UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නවම් පෝදා පින්කම්

කොම්පෙයාහේන

හෝමාගම, පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී නවම් පෝදා පවත්වනු ලබන ආගමික වැඩ සටහන මෙසේය.

එදින පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව කළුතර සරද හිමි, 8.15 – 9.15 ධර්ම දේශනය, මාලඹේ සීලරතන හිමි, 9.30 – 11.30 භාවනාව සහ දේශනය, ප්‍රවීන ධර්ම කථික, නිලන්ත බමුණුආරච්චි මහතා, 11.30 බුද්ධ වන්දනාව, පස්වරු, 1 – 2 පිරිත් ධර්මය දේශනා කිරීම, 3.15 – 4.15 ධර්ම දේශනය, ගිරාතලානේ සුබෝධ හිමි, 4.15 – 5.15 ධර්ම දේශනය, සියඹලාගොඩ ධම්මින්ද හිමි, 5.15 – 6.15 බෝධිපූජාව හා සිල් පවාරණය.

 

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී නවම් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7.30 සීල සමාදානය මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 – 9.30 භාවනා වැඩසටහන මෙහෙයවීම උතුරාවල ධම්මරතන හිමි, 10.30 – 11 බුද්ධ පූජාව පස්වරු 12 – 1 පිරිත් සජ්ඣායනය 1 – 2 දහම් දෙසුම මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි 2 – 3 බෞද්ධ කථාව කේ.කේ. සුගතපාල මහතා, 3.30 – 4.45 ධර්ම සාකච්ඡාව අම්බුලුගල සුමංගල හිමි, 4.45 – 5.45 දහම් දෙසුම කිහිඹියේ විජිත හිමි.

ගනේතැන්න

මාතලේ රත්තොට ගනේතැන්න ඓතිහාසික රජමහා විහාරස්ථානයේ දී නවම් පෝදා දවස පුරා පින්කම් රැසක් පැවැත්වීමට වෙරළුගස්තැන්නේ රාහුල හිමියන් කටයුතු යොදා ඇත. එදින පෙරවරු 6.30 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙන සියලුම ආගමික වැඩසටහන් දවස පුරා රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය මඟින් විකාශනය කෙරේ. රංගිරි දඹුලු රාජ මහා විහාරාධිපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමියන්ගේ උපදෙස් පරිදි එම වැඩසටහන අමාදහර දහම් මිහිර නමින් විකාශණය කෙරෙයි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් නවම් පෝදා පැවැත්වෙන වැඩසටහන මෙසේය.

එදින පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව - හිඟුරක්ගොඩ විභාවි හිමි, 8 - 9 - භාවනාව මෙහෙවීම වැලිමඩ පසන්නමානස හිමි, 9 - 10 - ධර්ම දේශනාව - පානකාවේ පේමරතන නාහිමි, 10 - 11.15 - අනුශාසනාව හා බුද්ධ පූජාව - මහඔය අනුරුද්ධ හිමි පස්වරු : 12.25 - 12.30 - විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව, 12.30 - 1 - පිරිත් හා තෙරුවන් ගුණ - මකුලේමඩ සිරිනන්ද හිමි, 1 - 2 - ධර්ම සාකච්ඡාව - තල්පාවිල කුසලඤාණ හිමි , 2- 3 - විශේෂ දේශනය - මහාචාර්ය අසංග තිලකරත්න මහතා , 3 - 4 - ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි, 4.15 - 5 - ධම්මපදය - ගබ්වෙල වජිර හිමි, 5 - 6 - ධර්ම දේශනාව - යටිරාවන ධම්මාරාම හිමි, 6 - 6.30 - බෝධි පූජාව මෙහෙයවීම - පූජ්‍ය හක්මන සුමනසිරි හිමි

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානයේ නවම් පෝදා පින්කම මෙසේය.

