UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ කුරුණෑගල පාරේ ජයසුන්දර මාවතේ පිහිටි දහම් මැදුර ධර්මායතනයේ අධිපතිනි ස්වර්ණා ගුණරත්න සිල්මැණියන්ගේ හා දායක දායිකාවන්ගේ සහයෝගය ඇතිව යුධ හමුදාවේ ද අනුග්‍රහයෙන් කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේට දෙවැනි රන්වැටක් ඉදිකර පූජා කිරීම නොබෝදා සිදුකරන ලදී. එම අවස්ථාවට ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අලුත්වැව සෝරත නාහිමි කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාඋයනේ අරියධම්ම යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ හා කතරගම ප්‍රාදේශීය ලේකම්, ටී.බී.එම්. අතපත්තු මහතා ඇතුළු ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ වටා ඉදිකර ඇති දෙවැනි රන්වැට නිරාවරණය කිරීමේ උත්සවයට වැඩමකළ ගරුතර මහා සංඝරත්නය අනුශාසනා පැවැත් වූ අයුරු.
ඊ.එච්.සෝමපාල කතරගම විශේෂ



දානය හෙවත් පරිත්‍යාගය බුදුදහමේ දැක්වෙන උතුම් ගුණ දහමකි. දස පාරමී අතරද දාන පාරමිතාව ප්‍රධාන වේ.  සම්බුදු දහමට ලැදි පෙර අපර දෙදිග වැසියෝ එම උදාර ගුණ දහමෙහි නිරතුරුව යෙදෙති. එතෙර වාසය කළද මෙරටට පැමිණ දානමය පින්කමක් සිදු කළ අවස්ථාවක් ඉකුත් දා දක්නට ලැබිණි. කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේදී නාගොඩ අමරවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් පෙස්ටර්න් මහතා විසින් පසුගියදා පවත්වන ලද දානමය පින්කමේ අවස්ථා කීපයක් සේයාරූවලින් දැක්වේ. එම අවස්ථාවට සහභාගි වූ මහ සඟරුවන සහ අරෙලියා ජෙස්ටන් මහත්මියද ක්‍රිස් හිප්කින්ස් මයිකල් හෝර්ඩන් හා පර්සි අබේසේකර මහත්වරු සේයාරුවේ වෙති.
සේයා රූ සුජානි කුමුදුනි

 

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]