UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

කොසොවෝ සිට...

පසුගිය සතියේ කතුවැකිය වෙන් කැරුණු කාරණය අප පාඨකයන්ට හොඳින් මතක ඇතැයි සිතමු. ආගමේ දේශපාලන මුහුණුවර නමැති සිරස යොදා ලියූ එම කතු වැකියට පාදක වූයේ සර්බියාවේ කොසොවෝ ප්‍රාන්තය නිදහස් ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සිද්ධිය යි. බෝල්කන් කලාපයේ සිදුවීමක් වුව ද එය ශ්‍රී ලංකාවට වැදගත් වන බවට අප එහි තැබූ සටහනට අද අතිරේක වටිනාකමක් එකතු වී තිබේ. අද දින කතු වැකිය ද බෙදුම් වාදය හා ආගමික දේශපාලනය වෙනුවෙන් වෙන් කිරීමට සිදු වී ඇත්තේ එ බැවිනි.

ඒ සඳහා හේතු වූ සිද්ධිය දෙසට අපි දැන් හැරෙමු.

හිටපු සෙනෙට් මන්ත්‍රීවරයකු වන අල්හාජ් එස්. ඉසෙඩ්. එම් මසූර් මවුලානා මහතා ගේ හැත්තෑපස්වන ජන්ම දිනය හා හැට වසරක දේශපාලන ජීවිතයට උපහාර පිදීම පිණිස කල්මුණේ මරඳමුණේ් අල්මනාර් විද්‍යාලයේ දී පසුගිය දා උත්සවයක් පැවැත්විණි. එහි දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා හිටපු ඇමැති බසිර් සේගුදාවුද් මහතා කළ කතා යුද්ධ ප්‍රකාශ කිරීමකට සමාන ය. එම ප්‍රකාශ පෙබරවාරි මස 26 වන දා දිනමිණ පත්‍රයේ පළ විය. රවුෆ් හකීම් මහතා එහි දී මෙ සේ කියා තිබේ.

‘නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට ප්‍රශ්න රාශියක් තිබෙනවා. එම ප්‍රශ්න විසඳා ගැනීමට අපට ම කියා මුස්ලිම් දේශයක් ගොඩනගා ගැනීමට දැන් ක්‍රියා කැරගෙන යනවා. අද වන විට රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව මුස්ලිම් ජනතාවට අලුතින් සිතන්නට කාලය පැමිණ තිබෙනවා. නැගෙනහිර පළාතේ පවතින ඉඩම් ප්‍රශ්න හා අනෙකුත් ප්‍රශ්නවලට එක් එක් පක්ෂ ගැන විශ්වාසය තබා ඒවා දිනාගන්නට නොහැකි යි. මුස්ලිම්වරුන්ට වෙන් වූ දේශයක් සකස් කැර ගැනීමෙන් මුස්ලිම් ජනතා ප්‍රශ්න නිරාකරණය කිරීමට හැකිවනු ඇත’.

බසීර් සේගුදාවුද් මහතා මෙ සේ කියා ඇත.

‘භූ®ගෝලීයකරණය, ජාති, ආගම්, සංස්කෘතිය යන කාරණා අනුව සමහර රටවල් වෙන් කිරීමක් සිදු වෙනවා. කොසොවෝ රාජ්‍යය එ වැනි සිදුවීමක්. එයට අපේ අනුග්‍රහය තිබෙනවා. එ වැනි වාතාවරණයක් අපේ රටේ ඇති වි තිබෙනවා. අපේ ජනතාව අප විසින් ම පාලනය කැර ගනු ලබන වේලාව ඇවිත්. දැන් තිබෙන්නේ කවදා ද එය ලැබෙන්නේ කියන එකයි’ .

‘කොසොවෝ වැනි වෙන් වූ රටවල් 193 ක් තිබෙනවා. අපේ රටේත් එ වැනි දෙයක් සිදුවීමෙන් එය 194 ක් බවට පත් වෙනවා. මුස්ලිම්වරුන් ගැන සිතන්නට අපට දැන් කාලය ඇවිත්. ඒ පිළිබඳ ව හැඟීම්බර ව බැරෑරුම් ලෙස මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යි. බහුතර ජනතාව ගේ ආධිපත්‍යයට යටත් නො වී අනෙකුත් සුළු ජාතීන් සමඟ ද එක් වී මේ සඳහා වැඩ සටහනක් යොදා ගෙන යනවා. එක රටක විවිධ ජාතීන් වාසය කැරෙන විට හා ආණ්ඩු පක්‍ෂය විසින් සුළු ජාතීන් බෙලහීන කිරීමට පටන් ගත් විට මෙ වැනි බෙදීම් සිදුවීම වළක්වන්නට බැහැ’.

“ඉච්ඡාභංගත්වයට පත් දේශපාලනඥයන් ගේ මේ වචන තුළ සන්නද්ධ බෙදුම් වාදි ව්‍යාපාරයක් බිහි වීමට අවශ්‍ය මානසිකත්වය ගැබ් ව තිබේ. මෙ ලෙස උද්වේගකර වචනවලින් ඇරැඹෙන බෙදුම් වාදය ඉදිරියට ගමන් කිරිමේ දී සියලු මානුෂික ගුණාංග වැනසෙන බව අපි දනිමු. එ බැවින් මුස්ලිම් දේශයක් බිරි කිරීම පිළිබඳ හකීම් ලා ගේ සිහිනය මහා මිථ්‍යාවකි. මන්ද යත්, අවිහිංසාව ගැන දේශනා කැරෙන ඉස්ලාම් දහමේ හරය මුස්ලිම් සන්නද්ධ බෙදුම්වාදය හමුවේ නිහඬ වන බැවිනි. කුමන ආගමක නාමයෙන් වුව ද සන්නද්ධ වන්නේ නම්, එය ඒ ආගමේ පදනම විනාශ කිරීමක් නො වන්නේ ද ?

ෂියා හා සුන්නි යැයි නිකාය දෙකකට බෙදී ඉස්ලාම් ආගමිකයන් අතර ම සිදු වන සන්නද්ධ ගැටුම් නිසා සිදු වි තිබෙන විනාශය කෙ තරම් ද ?

මේ බෙදුම්වාදී ප්‍රවණතාව ඉස්ලාම් භක්තිකයන්ගේ පමණක් නො ව බෞද්ධයන් ගේ ද පැවැත්මට විශාල අභියෝගයක් බව වටහා ගත යුතු ය

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]