UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධිකරණය මගින් රාජසන්තක කළ විවිධ වටිනා පුරාවස්තු රටේ වැදගත් පූජනීය සිද්ධස්ථාන වලට දියයුතුයි

උසාවියට යොමු වීමෙන් අනතුරුව රාජසන්තක වී වෙන්දේසියේ විකුණන ඇතැම් වටිනා පෞරාණික වස්තූන් එසේ වෙන්දේසියේ විකිණීමෙන් සිදුවන්නේ අපේ ඉතිහාසයේ බොහෝ වැදගත් මෙන්ම බෞද්ධ උරුමය විනාශ වීමට තුඩුදීමකි.

අපේ පෞරාණික මේ වටිනා වස්තු කොල්ලකමින් ඇතැම් අය අපේ උරුමයන් සහ ඓතිහාසික සාධක වැළලීමට කටයුතු කරන විට එම වටිනා වස්තු විකිණීමෙන් ඒවා අපේ අනාගත පරපුරට දකින්නට ඇති අවකාශය අහිමි වීම විශාල ජාතික අපරාධයකි. සොර සතුරන් මේවා සොරකම් කරනුයේ ඒවායේ වටිනාකම දැනගෙන මුදල් උපයා ගන්නට ය.

එම නිසා අපේ ජාතික උරුමයන් සොරසතුරු උවදුරට පත්වීම වැළැක්වීම තුළින් ද එසේ සොර සතුරු ආක්‍රමණයන්ට තුඩුදුන් වස්තූන් රාජසන්තක කළ පසු වෙන්දේසියේ විකුණා දැමීම වළක්වා ගැනීමෙන් ද රටට යහපතක් සිදුවේ. වෙන්දේසියෙන් මේ වස්තූන් මිලට ගන්නා අය මේ පුරා වස්තු යැයි සිතා සංරක්‍ෂණයක් නොකරම වෙනත් කටයුතු සඳහා යොදා ගනු ඇත. එවිට සිදු වන්නේ ද සොරකම් කළ තැනැත්තා අතින් සිදුවන විපතමයි.

මේ කාරණාව සලකා රටේ වැදගත් එමෙන්ම ජනතාව වැඳපුදා ගන්නා ප්‍රසිද්ධ සිද්ධස්ථාන වෙත මෙම ජාතික වස්තූන් පවරා දී ඒවා අපේ අනාගත පරපුරට උරුම කර දීම විකුණා සුළු මුදලක් උපයනවාට වඩා මහා පුණ්‍යමය කටයුත්තක් මෙන්ම රටට කරන යහපතකි.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ බව අනාවරණය කළේ පසුගිය පොහෝ දින කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පැවති සභා රැස්වීමක් අමතමිනි. අගවිනිසුරු තුමන් එහිදී මෙසේ ද පැවසී ය.

යළිත් ක්‍රම ක්‍රමයෙන් ජනතාව ආගමික නැඹුරුවක් සඳහා හොඳ ප්‍රවණතාවයක් දක්වන මේ මොහොතේ ඔවුන්ගේ ආගමික ක්‍රියාවන් සඳහා පහසුකම් සලසා දීමට විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කර අලංකාර කිරීම කළ යුතු අතර ඒ අයුරින්ම මිනිසා දැහැමි ලෙස හැඩ ගස්වා ගැනීමද සමාජයේ යහපතට හේතු වේවී. විහාරස්ථාන වල විවිධ ආගමික උත්සව සංවිධානය කළයුතුවා මෙන්ම මිනිස් සිත් යහපත් කිරීමට හේතු වෙන විවිධ භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යහපත් සමාජයකට කරන උතුම් සේවාවකි. යහපත් චේතනාවෙන් කරන සෑම දෙයක්ම යහපත් ප්‍රතිඵල ලබා දෙයි.

ඉදිරියේ දී රට පුරාම සමාජය යහමගට හරවා ගත හැකි විවිධ ආගමික ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම තුළින් දහමට මිනිසා පුරුදු පුහුණු කිරීමෙන් විවිධ අක්‍රමිකතා සහ සමාජ විරෝධී ක්‍රියාවන් අඩු කිරීමට අප කටයුතු කළයුතුයි. සමාජයට යහපතක් වෙන යම් ක්‍රියාවන් කරන විට සමාජ විරෝධී බලවේග ඒවාට විරුද්ධ වීම ස්වභාවයකි.

එම නිසා අපගේ සෑම යහපත් කටයුත්තක්ම අයහපත් ලෙස සමාජයට පෙන්වන්නට ද පිරිසක් සිටින බවත් ඒ අයට ද අප ඔවුන්ගේ නොදැනුවත් කම නිසා අනුකම්පා කළ යුතු බවත් ඔවුන්ට මෛත්‍රී කළ යුතු බවත් අග විනිසුරු වරයා පැවසී ය.

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]