UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අක්‍ෂි සැත්කමක් සඳහා උපකාරයක් ඉල්ලයි

අක්‍ෂි සැත්කමක් සඳහා උපකාර කරන්නැයි ඉල්ලා එම අක්‍ෂි රෝගියාගේ බිරිඳ වන ජේ.ඒ. ලසන්ති මහත්මිය ‘බුදුසරණට’ යොමු කර ඇති ලිපිය පහත දැක්වේ.

තිලක් ශාන්ත සොයිසා බාරේ, ජේ.ඒ. ලසන්ති කොස්ගොඩකන්ද වදුරඹ, ගාල්ල යන ලිපිනයේ පදිංචි මාගේ ස්වාමි පුරුෂයා වන තිලක් ශාන්ත සොයියා යන අයගේ ඇස් දෙකම නොපෙනේ. එයට හේතුව ඇස් දෙකටම ඇසිඩ් වැදීමයි. ඔහුගේ වයස අවුරුදු 32 ක් වෙයි. අපට දරුවන් දෙදෙනෙකු සිටී. ලොකු දුවගේ වයස අවුරුදු 7 යි. පුතාගේ වයස අවුරුදු 3 1/2 යි.

දැනට මේ සිද්ධිය වී අවුරුදු 2 යි මාස 4 ක් පමණ වේ. අප සතු සියලුම දේවල් මොහුගේ ප්‍රතිකාර සඳහා වැය වී ඇත. ඇස් දෙක සඳහා ශල්‍යකර්ම 8 ක් සිදු කිරීමට සිදු වී ඇත. එක් ඇසක් සඳහා ශල්‍ය කර්ම 4 ක් සිදු කිරීමට ඇත. මේ සඳහා විශාල මුදලක් වැය වෙයි. ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට තරම් මා හට වත්කමක් නොමැති අතර මාගේ ස්වාමිපුරුෂයා මේ සිද්ධිය වූ දින සිට කිසිඳු රැකියාවක් කිරීමට නොහැකිව සිටියි. මෙම සියලුම ප්‍රතිකාර සඳහා ඉන්දියාවට යාමට සිදු වී ඇත. ඉන්දියාවේ සංඛාරා නේත්‍රාලයේ වෛද්‍ය ජී. සීතා ලක්‍ෂ්මී මහත්මිය විසින් මෙම ශල්‍යකර්මය කිරීමට සූදානම් කර ඇත. අප විසින් ජනාධිපති අරමුදලට ඉල්ලුම් කර ශ්‍රී ලංකා මුදලින් ලක්‍ෂ දෙකහමාරක් අදියර දෙකකට ලබා ගෙන ඇත. ඉන් පසුව නැවත මුදල් ලබා නොදෙන බව කියයි. එම ලබාදුන් මුදලෙන් ශල්‍ය කර්ම දෙකක් ඇස් දෙක සඳහා කර අවසන් ය. එක් ඇසක් සඳහා ඉන්දියන් මුදලින් එක්ලක්‍ෂ අසූ දහසක් අවශ්‍යය. දරුවන් දෙදෙනා සමග මා ඉතාමත් අසරණ තත්ත්වයක පසුවෙයි. අපට මෙම මුදල සොයා ගැනීම ඉතාමත් අසීරු කාර්යක් වී ඇත. එක් ඇසක් හෝ සුවකර ගැනීම සඳහා මා හට පිහිට වන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ලංකා බැංකුව (කඩවීදිය ශාඛාව) ගිණුම් අංකය 6421197 වන අතර දුරකථනය 0602900439 වේ

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]