UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දකුණු ඉන්දියාවේ අභිනව බෞද්ධ විහාරය මාර්තු 1 වන දා විවෘත කැරේ

දකුණු ඉන්දියාවේ අභිනව බෞද්ධ විහාරය මාර්තු 1 වන දා විවෘත කැරේ. දකුණු ඉන්දියාවේ අභිනවයෙන් ඉදිවන විහාරස්ථාන තුනෙහි ජාතික කමිටුවේ ලේකම් බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 09 බේස්ලයින් පාරේ ශ්‍රී නාග විහාරයේ දී පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙසේ පැවසූහ. මෙරටට බුදුදහම ලැබීම අප ලද මහඟු දායාදයකි. ඒ අනුව ලොවට අපෙන් දිය හැකි ප්‍රධාන දායාදය බුදු දහමයි. භාරතයේ දී අනගාරික ධර්මපාලතුමා නැවත බොදු පුබුදුවට කටයුතු කළා. තමිල්නාඩුවේ කෝටි සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් නව විහාරස්ථාන අවශ්‍යයි. දකුණු ඉන්දියාවට බුදුදහම අවශ්‍ය යුගයකි. තිරුතන්නි විහාරස්ථානය ස්ථාපිත කිරීමට දකුණු ඉන්දියාවේ ප්‍රභූන්ගෙන් සහාය ලැබී තිබෙනවා. කතරගම දේවාලයේ අනුරුවක් තැනීමට ද කටයුතු යොදා තිබෙන බව ද සෝභිත හිමියෝ පැවැසූහ. දකුණු ඉන්දියාවේ අභිනව විහාරස්ථාන තුනක් ඉදිකිරීමේ ජාතික කමිටුවේ සභාපති ලෙස මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහ නා හිමියෝ කටයුතු කරති. එහි සංවිධායක මණ්ඩලය ලෙස කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දෙපානම සුගතබන්ධු හිමි ගලබඩ ඤාණිස්සර නා හිමි, කිරම විමලජෝති හිමි සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කටයුතු කරති. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, දෙපානම සුගතබන්ධු හිමියන් ඇතුළු සඟරුවන ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන, මහින්ද ගලප්පත්ති යන මහත්වරු සහ හින්දු භක්තික දානපතීන් දෙනකු ද සහභාගි වූහ.

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]