එදින පෙරවරු 6 - 7 සිල්සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව යටිරාවණ ධම්මාරාමහිමි, 8 - 9 - භාවනාව මෙහෙයවීම හක්මන සුමනසිරිහිමි, 9 - 10 - ධර්ම දේශනාව - කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මල්වානේ චන්දරතන හිමි, 10 - 11 - අභිධර්ම කථාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා , 11 - 11.15 - බුද්ධ පූජාව - කරතොට මධුරධම්ම හිමි

පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව, 12.30 - 1 - පිරිත් හා තෙරුවන් ගුණ - අකුරැස්සේ නන්දසිරි හිමි, 1 - 2 - ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව - වැලිමඩ පසන්නමානස හිමි, 2 - 3 - ධර්ම දේශනාව - පදලංගල ධම්මදේව හිමි, 3 - 3.45 - ධර්ම ;ද්ශනාව - වැලිගම ඤාණරතන මහ නාහිමි, 4 - 5 ධර්ම දේශනාව , මැණික්බෝවේ දීපාලෝක හිමි, 5 - 6 ධම්ම පදය හා අනුශාසනාව - පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම - හක්මන සුමනසිරි හිමි

දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය

දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතියේ දී නවම් පොදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7 ශීල සමාදානය හා බුද්ධ පූජාව මෙහෙයවීම තිස්සමහාරාමයේ චන්ද්‍රසිරි හිමි, 8 – 9 භාවනා වැඩසටහන, දේ. ආනන්ද සිල්වා මහතා, 9.15 – 10.15 ධර්මානුශාසනාව, ඉඹුරුමුරේ විමලරත්න හිමි, 10.30 – 11.30 ධර්මානුශාසනාව, කොහොලානේ වාසබන්දු හිමි, පස්වරු 12.30 – 1.30 පිරිත් සජ්ඣායනය, 2 – 3 ධර්ම කථාව, වෛද්‍ය ගාමිණී ප්‍රේමතිලක මහතා, 3.30 – 4.30 ධර්මානුශාසනාව, ශාස්ත්‍රපති අඹේවෙල ධර්මපාල හිමි, 4.30 – 5.30 ධර්මානුශාසනාව, යටිගල පඤ්ඤාසාර හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී නවම් පෝදා දවස පුරා ආගමික වතාවත් කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදුකැරේ. එදින පෙරවරු 6.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම මාරපන විජිත නා හිමි 8 – 9.45 භාවනා මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 – 11.30 දහම් දෙසුම යටිගල ඤාණසිරි හිමි. පස්වරු 1 – 3 දහම් දෙසුම රංවල විමලධම්ම හිමි, 3.15 – 4.15 දහම් දෙසුම වස්කඩුවේ මහින්ද වංස හිමි, 4.30 – 6 දහම් දෙසුම මතුගම වංගීස හිමි, 6.30 – 7.30 දහම් දෙසුම සහ බෝධි පූජාව වස්කඩුවේ සිරිවිමල හිමි, 7.30 – 8.30 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.

ඇත්තිලිගොඩ දී ලේ දන් දීමේ පින්කමක්

ගාල්ල ඇත්තිලිගොඩ “ශ්‍රී ජිනේන්ද්‍රාරාම සමඟි අන්‍යෝන්‍යාධාර සමිතියේ මේ වසරේ ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් අතර මෙම මස 24 වන දා උදේ 8.00 සිට සවස 3.30 දක්වා ලේ දන්දීමේ පින්කමක් පැවැත්වේ. සමිතියේ ප්‍රධාන අනුශාසක හිනටිගල පියනන්ද නාහිමියන්ගේ මග පෙන්වීම පරිදි සමගි අන්‍යෝන්‍යාධාර සමිතියේ සභාපති නීල් කුමාර විජේසිංහ, ලේකම් කේ.ඒ. විමලසේන මහත්වරුන් ඇතුළු නිලධාරී මණ්ඩලය හා සාමාජික පිරිස එය සංවිධානය කර තිබේ.

