැල්ලේ වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරේ ආචාර්ය දික්වැල්ලේ තිස්ස නාහිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]