UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

මානසික වයිරස

දාර්ශනිකයන් ලෝකය විග්‍රහ කළ බව ද, චින්තකයක් ලෝකය වෙනස් කළ බව ද, විද්‍යාඥයන් ලෝකය පාලනය කළ බව ද දේශපාලනඥයන් ලෝකය අවුල් කළ බව ද උපහාසයට කියනු ලැබේ. එහෙත්, එය විහිළුවක් ලෙස සලකා ඉවත දැමීම අපහසු කතාවකි. මන්ද යත්, අප ජීවත්වන ලෝකය සැබවින් ම අවුල් වී ඇති බැවිනි.

මේ අවුල් සහගත බව ඉබේ ඇති වූවක් නො වේ. එය මිනිසා විසින් ම නිර්මාණය කළ තත්ත්වයකි. ස්වභාවික ආපදාවන් ගෙන් ආරක්‍ෂා වීමේ වුවමනාව මත ආරම්භ වූ මානව ක්‍රියාවලිය අද වන විට ස්වභාව ධර්මයට අභියෝගයක් වී තිබේ. අප මෙහි දී සඳහන් කළ අවුලට මුල එය යි.

මේ අවුල පිළිබඳ උදාහරණ දැක්වීමට පෙර අතුරු කතාවක් වෙත පාඨකයන් ගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. අප ගේ අතුරු කතාවෙන් අවධානය යොමු කැරෙනුයේ වයිරස් පිළිබඳ ව ය.

වයිරස් යනු මිනිසුන්ට, සතුන්ට හා ශාක වලට රෝග බෝ කැරෙන ක්‍ෂුද්‍රජීවි විශේෂයකි. සෑම වයිරසයක් ම පරපෝෂිත වන බැවින් ඒවාට පෝෂණය ලැබීම, වර්ධනය වීම හා ප්‍රජනනය කළ හැක්කේ මිනිස්, සත්ත්ව හෝ ශාක සිරුරක් තුළ පමණි. ශරීරයේ සෛල තුළට වයිරසයක් ඇතුල් වූ විට එම ආක්‍රමණිකයන් පෝෂණය කිරීම හා ප්‍රජනනය කිරීම සඳහා සෛල වල සියලු සම්පත් විනාශ කැරේ.

වයිරස් ගැන කතා කිරීමට හේතු වූ කරුණු වෙත අපි දැන් හැරෙමු. ආසියාව ඔස්සේ යුරෝපය, අපි‍්‍රකාව හා මැදපෙරදිග කලාපයේ රටවල් හැට පහක් දක්වා පැතිරී ඇති කුරුලු උණ වසංගතය ගැන කතා කිරීම අප ගේ අරමුණ ය.

කුරුලු උණ වසංගතය බෝ කැරෙන ඩ්5ව්ධ් නමැති රෝග කාරකය පළමුවරට හමුවූයේ 1950 දශකයේ දී ස්කොට්ලන්තයෙනි. එම රෝග කාරකයට මිනිසුන් ගොදුරු වූ ප්‍රථම අවස්ථාව හොංකොං වලින් 1996 දී වාර්තා විය. මෑත දී මේ වසංගතය පිළිබඳ ව වාර්තා වූයේ චීනයෙන් 2003 වසරේ අග භාගයේ දී ය.

කුරුලු උණ වසංගතය පතුරුවා හැරීමට කුකුළන් හෝ කැලෑ කුරුල්ලන් දායක වී තිබේ. මෙය මහද්වීප ඔස්සේ පැතිර යෑම සංක්‍රමණික කුරුල්ලන් ගෙන් සිදු වූ බව පිළිගනු ලැබූ ව ද ඊට ඉහළ ම දායකත්වය සපයා ඇත්තේ කුකුළන් ය. මිනිසාට කුරුලු උණ වැලඳුණු අවස්ථා ගණනාවක් රටවල් දාහතරකින් වාර්තා වී ඇත. එයින් හතක් ම ආසියාවේ රටවල් වීම විශේෂත්වයකි. බංග්ලාදේශය , චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, තායිලන්තය හා වියට්නාමය යන රටවල කුකුළන් ගෙන් මෙය සීග්‍රයෙන් පැතිරිණි. කුරුලු උණ බෝ කැරෙන වයිරසය විනාශ වීම සඳහා ඉහළ උෂ්ණත්වයකින් කුකුල් මස් පිස ගත යුතුය යන්න වෛද්‍ය නිර්දේශය යි. මේ රෝගය මර්දනය කිරීම පිණිස සෑම රටක් ම ජාතික වැඩ සටහනක් හඳුන්වා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ.

කුරුලු උණ හා ලෝකයේ අවුල් සහගත බව අතර ඇති සබඳතාව කුමක් දැ යි අප පාඨකයන් තුළ කුතුහලයක් ඇති වනු ඇත.

අප අද ජීවත් වනුයේ මස් පිණිස ඇති කැරෙන ඌරන්, කුකුළන් හා හරකුන් වැනි සතුන්ට වැලඳෙන වසංගත රෝග නිසා මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට තර්ජනයක් වන යුගයක ය. සත්ත්ව මාංශ පරිභෝජනය සඳහා බුදු දහම හැර වෙනත් ආගම් වලින් යම් අනුබලයක් ඇති බව ද අමතක කළ යුතු නැත.

කෙ සේ වුව ද මෙහි දී වඩාත් වැදගත් කරුණු වන්නේ, ස්වභාව ධර්මයට එරෙහි ව යමින්, ඇතැම් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා එම සතුන් ගේ් ම ශරීර කොටස් භාවිතා කිරීම ය. පසුගිය කාලයේ එංගලන්තය ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වූ උමතු ගව වසංගතයට එ බඳු ගව ආහාර හේතු වූ බව පැවැසේ.

මේ සියලු කරුණ අනුව පෙනීයන්නේ මානව ශිෂ්ටාචාරයට හානිදායක වයිරස් වැඩෙන්නේ මිනිසා ගේ ම මනස තුළ බව ය.

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]