UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 122 වැනි ජන්ම සමරු පින්කමෙන්......

මාධ්‍ය පිළිබඳ දැනුමක් ගවේෂණයක් නොතිබූ යුගයක පහළ වූ ඩී.ආර්.විජයවර්ධන මැතිතුමාගේ මෙහෙයවීමෙන් ලේක්හවුස් ආයතනය මගින් මාධ්‍යවේදීන් රැසක් රටට දායාද කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවැසූහ.

විමලරතන හිමියන් එසේ පැවැසුවේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 122 වැනි ජන්මසමරු පින්කම නිමිත්තෙන් ලේක්හවුස් මන්දිරයේදී පැවැති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවේ අනුශාසනාව පවත්වමිනි. මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත බළංගොඩ සෝභිත නාහිමියෝ පසුදා පැවැති සංඝගත දක්‍ෂිණාවේදී අනුශාසනාවක් කරමින් ඩී.ආර්.විජයවර්ධන මහතා ජාතියට ආගමට විශාල සේවාවක් සිදු කළා. යුගයේ බිහිවුණු විශිෂ්ටතම පුද්ගලයකු ලෙස ඒ මහතා හැඳින්විය හැකි යැයි පැවැසූහ.

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම සමරු පින්කම නිමිත්තෙන් ඉකුත් දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදා සංඝගත දක්‍ෂිණාවක් පැවැත්විණි.

එම පින්කම් මාලාව සඳහා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිකාරී කිරින්දේ පේමසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් සඟරුවන වැඩම කරවන ලදී. එම පින්කම ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ දායකත්වයෙන් පැවැත්විණි.

සේයාරූ, චමින්ද හිත්තැටියගේ

"#FFFF9F"

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 122 වැනි ජන්ම සමරු පින්කම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත් වූ අයුරු

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අනුශාසනාව සිදුකළ අවස්ථාව

රංජිත් විජයවර්ධන මහතා දානය පිළිගැන්වූ අයුරු. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ද මෙහි සිටී.
 

දානමය පින්කමේ අවස්ථාවක්
 

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 122 වැනි ජන්ම සමරු පින්කම නිමිත්තෙන් පැවැති සංඝගත දක්‍ෂිණාවට වැඩම කළ සඟරුවනින් කොටසක් සහ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පුත් රංජිත් විජයවර්ධන ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා යන මහත්වරු ද ආයතනයේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මියද ආගමික වතාවත්වලට සහභාගිවූ අයුරු.
 

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 122 වැනි ජන්ම සමරු පින්කම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පින්කමට ලේක්හවුස් ආයතනයේ නීති අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර, ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා, ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති සීසර් සුදුසිංහ එම සංගමයේ ලේකම් සුසිල් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සේවක සේවිකාවෝ රැසක් මෙහි දැක්වේ.

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]