UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ආගමේ දේශපාලන මුහුණුවර

අප ජීවත්වන ලෝකය හසුරුවන්නේ කව්රුන් විසින් කුමන වුවමනාවන් සඳහා කෙ සේ ද යන්න අවබෝධ කැර ගැනීමට මහඟු අවස්ථාවක් ලැබී තිබේ. පසු ගිය 17 වන දා එළි දුටු කොසොවෝ නිදහස් ප්‍රකාශනය නමැති එම අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් වැදගත් වනු ඇත.

මේ ආකාරයට නිදහස් ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළ කොසෝවෝ යනු සර්බියාව නමැති රාජ්‍යයේ ඇල්බේනියානුවන් බහුතරයක් (80% ක්) වෙසෙන ප්‍රාන්තය යි. පැරැණි යුගෝස්ලාවියාව බෙදී ගොස් බොස්නියාව, සර්බියාව, මැසිඩෝනියාව, ක්‍රොඒෂියාව, ස්ලොවිකියාව යනුවෙන් රටවල් කිහිපයක් නිර්මාණය විය. එ ලෙස නිර්මාණය වූ සර්බියාවේ වෙසෙන බහුතරයක් ස්ලාව් ජනතාව ගේ රුසියානු හිතවාදය දුබල කිරීම පිණිස ඇමරිකාව දැරූ උත්සාහය සඵල වීමක් වශයෙන් මෙය හැඳින්වීමට පුළුවන.

මානව හිමිකම් ලේබලය යටතේ ඒ සඳහා කළ මැදිහත් වීමට පදනම සපයන ලද්දේ ඉස්ලාම් ආගම අදහන සර්බියාවේ ඇල්බේනියානුවන් අතරින් මතු වූ කොසොවෝ විමුක්ති හමුදාවේ බෙදුම්වාදී ව්‍යාපාරය යි. ඇමරිකාවේ වුවමනාව මත බිහි වූ කොසොවෝ නිදහස් ප්‍රකාශනයට යුරෝපා සංගමයේ ආශිර්වාදය ලැබිණ. මෙය බෝල්කන් කලාපයේ සාමය සඳහා ඉවහල් වන වැදගත් පියවරක් බව ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ප්‍රකාශ කැරැ තිබේ.

කොසොවෝ නිදහස් ප්‍රකාශනය ස්පාඤ්ඤයේ බාස්ක් බෙදුම්වාදීන් ගේ සිට ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් බෙදුම්වාදීන් දක්වා ලොව පුරා වෙසෙන බෙදුම් වාදීන්ට දිරි ගැන්වීමක් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ පුවත්පතක් වන වීරකේසරී පත්‍රය මේ සම්බන්ධයෙන් පළ කළ කතුවැකිය ඊට කදිම නිදසුනකි.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ප්‍රඥප්තියෙහි ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ව දැක්වෙන මේ කොටස ද අප ගේ අවධානයට ලක් විය යුතු ය.

“පළමු ව තම දේශපාලන , ආර්ථික සමාජ හා සංස්කෘතික ක්‍රම තමන්ට රුචි පරිදි තෝරා ගැනිමේ නිදහස තිබීම යන අර්ථයෙන් හැම රාජ්‍යයකට ම ස්වයං නිර්ණයන අයිතිය තිබේ. දෙවනු ව, තමන් ගේ ම වන ස්වාධීන රාජ්‍යයක් වශයෙන් සංස්ථාපනය වීමේ හෝ පවත්නා රාජ්‍යයක් සමඟ වන තම සම්බන්ධකම්වල ස්වරූපය කෙ බඳු විය යුතු දැ යි නිදහසේ තීරණය කිරීමේ අයිතිය හැම ජනතාවකට ම තිබේ. යටත් ප්‍රදේශ වල ජීවත්වන ජනතාව ගේ දේශපාලන අභිවෘද්ධියත් ස්වයං පාලනය සංවර්ධනය වීමත් සහතික කිරීම , එම ප්‍රදේශ පාලනය කැරෙන අධිකාරීන් ගේ වගකීමක් බව ද මේ ප්‍රඥප්තියේ සඳහන් කැරැ ඇත. “ දෙවන ලෝක යුද්ධයෙන් පසු පැවැති යටත් විජිත ගණන අනුව සලකා බලන කල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ප්‍රඥප්තියේ මෙ සේ සඳහන් වීම ඉතා සාධාරණ ය. එ සේ වුව ද එය කොසොවෝ ප්‍රාන්තයට හෝ ශ්‍රී ලංකාවට අදාළ නො වන බව වී. අයි. ලෙනින් ගේ ‘ ස්වයං තීරණ හා ජාතීන් ‘ නමැති කෘතියෙහි දැක්වෙන මේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

“ ස්වයං තීරණ ඉල්ලීම කිසි ලෙසකින්වත් වෙන්වීමට, කැඩීමට හා කුඩා රාජ්‍යයන් පිහිටුවීමට කැරෙන ඉල්ලීම් සමඟ සමාන වන්නේ නැත”.

කොසොවෝ නිදහස් ප්‍රකාශනය සඳහා අනුග්‍රහය හා ආශිර්වාදය දැක් වූ යුරෝපා සංගමය එක්සත් යුරෝපයක් ගොඩ නඟමින් සිටින බව අපි දනිමු. යුරෝ මුදල් ඒකකය හඳුන්වා දීම එහි එක් පියවරකි. යුරෝපයේ එම එක්සත් භාවයට මූලික පදනම සපයා ඇත්තේ ක්‍රිස්තියානි ආගම බව අප්‍රකාශිත සත්‍යය යි. මේ ආගමික දේශපාලනය අන් සියලු සාධක හා වුවමනාවන් අභිභවා තිබේ. විසි එක් වන සියවසෙහි මේ ආගමික දේශපාලනය අප අවබෝධ කැර ගත යුතු ය. එහෙත්, අල් කයිඩා හෝ තලෙයිබාන් සංවිධානය මෙන් මූලධර්මවාදී ලෙස ප්‍රතිචාර දැක්වීම වරදකි. බුදු දහමේ දැක්වෙන මානවවාදි ගුණ ධර්ම ආරක්‍ෂා කැරගෙන මේ ආගමික දේශපාලනයට අප මුහුණ දිය යුතු ය .

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]