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ නවම් පුර පසළොස්වක් පොහෝ දින පින්කම් මාලාව මෙසේ ය.

එදින පෙරවරු 6.30 – 07.30, ශීල සමාදානය, අනුශාසනාව හා භාවනාව මෙහෙය වීම මහරගම මහින්ද හිමි, 07.30 – 8 ආහාර බුද්ධ පූජාව, 8 – 9 ධර්ම දේශනාව මැදගොඩ අභයතිස්ස හිමි, 9 – 10 ධර්ම දේශනාව රූපවාහිනී ධර්මදේශනාව, 10 – 11 ආරාධිත දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සරත් විජේසූරිය මහතා, 11-11.30 ආහාර බුද්ධ පූජාව.

පස්වරු, 12.30 – 1 පිරිත් දේශනාව හා සජ්ඣායනය, 1 – 2.30 භාවනා දේශනය, ගාමිණි පි‍්‍රයන්ත මහතා,2.30 -3 ධම්මපදය විශාරද දමයන්ති ජයසූරිය මහත්මිය, 3 – 4 ධර්ම දේශනාව දරණාගම කුසලධම්ම හිමි, 4 – 5 කතරගම කරගෙන යනු ලබන සමාජ සේවාව පිළිබඳ විමසුමක්, 5 – 5.30 බුද්ධ පූජාව හා සිල් පවාරණය මහරගම මහින්ද හිමි,


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේදී විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් නවම් පෝදා පින්කම් රැසක් සිදු කැරේ.

එදින පෙරවරු 6.00 – 6.30 සිල් සමාදන් කරවීම, හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7 – 7.30 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නා හිමි, 8.00 – 9.00 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි මෙහෙය වන භාවනා වැඩසටහන, 9.10 – 10.10 ධර්ම දේශනාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කොස්ගොඩ චන්ද්‍ර ජෝති හිමි, 10.10 – 11.00 ආහාර බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, පස්වරු, 12.30 – 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව එස්. විමලදාස උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 – 2.00 උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 2.00 – 2.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි 3.00 – 4.00 ධර්ම දේශනය කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මල්වානේ චන්දරතන හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව ඇත්කඳුරේ සුමනසාර හිමි, සවස 6.00 ට සිල් පවාරණය හා සිල් අලුත් කිරීම, 7.00- 7.30 මල්පහන් සම්බුද්ධ පූජාව ;මහෙයවීම ගැට්ටුවානේ සුමේධ හිමි, 7.30 – 8.30 රාත්‍රී ධර්ම දේශනාව ගොඩපිටියේ ඉන්ද්‍රනන්ද හිමි.

ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය

නාවින්න ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමයේ පැවැත්වෙන නවම්මස පුන්පෝදා ශීල, භාවනා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6 තිසරණ වන්දනාව, සිල් සමාදන් කරවීම, අනුශාසනය මහරගම පදුම හමි, 8.30 – 9.30 භාවනාව නුගේගොඩ පුණ්ණ හිමි, 9.30 – 10.30 ධර්ම දේශනය, දඹදෙණියේ අනෝම හිමි පස්වරු, 1 – 2 සමූහ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාව 2 – 3 ධර්මානුශාසනාව, දොඩම්ගොඩ අස්සජි නාහිමි, 3 – 4 ධර්ම දේශනාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 4 – 5 සාමුහික භාවනාව 5 – 6 සම්බුද්ධ සර්වඥ ධාතු බෝධි වන්දනා, පූජාව, සිල් පවාරණය, දිප්පිටිගොඩ සෝමනිමල හිමි.

