UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය 23 දා

පිළියන්දල ශාන්ති විහාරයේ අභිනව සම්බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණ මහෝත්සවය සහ ශාන්ති විහාරාධිපති විද්‍යාශාන්ති පරිවේණාධ්‍යක්‍ෂ වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන් වෙත අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායෙන් පිරිනමන ලද ගෞරව නාමය සහිත කොළඹ නව කෝරළයේ නව සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය නිමිත්තෙන් මෙම 22 සහ 23 යන දෙදින පින්කම් මාලාවක් ශාන්ති විහාරයේ දී සිදු කැරේ.

22 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙන අතර 23 වන දා පෙරවරු 10.30 ට අභිනව සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය රාජකීය පණ්ඩිත බළන්ගොඩ සුධම්ම වංස මහ නා හිමියන් ප්‍රධාන මහ සඟරුවනෙහි සහ දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මහතා සහ සම්භාවනීය මැති ඇමැතිවරු රැසක් ඇතුළු ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

23 වන දා දවල් 11 ට ශතාධික සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. අනතුරුව අභිනව නායක පදවිප්‍රාප්ත වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමද, විජිනිපත පිළිගැන්වීම ද ප්‍රසාද පූජා පැවැත්වීමද වැල්ලවත්තේ පඤ්ඤාසිරි හාමුදුරුවෝ ග්‍රන්ථය පිරිනැමීම ද සිදු කැරේ. 23 වන දා සවස 5 ට ආලෝක පූජාව සහිත සම්බුද්ධ ආශිර්වාද පූජාව මෙහෙයවීම කොළොන්නාවේ සිරි සුමංගල අනුනාහිමියන් විසින් සිදු කැරේ.

23 වන දා පෙරවරු 10.30 ට පැවැත්වෙන මහෝත්සවයට කිරුළපනේ සෝමානන්ද අනුනාහිමි, අඹේවෙල පඤ්ඤාසාර අනුනාහිමි කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, අහුංගල්ලේ සිරි සීල විසුද්ධි අනු නාහිමි වැලිතර අමරනන්ද නා හිමි, දික්වැල්ලේ තිස්ස නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි, කඹුරුපිටියේ නන්ද රතන නා හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි, ගලබඩ ඤාණිස්සර නා හිමි, කොස්ගොඩ සුභුති නා හිමි, අත්තුඩාවේ පියරතන නා හිමි, දිමියාවේ අමරවංශ නා හිමි, කණුමුල්දෙණියේ ධර්මාශෝක නාහිමි, දරණාගම කුසල ධම්ම හිමි, මැදගොඩ අභයතිස්ස නා හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, ගීලීමලේ චන්ද්‍රාලෝක හිමි ඇතුළු සඟරුවන ද ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පශුසම්පත් සංවර්ධන අමාත්‍ය සී.බී. රත්නායක මහතා සහ එම මහත්මිය ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සහ එම මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයලත් ජයවර්ධන, රවි කරුණානායක යන මහත්වරු ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් අබේගුණරත්න, නිරෝෂන් පාදුක්ක, හරිස්චන්ද්‍ර ද කොස්තා යන මහත්වරු සහ කැස්බෑව නගරාධිපති ලෙනාඩ් කරුණාරත්න මහතා ද සහභාගි වන ආරාධිත අමුත්තන් අතර වෙති. සීසර් සුදුසිංහ

ගාල්ල ඇත්තිලිගොඩ “ශ්‍රී ජිනේන්ද්‍රාරාම සමඟි අන්‍යෝන්‍යාධාර සමිතියේ මේ වසරේ ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් අතර මෙම මස 24 වන දා උදේ 8.00 සිට සවස 3.30 දක්වා ලේ දන්දීමේ පින්කමක් පැවැත්වේ. සමිතියේ ප්‍රධාන අනුශාසක හිනටිගල පියනන්ද නාහිමියන්ගේ මග පෙන්වීම පරිදි සමගි අන්‍යේන්‍යාධාර සමිතියේ සභාපති නීල් කුමාර විජේසිංහ, ලේකම් කේ.ඒ. විමලසේන මහත්වරුන් ඇතුළු නිලධාරී මණ්ඩලය හා සාමාජික පිරිස එය සංවිධානය කර තිබේ.

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]