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී නවම්පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6.05 ට සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම මලිදුව විමලවංශ නා හිමි, 9.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨාචාරිනී, චන්ද්‍රරණතුංග මාතාව, පස්වරු 12.30 පුන් පෝදා සීල සමාදාන හමුව, මාටින් ජයවර්ධන මහතා සහ ‘බුදුසරණ’ පුවත්පත බෙදාදීම පස්වරු 1 රණවිරුවන්ට සෙත් පතා ඌරුමුත්තේ සෝමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනාව පස්වරු 2 ට ධර්ම සාකච්ඡාව, වලස්ගල පඤ්ඤාසිරි හිමි, 4 ධම්ම පද දේශනාව පැළෑනේ සුවිනීත හිමි, පස්වරු 5 විශේෂ දම් දෙසුම ගම්මැදගම චන්දජෝති හිමි.

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී නවම් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6.30 සීල සමාදානය මෙහෙයවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 8.15 භාවනා වැඩ සටහන, බුද්ධියාගම ධම්මසේන හිමි, 9.15 දහම් දෙසුම 10.30 – බුද්ධ පූජාව පස්වරු 1 විශේෂ දේශනය 4.15 දහම් දෙසුම 5.15 දහම් දෙසුම 6 බුද්ධ වන්දනාව.

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නවම්පෝදා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් කිරි ආහාර පූජාව ද ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා බෞද්ධ කොඩි (150) එකසිය පනහක් පැළඳවීමේ කප්රුක් පූජාවද පැවැත්වේ.

කිරිවෙහෙර චෛත්‍ය මලුවේ භාවනා වැඩසටහන පැවැත්වෙන අතර උදේ ධර්ම දේශනාව කිරිවෙහෙර රාජමහා විහාරවාසී ගෝනදෙණියේ වනරතන හිමියන් විසින් පවත්වනු ලැබේ. මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයේ සිට මල්පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් බෝධිපූජා පින්කම පවත්වා ශ්‍රී ලංකාවට සාමය සමගිය උදාවේවාය ප්‍රාර්ථනා කරති.

පහන් දස දහසක ආලෝක පූජාව කිරිවෙහෙර චෛත්‍ය 3 වන මලුවේද සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේදී පසුදා පහන්වනතුරු පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථා බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.

යමුනා සදහම් ආරාමයේ දම් දෙසුම්

කොළඹ 06 මායා මාවතේ යමුනා සදහම් ආරාමයේ ශ්‍රී නිශ්ශංක ධර්ම මන්දිරයේ දී සෑම පුර පෝදාකම රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා පැවැත්වේ.

මෙම නවම් පෝදා රාත්‍රී දහම් දෙසුම ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමියන් විසින් පවත්වනු ලැබේ.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ නවම් පුන් පොහොය දින අලුයම 5.30 ට විශේෂ ක්‍ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.

පෙරවරු 8 – 11 දක්වා කර්මස්ථානාචාර්ය බෝගොඩ ඉන්ද්‍ර විමල හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 11.30 ට දවල් බුද්ධ පූජාවද, පැවැත්වෙන අතර පස්වරු 12.30 - 1. දක්වා ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව පැවැත්වේ. 1 – 2 දක්වා සක්මන් භාවනාවද, 2 – 2.30 කඩවත විමුක්ති දසසිල් මාතාව විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක්ද, 3 – 3.30 කුරුවිට සමාධි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද, 3.30 –4.00 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනාවක්ද, 4 – 4.30 දක්වා කටුනායක පාරමී දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද වේ.

සවස 6.30 ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.

පිංවල පෝදා පින්කම

පානදුරේ, පිංවල, පාඨලීරුක්ඛාරාමයේ දී නවම් පුර පොහෝදින පැවැත්වෙන ශීල සමාදාන මහා පින්කම සඳහා විහාරාධිපති බොල්ගොඩ සීලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසී පාසල් සිසුන් සහ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී කරවීමට විහාරස්ථ බෞද්ධ සමිතිය කටයුතු යොදා ඇත. එම පින්කමෙහි පූර්ණ දායකත්වය බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව විසින් දරනු ඇත. මෙදින රාත්‍රියේ අටවිසි ගිලන්පස බුද්ධ පූජා පින්කමක් ද පැවැත්වේ.

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]